Random Posts

3/random/post-list

Wednesday 12 May 2021

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට


කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට 
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ධර්මකිරිති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා පොලිස් අත් අඩන්ගුවේදී  සිදුකල මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි හුවමාරුවකදී මියගොස් ඇත .පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ බස්නාහිර පළාත් උතුර  කොට්ටාශයේ නිලධාරීන්ගේ අත්  අඩංගුවේ සිටියදී අද අලුයම මීරිගම රේන්දපොල ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සදහා රැගෙනගොස් ඇති බවයි .එම අව්සතාවේදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී මෙමෙ වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිස් මාද්‍ය ප්‍රකාශක වරයා පැවසීය .34 හැවරිදි සැකකරු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ .එම සිදුවීමේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්ද තුවාල ලබා ඔහුව  වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය