Random Posts

3/random/post-list

Monday 30 November 2020

බීමතින් නාගයෙකුට හාදුදෙන්න උත්සහ කළ පුද්ගලයාට නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට


 

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්‍රියේ බීමතින් සිටි පුද්ගලයෙකු නයෙකු අල්ලා ගෙන එම නයා සමඟ විවිධ ක්‍රියාකාරම් කිරීමට ගිය පුද්ගලයෙකුට එම නයා දෂ්ඨ කිරීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ මියගිය පුද්ගලයා බීමතින් සිටි අවස්ථාවක ගෙවත්තට නයෙකු පැමිණ ඇති අතර, අදාළ පුද්ගලයා නයා අල්ලා නයාට හාදුදීමට හා තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකිරීමට ගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා නයා අල්ලා විවිධ ක්‍රියාකාරකම් සිදුකොට අනතුරුව නයා කැළැවට විසිකොට නිදා ගැනීමට ගොස් ඇති අතර, අදාළ අවස්ථාවේ ශරීරයේ වේදනාවක් හටගැනීමෙන් අනතුරුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් පවසාසිටින්නේ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (30) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නයා දෂ්ඨ කිරීමෙන් ඇතිවූ නයි විෂ හේතුවෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වි ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ නයෙකු අල්ලා විසි කිරීමට ගිය අවස්ථාවක පුද්ගලයෙකුට නයෙකු දෂ්ඨ කිරීමෙන් වයස අවුරුදු 50 පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

නයා අල්ලා විසි කිරීමට ගිය අවස්ථාවේ නයා අදාළ පුද්ගලයාට පහරදි ඇති අතර, නයා ඇල්ලු පුද්ගලයා නයා අල්ලා විසිකොට නිවසේ නිදා ගැනීමට ගිය අවස්ථාවේ ඇති වු රෝගී තත්වයක් මත පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වි ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සමිතා මුදුන්කොටුව පවුලේ ඔබ නුදුටු අලුත් චායාරූප 30ක්

 

ලංකාවේ ඉතා ජනප්‍රිය සහ දක්ෂ ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව ගායිකාව විවිධ හේතූන් නිසා මේ දින වල වැඩි කථා බහට ලක්වන චරිතයක් ලෙසට පත්වී ඇත. පසුගිය සතිය ඇයගේ බාල දරුවාගේ උපන්දින සාදය පැවති අතර එහිදි සමිතාගේ තරුණ පෙම්වතා සමග ලබා ගත් චායාරූප සැමගේ කථා බහට ලක්වූහ. අද අප ඔබට පෙන්වන්නේ ඉතා මෑතකදී අන්තර්ජාලයට එක් කරන ලද සමිතාගේ පවුලේ අය සහ ඇයගේ පෙම්වතා සමග ගන්නා ලද චායාරූප 30ක එකතුවකි.
































ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් මහර බන්ධනාගාරය තුළට ඇතුල්වූ බව එම කොමිසමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් තහවුරු කළා.


 ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් මහර බන්ධනාගාරය තුළට ඇතුල්වූ බව එම කොමිසමේ ජ්යේෂ්ඨ නිලධාරියෙක් තහවුරු කළා.

අද (30) උදෑසන අදාළ ස්ථානයට ගිය කොමිසමේ කොමසාරිස් රමණි මුත්තෙට්ටුවේගම ඇතුළු පිරිසට බන්ධනාගාර පරිශ්රයට ඇතුළු වී තිබුණේ ඇතිවූ තත්වය පිළිබඳව විමසීමට යි. එහිදී රැඳවියන්ගෙන් තමන්ට කිසිඳු ගැටලුවක් ඇති නොවූ බවත්, එහෙත් බන්ධනාගාරය තුළ සියලු ස්ථානවලට යෑමට කොමිසමේ නිලධාරීන්ට යාමට නොහැකි වූ බවත් පැවසෙනවා. ඒ තත්වය මුළුමනින්ම පාලනය කර නොතිබූ නිසා බවයි ඉහත නිලධරිවරයා පවසන්නේ. බන්ධනාගාරය තුළට ඇතුල් වීමෙන් පසු කොමිසමේ නිලධාරීන් පැමිණ සිටින බවත්, තත්ත්වය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙසත් කොමසාරිස්වරිය ශබ්ද විකාශන යන්ත්ර ආධාරයෙන් රැඳවියන්ගෙන් ඉල්ලා තිබෙනවා.

LPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!


 පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය නිසා දිවයිනේ හැම බන්ධනාගාරයක් වගේම නොසන්සුන් වෙලා. ඒකට සාධාරණ හේතු තියෙනවා. අපේ හැම බන්ධනාගාරයක් ම මීමැසි පොකුරු වගේ ඇහිරිලා. සාඩින් අහුරනවා වගේ තමයි සිරකරුවන් රඳවාගෙන හිටින්නේ. ඉතිං බන්ධනාගාර ගතකරලා ඉන්න සැකකරුවන් වගේම වරදකරුවනුත් මේ මොහොතේ බිය වීම සාධාරණයි.

ඒ එක සිරකරුවෙක් හෝ සැකකරුවෙක් හරහා බන්ධනාගාරය අස්සට කොවිඩ් මාරයා ආවොත් ගැලවීමක් නැහැ කියලා, මේ රැඳවියන් දන්නවා. මේ නව සාමාන්‍ය තත්ත්වය අස්සේ සිරකරුවන් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඒ උද්ඝෝෂණ සහ ඉල්ලීම් මුලින්ම සිරකුටියෙන් එළියට ඇවිත් සමාජයට පෙනෙන්න ගත්තේ අඟුණකොළපැලැස්සේ රැඳවියන් සිරගෙදර වහලය මතට නැඟලා කරපු උද්ඝෝෂණය හරහා.

මේ විදිහට පසුගිය 23 වැනිදා හවස අඟුණකොළපැලැස්සේ සිර ගෙදර “ඒ” මැදිරියේ වහලය උඩට රැඳවියන් 10 දෙනෙකුත්, “සී” මැදිරියේ වහලය උඩට රැඳවියන් 5 දෙනෙකුත් නැඟලා තමයි මේ උද්ඝෝෂණය පටන් ගන්නේ. සිව්වස් සමාලෝචන‍ය ක්‍රියාත්මක කිරීම, අභියාචනා ඉක්මනින් විභාගයට ගැනීම, ඇප ලබා දීම වගේ තමයි ඔවුන්ගේ ඉල්ලීම් වුණේ. කොහොම වුණත් අඟුණකොළපැලැස්සේ මේ නැඟිටීමේ ආස්වාදය අනෙකුත් සිරගෙවල්වලට ද ඉක්මනින් පැතිර ගියා.

ඒ පැතිරීමට විශාලම හේතුව තමයි බන්ධනාගාරය අස්සට කොවිඩ් උග්‍ර විදිහට පැමිණීම. මේ සමග මහර බන්ධනාගරය, දුම්බර, වැලිකඩ, මීගමුව බන්ධනාගාර අස්සේ සිරකරුවන් සහ රැඳවියන් තුළ නොසන්සුන්තාවයන් පැතිරෙන්නට වුණා. ඒ නොසන්සුන්තාවය මුලින්ම පුපුරලා ගියේ මහර බන්ධනාගාරයේ කියලා කිව්වොත් ඒක තමයි හරි. වැලිකඩ බන්ධනාගාරයෙත් මේවනවිට රැඳවියන් ආහාර වර්ජනයක සහ වහලය මතට නැඟලා උද්ඝෝෂණයක නිරතව සිටිනවා.

මහර වෙඩි තැබීම

රැඳවියන් කියන ලෙස මහර බන්ධනාගාරය කියලා කියන්නේ දිගටම කෑම ප්‍රශ්න උග්‍රව තිබුණ තැනක්. දෙන දේවල් බල්ලෙකුටවත් කන්න බැහැ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම පහුගිය සතියකට වැඩි කාලයක ඉදලා මහර බන්ධනාගාරයේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය සෑහෙන්න ඉහළයි. රැඳවියන්ගේ එක ඉල්ලීමක් තමයි වැඩිපුර පීසීආර් කරන්න කියන දේ.

ඒ වගේම කොවිඩ් ආසාධිතයන් වෙනත් තැන් වලට මාරු කරන්න කියන දේ. ඒත් බන්ධනාගාර පාලනාධිකාරියෙන් මේ ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරු ලැබෙන්නේ නැහැ. තත්ත්වය එහෙම තිබෙන කොට තමයි මහර රැඳවියන් 183 දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙලා කියලා අනාවරණය වෙන්නේ. මේ නව තත්ත්වය එක්ක රැඳවියන් මීමැසි පොකුරට ඇවිස්සෙනවා.

සාඩින් ගානට රැඳවියන් 3000කට වැඩිව රඳවලා ඉන්න මහර බන්ධනාගාරය අස්සේ කොවිඩ් මේ විදිහට පැතිරෙන්න උනාම එහි රඳවලා ඉන්න රැඳවියන් බියට පත්වීම තේරුම් ගැනීම අමාරු වෙන්න බැහැ. ඒ බිය තමයි පසුගිය 29 වෙනිදා වෙනකොට ප්‍රචණ්ඩ විදිහට පුපුරලා යන්නේ. ආණ්ඩුව පාර්ශවය කියන්නේ රැඳවියන් බන්ධනාගාර නිළධාරීන් ප්‍රාන ඇපයට තියාගෙන උද්ඝෝෂණය කළා කියලා. ඒ වගේම ප්‍රධාන දහරාවේ මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කරන්නේ “බන්ධනාගාර කැරැල්ලක්” කියලා.

මේ කියවෙන විදිහට සිරකරුවන් කැරැල්ලක් ගහලා තියෙනවා. බන්ධානාගාර ආරක්ෂකයින් ඒ කැරැල්ල ව්‍යාර්ථ කරන්න වෙඩි තියලා තිබෙනවා. කොහොම වුණත් මේ ලිපිය ලියන 30 වෙනිදා උදේ 9.30 වෙනකොට නිළ වශයෙන් වාර්තාවෙන මරණ ගාන 6ක්. 37කට වැඩි පිරිසක් තුවාල ලබලා රාගම රෝහලට ඇතුල් කරලා තිබෙනවා. ඒත් මහරින් එන ආරංචි කියන්නේ මරණ ගාන මීට වඩා වැඩි වෙන්න පුලුවන් කියලා.

තවමත් වෙඩි හඬ

මාධ්‍ය වාර්තා කරන විදිහට නොවැම්බර් 30 වෙනිදා උදේ 8.30 වෙනකොටත් බන්ධනාගාරය අස්සෙන් වෙඩි සද්ද ඇහෙනවා. 30 වෙනිදා උදේ වෙනකොට මහර බන්ධනාගාරයේ රඳවලා සිටින රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය ඉස්සරහාට එනවා. ඒ තමන්ගේ ආදරණීයන්ගේ ආරක්ෂාවට. වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවුණ වෙඩි තැබීම ගැන දන්න ඔවුන්ට, තමන්ගේ මිනිසුන් ගැන බය හිතෙන්න ඇති!.

කොහොම වුණත් මේ ලිපිය ලියන මොහොත වනවිට බන්ධනාගාරය අවට රැස්වුණ රැඳවියන්ගේ ඥාතීන් ඒ ස්ථානයෙන් ඉවත් කරන්නට පොලිස් විශේෂ කාර්‍ය බලකාය කටයුතු කරමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම වාර්තාවෙන විදිහට මේ වෙනකොට 50ක් පමණ රැඳවියන් ප්‍රමානයක් බන්ධනාගාරයෙන් පැන ගිහිං. බන්ධනාගරය ඇතුලත ස්ථාන කිහිපයක් ගිනි අරගෙන විනාශ වෙලා තිබෙනවා.

මේ සියලු දේවල්වලට බන්ධනාගාර පලනාධිකාරිය වඟකියන්න ඕනෑ කියලා තමයි සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ සුරේෂ් නන්දිමාල් මේ ලියුම්කරු සමග කතා කරමින් ප්‍රකාශ කළේ. ඔහු කියන විදිහට මහර බන්ධනාගාර පාලකයින් සිරකරුවන්ට සලකපු අමානුෂික ස්භාවය තමයි මෙයට හේතුව. ඊළඟට, ව්‍යාප්ත වෙන කොවිඩ් තත්ත්වය එක්ක සිරකරුවන්ගේ අදහස්වලට සහ ඉල්ලීම්වලට බන්ධනාගාර පාලකයින් ඇහුන්කන් නොදීම.

කොහොම වුණත් වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය මතකයට නඟමින් තවමත් මහර බන්ධනාගාරය උණුසුම්. මේ තත්ත්වය සමනය වනවිට තවත් පුද්ගලයන් කී දෙනෙක් ඝාතනයට ලක්වී තිබෙන්න පුලුවන්ද? LPL ක්‍රිකට් වසන්තය ඇතුලේ සිරකරුවන්ද මනුස්සයන් බව අමතක වන්නට පුලුවන් ය.

– කේ. සංජීව


මහනුවර ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි


 කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනිප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් කරන විටදි ම මියගොස් සිටි පුද්ගලයාට Covid -19 ආසාධනය වි ඇති බව PCR පරීක්ෂණ මගින් අද (30) තහවුරු වු ඇති බව පොලිසිය පවසයි.

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටීම හේතුවෙන් වෛද්‍යවරු PCR පරීක්ෂණයකට මළ සිරුර යොමුකර ඇති අතර එම වාර්තාවට අනුව එම පුද්ගලයාට Covid -19 ආසාදනය වී තිබෙන බව අනාවරණය වී තිබෙන බව අරුණ වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වන දින ගොස් තිබෙන අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 දින පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබෙන බව පොලීසිය පවසයි.

මරණයට පත්වූ 49 හැවිරිදි පුද්ගලයා ගලහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බවත් මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වන බවත් මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු ළඟම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

LPL තරගාවලියේදී ක්‍රීඩකයෙකුව දූෂිත ක්‍රියාවලට පොළඹවා ගැනීමේ උත්සහයක්


 හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් ඉකුත් 26වැනිදා ඇරඹු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී ක්‍රීඩකයෙකුව දූෂිත ක්‍රියාවලට පොළඹවා ගැනීමට උත්සහ කිරීමේ චෝදනාව මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අරඹා තිබෙනවා.

සැක සහිත ක්‍රියාවක් සම්බන්ධයෙන් වාර්තා වීමෙන් අනතුරුව කණ්ඩායමෙන් ඉවත්කළ මෙම ක්‍රීඩකයා 2012 සිට 2016 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු යවන ක්‍රීඩකයෙක්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වීමෙන් පසු විවිධ T 20 ලීග් තරගාවලියට සහභාගී වී තිබේ.

ඔහු දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති නමුත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් දඬුවමින් බේරී ඇති බව ක්‍රිකට් බලධාරීහු පැවසූහ.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු රත්නායක ක්‍රීඩකයාව මෙලෙස පොළඹවා ගැනීමට උත්සහා දර ඇති අතර රත්නායක වමතින් ඕතඩොක්ස් දඟ පන්දු යවන්නා සහ දකුණතින් පිට දඟපන්දු යන දෙයාකාරයෙන්ම පන්දු යවන ක්‍රීඩකයෙක් වන අතර දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයා මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති හෙයින් තරිඳු රත්නායක ඔහු පිළිබඳව දැන සිට ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දූෂිත ක්‍රියාවන්ට පෙළඹවූ වට්ස්ඇප් (Whatsapp) පණිවිඩයක් ලැබීමෙන් පසු රත්නායක විසින් මේ පිළිබඳව අදාළ අංශ වෙත වාර්තා කර තිබුණි. මෙවර LPL තරඟාවලියේදී රත්නායක Colombo Kings නියෝජනය කරයි.

තරඟාවලිය ආරම්භයට ආසන්නයේදී මෙවැනි දෙයක් සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු කණගාටුවට පත්ව සිටින අතර ක්‍රීඩකයින් ක්‍රීඩාවේ දූෂණ බැරෑරුම් ලෙස සැලකීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ඔවුන් සඳහන් කරයි.

“ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් අන්තරායන් පිළිබඳව අපගේ තරුණ ක්‍රීඩකයින් දැනුවත් කිරීම සඳහා අපි බොහෝ කාලයක්, ශක්තියක් සහ මුදල් ප්‍රමාණයක් වැය කර ඇති අතර සිද්ධිය වාර්තා වීම ගැන අපි සතුටු වෙමු” යැයි ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.

Colombo Kings කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ ප්‍රශංසාවට ලක්විය. “Colombo Kings කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ සිය සියලුම ක්‍රීඩකයින් රැස්වීමක් සඳහා කැඳවා ඇති බවත්, තරඟ පාවාදීම් සම්බන්ධයෙන් සිදුවිය හැකි කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වන ලෙස ඔවුන්ට අනතුරු අඟවා තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු සිය සතුට පළකර ඇත.

දූෂණය සම්බන්ධයෙන් තහනම් කරන ලද ඉන්දීය ක්‍රීඩකයෙකුට මැතිව්ස් නායකත්වය දරන Colombo Kings කණ්ඩායමට ලබා ගැනීම සඳහා යාමේදී මැතිව්ස් එයට දැඩි ලෙස විරුද්ධ වූ බව එම නිලධාරියා පැවසීය.

LPL ඉකුත් නොවැම්බර් 26 වනදා හම්බන්තොට ආරම්භ වූ අතර , මෙම තරඟාවලිය යථාර්ථයක් බවට පත්කිරීමේදී සංවිධායකයින්ට මුහුණ දීමට සිදු වූ අවසාන දුෂ්කරතාව මෙයයි.තරඟාවලිය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සංවිධායකයින් කෙටි කාලයක් තුළ Covid-19 වසංගතය හමුවේ කටයුතු කරන ලදී.

තරඟාවලියට විදේශ ක්‍රීඩකයින් ගෙන්වීම, ඔවුන් නිරෝධායනය කිරීම , නැවත පුහුණව ආරම්භ කිරීම සහ තරඟාවලිය සදහා සහභාගී වන සියලුම කාර්ය මණ්ඩල සේවකයින් සෞඛ්යාරක්ෂිතව ස්ථානගත කිරීමට සෞඛ්‍ය බලධ්රින්ගේ උපදෙස් පරිදි ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබීය.

The Island‘ පුවත්පත ඇසුරින්

හැප්පුවේ යාලුවා,බැනුම් ඇහුවෙ මම – SSP දියණිය සින්ඩි කියයි


 ඇය නමින් සින්ඩි වික‍්‍රමනායකයි. වයස අවුරුදු 21ක තරුණියකි. පදිංචිය කොළඹ ප‍්‍රදේශයේය. දැනට ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටී. ඒ කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයකයි.

සින්ඩි ගැන අපට මෙහෙම කතා කරන්න සිදුවූවේ එක් රැයකින් ඇය මෙරට ජනප‍්‍රිය තරුවක් වූ නිසාය. ඇය එලෙස ජනප‍්‍රිය වූයේ රියලිටි වැඩසටහනකින්, ටෙලි නාට්‍යයක හෝ චිත‍්‍රපටයක රඟපාමින් නොවේ. රිය අනතුරක් සම්බන්ධයෙනි.

ඔබත් පුදුමයට පත් වනවා ඇති. ඒ රිය අනතුරක් නිසා එක් රැයකින් මෙලෙස ජනප‍්‍රිය වන්නේ කෙසේද කියා. ඒ දැනට සති දෙකකට පමණ ඉහතදී කුරුඳුවත්ත නෙළුම් මාවත අසලදී සිදු වූ රිය අනතුර නිසාවෙනි.

එම රිය අනතුර සම්බන්ධයෙන් රටම කතා කරන්න පටන් ගත්තේ එය සිදු කළේ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් නිසාය.

සමාජ වෙබ් අඩවි ජාලා සහ බොහෝ මාධ්‍ය ඔස්සේ එම අනතුර සම්බන්ධයෙන් විශාල ප‍්‍රචාරයක් ලබා දුන්නේය. ඒ අතර එම අනතුර සිදුකළැයි කියන තරුණියකගේ පින්තූරයක්ද සමාජ වෙබ් අඩවි ජාලා සහ විවිධ මාධ්‍ය ඔස්සේ සංචරණය විණි.

එහෙත් ඇත්තටම සිදුවූයේ වැරැද්දකි. එලෙස විවිධ සමාජ වෙබ් අඩවි ජාලා සහ මාධ්‍යයන් ඔස්සේ ප‍්‍රචාරය වූයේ වෙනත් තරුණියකගේ පින්තූරයකි. එනම් සින්ඩි වික‍්‍රමනායකගේ පින්තුරයයි.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එම තරුණියගේ පින්තූරය භාවිතා කර නොයෙක් ආකාරයේ උසුලූ විසුලූ සහ මඩ ගැසීම් කර තිබුණි. ඒවා දුටු ඇයට කරන්නේ කුමක් ද කියා එක් වරම සිතා ගැනීමට නොහැකි වූවාය. ඇය අන්ත අසරණ වූයේ නොකළ වරදක් තමන්ගේ පිට පටවමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ දුවක් යැයි කියමින් තමන්ට කරන එම නිග‍්‍රහයන් පිළිබඳවයි.

අවසානයේ ඇය සමාජයට ඇත්ත පහදා දිය යුතු යැයි තීරණය කළාය. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සින්ඩි වික‍්‍රමනායක තරුණිය ‘ඉරිදා දිවයින’ සංග‍්‍රහය සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු ලිපියකි පහතින් පෙළ ගැසෙන්නේ.

”සින්ඩි වික‍්‍රමනායක ඔයා එක රැයකින් රටේ ජනප‍්‍රිය තරුණියක් බවට පත්වුණා නේද?”

”රට පුරා ජනප‍්‍රිය තරුණියක් නම් වුණා. ඒත් බලන්න මට ඒකෙන් සිදුවුණ අපරාධය.”

”මොන වගේ අපරාධයක්ද ඔයාට සිදු වුණේ.”

”බලන්න මිනිස්සු මට කොච්චර බැන්න ද අපහාස කළා ද?. ඒ නොකළ වරදකට. ඇත්තටම මම ගියේ මගේ යාළුවට උදව් කරන්න විතරයි. ඒක හරියාකාරව නොදැක්ක පිරිසක් සමාජ වෙබ් අඩවි ජාලා විශේෂයෙන්ම ේජැඉදදන ආදී මාධ්‍ය ඔස්සේ වැරදි ප‍්‍රචාරයන් කරලා තිබුණා. ඒ නිකං නොවේ මගේ පින්තූරත් සමගයි. මම ඉහළ පොලිස් නිලධාරියකුගේ දුවක් සහ එම අනතුර සිදු කළේ මමයි කියා මට නිකං බොරු චෝදනා එල්ල කරලා තිබුණා.”

”ඒක එහෙම නොවෙයි නම් ඔබ කියන ඇත්ත මොකක්ද?”

”එම රිය අනතුර සිදුවූයේ මගේ හොඳම යෙහෙළියක් අතින්. එම අනතුර සිදු වූ දිනයේ ඇය සහ තවත් මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු සමග අපි කලකට පසු මුණගැසුණා. අපි සුහදව කෝපි බොමින් ආ ගිය තොරතුරු කතා කරමින් සිටියා.”

”පැය ගානක් එලෙස රැඳී සිටිමින් අපි වෙන් වී යළි නිවෙස් වෙත යන්න තීරණය කළා. ඒ අනුව මමයි තවත් යෙහෙළියන් දෙදෙනකු එක් මෝටර් රථයකට ගොඩ වුණා. අපට ඉදිරියෙන් ජීප් රථයේ අනතුර සිදුකළ මගේ යෙහෙළිය සහ තවත් මිතුරකු ගියා. ඉදිරියෙන් ගමන් කළේ ඔවුන්ගේ ජීප් රථයයි.”

”සාමාන්‍ය වේගයකින් ගිය ජීප් රථය කුරුඳුවත්ත ප‍්‍රදේශයට ධාවනය වෙමින් තිබුණා. එය එක්වරම නෙළුම් පොකුණ මාවත අසල පිහිටි නන්දා මෝටර්ස් ගොඩනැගිල්ල දෙසට ඇදී ගියා. මම එය හොඳින්ම දුටුවා. ඒ එක්කම මට පැහැදිලිව පෙනුණා එය අනතුරක් බව. මට එකපාරටම මොනවත් හිතාගන්න බැරි වුණා. ඒ සමගම අපි ගිය මෝටර් රථය ද නතර කළා.”

”එලෙස නතර කළ ගමන් මම එම මෝටර් රථයෙන් බැස අනතුරට ලක්වූ ජීප් රථය දෙසට දිව්වා. ඒ මගේ හොඳම යෙහෙළියට අනතුරක් සිදුවී ඇද්දැයි බැලීමටයි. එහෙත් වාසනාවකට මෙන් ඇයට කිසිදු අනතුරක් සිදුවී නොතිබුණි.”

”එදා රිය අනතුර දවසේ සිදුවූ ඇත්ත සිද්ධිය එයයි. එහෙත් එතන සිටි යම් අයෙක් මාගේ පින්තූරයක් රැගෙන විවිධ සමාජ මාධ්‍යවලට ලබාදී වැරදි ප‍්‍රචාරයක් සිදුකර තිබුණා. එම රිය අනතුර සිදු කළේ මම කියා. බලන්න ඒක කොච්චර වැරදි දෙයක්ද. ඉන් පස්සෙ විවිධ සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ මගේ චරිතය ඝාතනය කරන්න පටන් ගත්තා. බලන්න ඒක කොච්චර වැරදි දෙයක්ද. යාළුවකුට උදව් කරන්න ගිහිල්ලා අන්තිමට මට වෙච්ච දෙයක්.”

”ඒක ඇත්ත අපි ඔබගේ කතාව පිළිගන්නවා. ඒත් ඔබ එතන හැසිරෙන ආකාරය වැරදියි. ඔබ සම්පූර්ණයෙන්ම නිරෝධායන නීති උල්ලංඝනය කර තිබුණා. අඩුම තරමේ ඔබ මුඛ ආවරණයක්වත් පැළඳ සිටියේ නැහැ.”

”ඇත්ත මම ඒක පිළිගන්නවා. ඒත් බලන්න එම සිදුවීම දිහා. ඒක හරිම සංවේදී සිද්ධියක් යාළුවෙක් මගේ ඉදිරිපිටම අනතුරකට ලක්වෙනවා. එතකොට මට නිරෝධායන නීති මතක් වෙනවද. මට එකපාරටම මතක් වුණේ මගේ යහළුවා විතරයි. මම දුවලා ගිහිල්ලා බැලූවේ ඇයට මොකද්ද සිදු වුණේ කියලා. ඒ වෙලාවේ මට මුඛ ආවරණ මතක් වුණේ නැහැ.”

”බලන්න ඉතින් ඒ වෙලාවේ මම සාධාරණ නැද්ද? මට වටින්නේ මගේ යාළුවව. ඒකයි මම කලබලේ අන් කිසි දෙයක් ගැන හිතන් නැතුව ඇයව බලන්න ගියේ. එහෙත් ටික වෙලාකින් මම මුඛ ආවරණ පැළඳ ගත්තා.”

”සින්ඩි වික‍්‍රමනායක එම සිදුවීම අපට පැවසුවේ එලෙසින්ය. අවසාන වශයෙන් අප ඇයගෙන් විමසුවේ තවත් යමක් කියන්නට ඇද්ද කියාය.”

”ඔව් කියන්න තියෙනවා. මා ගැන අසත්‍ය ප‍්‍රචාරය සිදු කළ අයට මම කියන්නේ කවදාවත් හොයන්නේ බලන්නේ නැතුව මේ වගේ දේවල් ආයෙ කිසිදිනක සිදු කරන්න එපා කියලා. මොකද එයින් සිදුවන හානිය සුළුපටු නොවේ.

Sunday 29 November 2020

මහර ගිනිගද්දී බෝගම්බරින් 4ක් පනින්න හදයි - අහසට වෙඩි


 මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්යස්ථානයෙන් යළිත් පැන යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබෙනවා.

බන්ධනාගාරයේ කුටියක රඳවා සිටි රැදවියන් සිවු දෙනකු එහි දොර කඩාගෙන පිටතට පැමිණ ඇති අවස්ථාවේ මෙලෙස අහසට වෙඩි තබා ඇත. ඊයේ අලූයම එකට පමණ බන්ධනාගාරයේ එළිමහන් කොටසට පැමිණි මෙම රැදවියන් දිවයෑමට හෝ තාප්පයෙන් පැන යෑමට උත්සාහ කරනු ඇතැයි යන සැකය මත බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් පාලනය කරගෙන ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් 08 දෙනෙකු ජිවිතක්ෂයට : 50 කට තුවාල - රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ


 මහර බන්ධනාගාරයේ ඊයේ දිනයේදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්ය අමාත්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර සිටියා. පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්රීවරුන් නැගු ප්රශ්න වලට පිළිතුරු දෙමින්ය.

මත්ද්රව්ය ජාවාරම්කරුවන් ඉලක්ක කරගෙන සිදුකළ මෙහෙයුම් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් වැඩිවීම නිසා මෙරට බන්ධනාගාර තුල රැඳවියන් 32,000 කට ආසන්න පිරිසක් සිටීමෙන් දැඩි තදබදයක් ඇතිවී තිබෙන බව ඇය කියා සිටි අතර බන්ධනාගාරය තුල කොවිඩ් ව්යාප්තිය පාලනය කිරීමට සෞඛ්ය අමාත්යාංශයේ සහ අනෙක් රාජ්ය ආයතනවල සහයෝගයෙන් ක්රියා පටිපාටියක් ගෙන යන බව ඇය කියා සිටියේ.
මහර බන්ධනාගාරයේ සිටින රැඳවියන් පළා යාමට උත්සහ දැරූ බවත් එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් 08 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව ද රාජ්ය අමාත්යවරිය සඳහන් කර සිටියේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලේක්ම්වරියගෙන් ප්රධානත්වයෙන් පරීක්ෂණයක් සිදුකරනවා සේම ස්වාධින පරීක්ෂණයක් සිදුකිරීමට ද කටයුතු යොදන බව කියා සිටියා.
ඊයේ දිනයේදී මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්රශ්න කෙරුණා. අනුර කුමාර දිසානායක මන්ත්රීවරයා ප්රශ්න කරමින් සිටියේ බන්ධනාගාර ගතව සිටින රැඳවියන් ගේ ආරක්ෂාව භාරව පවතින්නේ රජය මත බවයි.
මහර බන්ධනාගාරය ඇතුළු දිවයිනේ බන්ධනාගාර තුල යම් නොසන්සුන්තාවයක් ඇතිවූ බවට රහසක් නොවන බවයි. අවම ඉඩකඩ පහසුකම් තිබීම හේතුවත් බන්ධනාගාර තුල කොවිඩ් ආසාදිතයින් දහසකට අධික පිරිසක් පැවතීම හේතුවෙන් මෙම නොසන්තාවය ඇතිවී තිබෙන බව අදහස් පළකර සිටියා.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස ද අදහස් පළකරමින් කියා සිටියේ කොවිඩ් පොකුරක් ඇතිවීම නිසා මහර බන්ධනාගාරයේ ඇතිවීම මිට හේතුව වූ බවත් 183 දෙනෙකු එම බන්ධනාගාරයෙන් මතුවීමත් සමග එහි සිටින සෙසු රැඳවියන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර කටයුතු පිලිබඳ රාජ්ය අමාත්යවරිය වන වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ ගෙන් විමසා සිටියා.
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට අමාත්යාංශයේ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටිය අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධින කමිටුවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියා.
මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර සිටියේ බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් 800 දෙනෙකු රැගෙන ආ බවත් ඉන් 150 දෙනෙකුට කොවිඩ් ආසාදනය වූ බවයි. ඒ අසල පිහිටි මහනුවර ශික්ෂණ රෝහලේ 40 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බවත් මහයියාව ප්රදේශයේ වෙසෙන නගර සභාවේ සේවකයින් කිහිප දෙනෙකුට ද වෛර්සයා ආසාදනය වී ඇති බවයි.
මිට මාස දෙකකට පමණ ඉහත දී කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා නොවූ මහනුවර නගරය බෝගම්බර බන්ධනාගාරය ආශ්රිතව දැන් කොවිඩ් ව්යාප්තිය හේතුවෙන් දැඩි අනතුරකට මුහුණ පා සිටින බවට කියා සිටියා.

මිනි පෙට්ටි ලබාදීමට මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත්ව සිටියි.


 ‘‘Shihara Janaza Foundaton’’ නමැති මෙම ස්වේච්ඡා සංවිධානය විසින් කොවිඩ් වයිරසය වැලඳී මිය යන ඕනෑම ජාතියකට හෝ ආගමකට සම්බන්ධ අඩු අදායම්ලාභී අය හට නොමිලේ මිනී පෙට්ටි ලබා දෙන බව එම සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් පැවසීය.

මිනී පෙට්ටි ලබාදීම ප්රදේශයේ මහජන සෞඛ්ය පරීක්ෂකවරයාගේ නිර්දේශය මත කොළඹ දිස්ත්රික්කයේ අඩු අදායම්ලාභී පවුල් වෙත බෙදාදීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. මෙම මිනී පෙට්ටියක වෙළඳ පොළේ සාමාන්ය වටිනාකම රුපියල් 35,000 ක් පමණ වෙයි.

සෙවිලි තහඩු නඩුවේ චෝදනාවලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 4 දෙනා නිදොස් කොට නිදහස්


 සෙවිලි තහඩු නඩුවේ චෝදනාවලින් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 4 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

“මහර බන්ධනාගාර ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්.” ඇමති විමල් වීරවංශ


 


මහර බන්ධනාගාර ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටිය දී, වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනයට ලක් වූ බවත්, එතුමා දැන් ජනාධිපතිව සිටියදී නැවතත් රැුදවියන් ඝාතනයට ලක්වන බවත් ලෝකයට පෙන්නුම් කිරීමේ උවමනාව මත මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ලෙස මතුව ඇති බව අමාත්‍යවරයා යෝජනා කරයි.

කිසියම් කණ්ඩායමක්, ලේ කෝපකරවන පෙත්තක් රැදවියන් අතර බෙදා හැර ඇති බවත්, මහර රැදවියන් ප‍්‍රචණ්ඩ වී ඇත්තේ එම පෙත්ත භාවිතා කිරීමෙන් ලේ කෝප වී බවත්, මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බවත් අමාත්‍යවරයා කරුණු සහිතව පැහැදිලි කර සිටියේ ය.

මහර බන්ධනාගාර ගැටුමේ මළකඳන් උඩින් පහත් දේශපාලන ගමනක් යන චම්පික


 ඊයේ දිනයේ මහර බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ඇති වුණා. මෙම තත්වය හේතුවෙන් රැඳවියන් 6 දෙනකු මරණයට පත්වූ අතර 27 දෙනකුට තුවාල සිදු වුණා . එම බන්ධනාගාරයේ සිරකරුවන් විසින් ම මෙම උණුසුම්කාරී තත්වය නිර්මාණය කර තිබුණා.

මෙම සිදුවීමෙන් පටු දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ආණ්ඩුවට විරුද්ධ ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ අරමුණින් මේ වන විට පාටලී චම්පික මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මෙම සිද්ධිය විවේචනය කරමින් ආණ්ඩුවට මඩ ගැසීම සඳහා තම සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන් ට මෙම සිද්ධියෙන් උපරිම වාසි ලබා ගැනීමට උපදෙස් ලබා ලබා දී ඇති බවත් වාර්තා වෙනවා .

මෙම කලහාකාරී තත්ත්වය ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමක් හෝ වෙනත් කිසිදු පාර්ශවයක මැදිහත් වීමකින් තොරව නිර්මාණය වූවක්. එවැනි අවස්ථාවක ආණ්ඩුව මෙලෙස විවේචනය කරමින් මෙවැනි සිද්ධීන් උලුප්පා දක්වමින් ජනතාවට වගකියන උගත් හා බුද්ධිමත් යැයි කියන දේශපාලඥයන් මේ අයුරින් හැසිරීම ඉතාමත්ම කණගාටුදායකයි.

බන්ධනාගාරයේ මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළට


 මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ 47 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර සිටි අතර එයින් එක් රැදවියෙකු මෙලෙස මියගිය බවයි උතුරු කොළඹ රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් ඊයේ (29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබුණා.

මිනිස්සු රිමාන්ඩ් කරන්ඩ හෝ ඇප දෙන්න බලපෑම් කරන අණ්ඩුවක් අද රටේ නෑ – ඇමති ජොන්ස්ටන්


 තම රජය බලයට පත්වී වසරක් ගත වුවද යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට තවමත් සාධාරණයක් ඉටුව නැතැයි මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ යහපාලන රජය බොරු චෝදනා නගමින් සිරගත කළ සියළු දෙනාට සාධාරණය ඉටුවිය යුතු බවයි.

මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කදාන රිලවුල්ල මාර්ගය ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (29) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ,

නිත්‍යානුකුලව අධිකරණයෙන් ලලිත් වීරතුංග මහතාව නිදහස් කරපුවාම විපක්ෂය ඇගිල්ල දිගු කරන්නේ ආණ්ඩුවට. පිල්ලෙයාන්ට නීත්‍යානුකූලව ඇප දුන්නා කියලා. විපක්ෂය ඇගිල්ල දිගු කරන්නේ ආණ්ඩුවට පිල්ලෙයාන්ට ඇප දුන්නේ උසාවිය යහපාලන කාලේ සමහර විනිශ්චයකරුවන්ට බලපෑම් කලේ කොහොමද කියලා අපි දන්නවා. තුට්ටු දෙකේ දේශපාලනඥයෙක් වන අල්පොන්සෝ රන්ජන් රාමනායකට මේ රටේ විනිශ්ච කාරවරුන්ට හා සෘජුව කථා කිරීමේ අයිතිය යහපාලනය ලබා දීලා තිබුනා. රන්ජන් කීපාරක් ශානිට කථා කරලා තියෙනවාද. බැසිල් ඇමතිතුමාව, මාව, නාමල්ව රිමාන්ඩ් කරන්න බලපෑම් කලා. ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට මඩ ගැසිමේ කොන්ත්‍රාත්තුව භාර දී තියෙන්නේ රන්ජන් රාමනායක වැනි තුට්ටු දෙකේ මන්ත්‍රීවරුන්ට.

අපේ ආණ්ඩුව කිසිසේත් නීතියට අත වනන්නේ නැහැ. මිනිස්සු රිමාන්ඩ් කරන්ඩ හෝ ඇප දෙන්න බලපෑම් කරන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ අණ්ඩුවක් අද රට තුල නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම ආරක්ෂා කරනවා. නීතියට ස්වාධීනව කටයුතු කරන්න අපි ඉඩදිලා තියෙනවා. ඒක විපක්ෂය අපේ දුර්වලකම් විදිහට සලකන බව පේනවා. එකෙන් ප්‍රයෝජන ගන්න හැදුවා. යහපාලන කාලේ කී දෙනෙක් හිරේ දැම්මද. පැමිණිලි හදලා, සාක්ෂි හදලා අපිව හිරේ දැම්මේ. ශානිලා වගේ පොලීසිය අප කීර්තියට පත් කරපු නිලධාරියෙක් තමයි ශානි. අද විපක්ෂය ශානි වෙනුවෙන් හඩා වැටෙන තරමින්ම තෙරෙනවා. ශානි කොයිතරම් හොදට යහපාලන අවශ්‍යතාවය ඉටු කලාද කියලා. එදා යහපාලනය බොරු චෝදනා කරමින් නඩු හදමින් හිරේ දැමු සියලු දෙනාට සාධාරණය ඉටු විය යුතුයි. අපි ඇවිල්ලා අවුරුද්දක් ගත වෙලත් අපිට යහපාලන කළ දේශපාලන පලිගැනීම් වලට තවමත් සාධාරණය ඉටු වී නෑ. ඒක තමයි තිත්ත ඇත්ත අපිට විරුද්ධව දාපු නඩු තවමත් අධිකරණයේ විභාග වෙනවා. අපි ඒවා මග හරින්නේ නැතිව ඒවාට මුහුණ දෙමින් ඉන්නවා.

මහර බන්ධනාගාරයේ කැරැල්ලක් - මියගිය ගණන 6ට නගී : ඇතැම් රැඳවියන් නිලධාරීන්ව සිය ග්‍රහණයට නතු කර ගන්න උත්සහ දරලා


 

මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 06 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 35 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. තුවාල ලැබු රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් රෝහල් ගත කර ඇති බවයි ඔහු වැඩිදුරත් සඳහන් කර සිටියේ.

මහර බන්ධනාගාරයේ සිටින රිමාන්ඩ් සිරකරුවන් විසින් පළමුව බන්ධනාගාරය තුල නොසන්සුන්තාවයක් ඇති කොට තිබෙන අතර පසුව එය කැරැල්ලක් දක්වා වර්ධනය වී තිබෙනවා. බන්ධනාගාරය තුල සිටි රැඳවියන් එහි සිටි නිලධාරීන් සිය ග්‍රහණයට නතු කර ගැනීමට තැත් කිරීමක් සහ තවත් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට සිය අවම බලය යොදා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

බන්ධනාගාරය තුල සිටින රැඳවියන් විසින් ලේඛණාගාරය සහ මුළුතැන්ගෙය ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ගිනි තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ. 

බන්ධනාගාරයේ ඇතිවූ තත්ත්වය යම් තාක් දුරට පාලනය කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේ.


මහර බන්ධනාගාරයේ දර්ශන-රැදවියන් හතරදෙනෙකු ජීවිතක්ශයට 24කට තුවාල දෑනුත් වෙඩි හඩවල්

 මහර බන්ධනාගාරයේ දර්ශන-රැදවියන් හතරදෙනෙකු ජීවිතක්ශයට 24කට තුවාල දෑනුත් වෙඩි හඩවල්


Saturday 28 November 2020

ශ්‍රී ලාංකීය අභිමානයේන් කොරෝනා මාදවීට කවුරුත් නොදන්න තිත්ත ඇත්ත


 ශ්‍රී ලාංකීය අභිමානයේන් කොරෝනා මාදවීට

කවුරුත් නොදන්න තිත්ත ඇත්ත 

කොරෝනා කියන්නෙ කවුරුත් බිය විය යුතු රෝගයක් වත් අපරාධයක් වත් නොවෙන බව ලිපිකරු පලමුව සටහන් කරනවා.

කෙසේ නමුත් නිරෝදායන නීතිවලට පටහැනිව මාධ්‍ය ආයතනයකට පැමිනීම ගැන කලා පවුලකට ලොකු චෝදනාවක් මේ වනවිටත් ඇවිත්. ඒ අන් කිසිවෙකුට නොවෙයි ඇන්තනී පවුලේ සාමාජිකයින්ටයි.

ඔවුන් ගේ දියනියක් වන කලා ශිල්පිනී වත්සලා මාධවී පසුගිය දිනක ස්වර්ණා-වාහිනී ආයතනයට වැඩසටහනක් සදහා ගොස් ඇති අතර එකී ආයතනයේදී ඇයට කොවිඩ් ආසදනය වූවාද යන්න පිලිබදව සොයා බැලීමට සිදු වී ඇත්තේ එදිනම ස්වර්ණා - වාහිනී සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බැවිනි.

කෙසේ නමුත් තක්කඩි ස්වර්ණාවාහිනි පාලකයින් විසින් එකී සේවකයින් සේවයෙන් ඉවත් කරමින් ඔවුන්වද අපහසු තාවයට පත් කර ඇති අතර ඒ බව ඔවුන් සමාජයට නොකියන්නේ කොවිඩ් ආසාදියින් බව සමාජ ගත වීමේ බිය නිසාවෙනි.

කෙසේ නමුත් ශ්‍රීලාංකික අභිමානය ගැන උජාරුවට කියවන මෙවැනි ආයතනයක් විසින් මෙවන් තක්කඩි පිලිවෙතක් අනුගමනය කිරීමත් අසාදිත මාධවී කලාකරුවන් ද අසාදනය ගැන දැන හෝ නොදැන තව මාධ්‍යා ආයතන කිහිපයකට ගොස් ඇති බවත් ඒ හරහා එකී ආයතනද දැඩි අසීරු තාවයකට පත් ව ඇති බවට වාර්තාවෙයි.

මෙකී සැඟවුන සත්‍ය වසන් කරමින් සමාජ ජාල වල ව්‍යාජ තොරතුරු හුවමාරු කරමින් තමන් ගෙ ශ්‍රීලාංකීය අභිමානය රැක ගන්නා අලගුත්තේරු තක්කඩින් පිරිස ගැන සමාජය අවදානයෙන් සහ අවදානමෛන් කටයුතු කල යුතු අතර ඒ සම්බන්දයෙන් තව දුරටත් තොරතුරු  අප විසින් ලබාදෙන්නට බලාපොරොත්තු වෙමු

කොළඹ පාලනය ගිලිහිලා – රටපුරා අනු පොකුරු – PHI වරු පවසති


 කොළඹ නගරයේ සහ විශේෂයෙන් වරාය ආශ්‍රිතව කොරෝනා පැතිරිම තමන්ගේ පාලනයෙන් ගිලිහි ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩි දුරටත් පැවසුයේ කොළඹ නගරයේ පාලනයෙන් තොර කොරෝනා පැතිරීම නිසා රට පුරා අනු පොකුරු ඇති වෙමින් පවතින බවයි.

මේ අතර අද (28) දිනයේ මේවන විට හඳුනාගෙන ඇති කොරෝනා රෝගින් සංඛ්‍යාව 487ක් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවස

ෆිච් රේටින් පහත හෙලීම පිළිගන්නේ නැහැ – මුදල් අමාත්‍යාංශය


 

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ණය ෆිච් රේටින් වර්ගීකරණයට අනුව “CCC” දක්වා පහත හෙලීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

“රටේ ආර්ථික ස්ථායිතාව සහතික කිරීම හා ගැටලු විසඳීම සඳහා නව රජයේ ශක්තිමත් ප්‍රතිපත්ති රාමුව හඳුනා ගැනීමට අපොහොසත්වන බැවින් මෙම පහත හෙලීම පිළිනොගන්නා බව අදාල නිවේදනයේ සදහන් වේ.

ණය මුදල් සම්බන්ධව 2021 රජයේ අයවැයේ ප්‍රධාන යෝජනා කිහිපයක් ෆිච් රේටින් විසින් නොසලකා හැර ඇති බව ද මෙහි වැඩිදුරටත් දැක්වේ.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ ෆිච් ශ්‍රේණිගත කිරීම් “පවත්නා මූල්‍ය ආකෘතිය” මත පදනම් වී ඇති අතර එය රජයේ ඉදිරි මූල්‍ය ආකෘතියට වඩා පසුගාමී ප්‍රවේශයක් බවයි.

“එවැනි ක්‍රියාමාර්ග මගින් හුදෙක් ෆිච් ශ්‍රේණිගත කිරීම්වල අගතිගාමී ප්‍රවේශයක් පෙන්නුම් කරන බව ද මෙමගින් දැක්වේ.

ඉදිරි කාල පරිච්ඡේදය තුළ රජය ආරම්භ කිරීමට කැපවී සිටින විකල්ප උපාය මාර්ග පිළිබඳව නිසි සැලකිල්ලක් නොදක්වා ඇති බව මෙහි සදහන් වේ .

ඊයේ, ෆිච් රේටින් ආයතනව (B-)බී සෘණ තත්ත්වයේ සිට ‘CCC’ දක්වා ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල පහත දමා තිබුණේ ණය අවදානමක් ඇති බව විග්‍රහ කරමිනි.

අවවාදයයි..KN 95 මාස්ක් දාන අයගෙන් පරෙස්සම් වෙන්න.

 

ඉස්සර මාක්ස් ගැන වැඩියෙන් කතා කළේ සම සමාජකාරයන් හෝ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන රතු කමිස කාරයන්ය. එහෙත් දැන් මුළු ලංකාවම කතා කරන්නේ මාස්ක් ගැනය. මාක්ස් වෙනුවට මාස්ක් කරළියට ආවේ කොරෝනාවත් සමගය. මාක්ස් ගැන කතා කළ සම සමාජකාරයන්ම පමණක් නොව මුළු රටුන් සියලු දෙනාට දැන් මාස්ක් අනිවාර්ය අංගයක් වී තිබේ.

අද වන විට සුපිරි වෙළඳසලේ, සිල්ලර බඩු කඩේ, තොග කඩේ සහ පාරේ තොටේ බුලත් විට කඩේ දකින්නට ලැබෙන අලුත්ම වෙළෙඳ භාණ්ඩය වන්නේ මාස්ක්ය. මේවා විවිධ වූ මිල ගණන්වලට විවිධ වූ ආකාරයෙන් මිලදී ගැනීමට තිබෙන්නේය. ඒ අතර ශල්‍ය මුහුණු ආවරණ, N 95 මුහුණු ආවරණ, රෙදි මුහුණු ආවරණ ලෙස නානා ප්‍රකාරයේ මාස්ක් ඇත්තේය. මාස්ක් පැලඳීම නිරෝධායන රෙගුලාසි අනුව දැන් අනිවාර්ය කර තිබේ.

මුහුණු ආවරණ නොමැතිව ගමන් කළ පුද්ගලයන් පන්සීය විසිහතක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ පසුගිය ඔක්තෝබර් තිස් වැනිදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලට අනුවයි. දැන් දැන් මාස්ක් පලඳින්නේ කොරෝනාවෙන් බේරෙන්න පමණක් නොවේ.

වෙනදා වත්ත පිටිය තණකොළ මැෂිමෙන් කපන විට ගල් පස් විසිවේයැයි සිතා මුහුණ ආවරණය කිරීමට රෙදි කෑල්ලක් බැන්දෝය. අද ඒ රෙදි කෑල්ල වෙනුවට යොදා ගන්නේ ‘මාස්ක්’ ය. ගෙදර දොර පිරිසුදු කරන විටත් මකුළු දැල් කඩන විටත් අද දුහුවිලි මුහුණට නොවැදීමට පාවිච්චි කරන්නේ ‘මාස්ක්’ එකකි. ඒ වගේම අප හඳුනන අයෙකුගේ මවක් පසුගියදා කරවල තෙලෙන් බැද තිබුණේද මුහුණු ආවරණ යොදා ගෙනය. ඒ පිළිබඳව ඔහු මවගෙන් ඇසු විට ඇය පවසා තිබුණේ ‘කරවල බදිනකොට දුම එනවා. එතකොට කොහෙවත් නැති කැස්සකුත් එනවා. ඒ නිසා ‘මාස්ක්’ එක දාගෙන බැද්දා.’ කියාය.

ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා හමු වූ පෙබරවාරි මාසයේදීවත්, පළමු කොවිඩ් රැල්ල හැමූ මාර්තු මාසයෙදීවත් අපට මුහුණු ආවරණ අත්‍යවශ්‍ය මොහොතක් වනතුරු භාවිත නොකරන්නැයි වෛද්‍යවරු ඉල්ලීමක් කළෝය. එහෙත් අද දෙවැනි රැල්ලේ ආරම්භයත් සමග මුහුණු ආවරණ යනු අත්‍යවශ්‍ය අංගයක් වී ඇත්තේය. ඒ සමග තවත් ප්‍රශ්නයක් උද්ගත වූවේය. වෙනදා පාර පුරා විසිකර තිබුණේ ප්ලාස්ටික්, හිස් වතුර බෝතල්ය. දැන් මාස්ක්ය. පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කර තිබුණේ දිනකට මුහුණු ආවරණ මිලියන හයක් පරිසරයට එකතුවන බවයි. මේ මුහුණු ආවරණ අතර ශල්‍ය මුහුණු ආවරණ මිලියන පහක් සහ KN 95 කාණ්ඩයේ මුහුණු ආවරණ මිලියනයක් තිබුණි. කෙසේවෙතත් මේ ආකාරයට පරිසරයට මුදා හරින මුහුණු ආවරණ නිසා විශාල පරිසර හානියක් අත ළඟ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කළමනාකාර ටර්නි ප්‍රදීප් කුමාර කීවේය.

මෙලෙස පරිසරයට බැහැර කරන මුහුණු ආවරණ. අන්තිමේ දී ගොඩගසන්නේ මුහුදු වෙරළටය.

‘‘මේ විදිහට පාරේ, කානුවල තැන තැන දාලා තියන මුහුණු ආවරණ නිසා ජලජ ජීවීන් වගේම පක්ෂීනුත් විශාල අපහසුතාවකට පත්වෙනවා. පක්ෂීන් මුහුදේ මාළුවෙක් අල්ල ගන්න ගියාම මුලින්ම උන්ගේ හොටේ පැටලෙන්නේ මේ විදිහට මිනිස්සු විසිකරලා තියන මුහුණු ආවරණයි. අනික මුහුදු ශාක, මුහුද දෙපැත්තේ තියෙන ගස් මේ නිසා විශාල හානියකට ලක්වෙනවා.’’

මේ දිනවල පවතින අධික වැසි සහිත තත්ත්වය නිසා කානුවලට විසිකරන මුහුණු ආවරණ ගංගා ඇළදොළවලට මිශ්‍ර වෙලා ඒ හරහා ජලයට ‘කොවිඩ් 19’ වයිරසය මුසුවීමේ අවදානමක් තිබෙන බවත් පරිසර අමාත්‍යවරයා පවසා තිබිණි.

ඉක්වදෝරයේ ගංගාවක ජල සාම්පල සියයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබූ අතර එම ජාල සාම්පල සියල්ලේම ‘කොවිඩ් 19’ වයිරසය තිබූ බවට තහවුරු විය. මිනිසුන් මේ ආකාරයට බැහැර කරන මුහුණු ආවරණ නිසා තල්මසුන්, සීල් මත්සයින් වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සමුද්‍ර ක්ෂීරපායින්ට ‘කොවිඩ් -19’ වයිරසය ආසාදනය විය හැකි බව කැනඩාවේ මහජන පර්‌යේෂණ විශ්වවිද්‍යාලයක් වන ඩල්හවුසි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසක් විසින් සොයා ගෙන තිබිණි.නමුත්, තවමත් ලංකාවේ එවැනි තත්ත්වයක් පිළිබඳව තොරතුරු අනාවරණය නොවූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කළමනාකාර ටර්නි ප්‍රදීප් කුමාර කීවේය.

මේ අතර වැඩිම ජනගහනයක් වෙසෙන කොළඹ නගරයටද අද සිදුව ඇත්තේ ‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ‘ සිදුවීමකට මුහුණ දීමටය. එනම්, එක් අතකින් කොරෝනා අවදානමත් තවත් අතකින් කොළඹ ජනයාගේ කුසගිනි නිවීමටත් අමතරව තවත් හෙනහුරෙකු පසුගියදා නොසිතු මොහොතක කොළඹ නගර සභාවට කඩා පත්වුණි. මේ අලුත්ම හෙනහුරා වන්නේ ගංවතුර අවදානමයි. මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව නිසා කොළඹ නගරේ ඇති කානු පද්ධතිය සහ මලාපවහන පද්ධතිය දැඩිසේ අවහිර වී තිබිණි. මෙම අවහිරයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ මුහුණු ආවරණ බව කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනි දිසානායක කීවාය.

අපේම ආරක්ෂාවට භාවිත කරන මුහුණු ආවරණ අද අපේ නගරයේ ආරක්ෂාවටම තර්ජනයක් වී ඇති බවත් මේවා එකතු කරන නගර සභා සේවකයන්ද එමනිසා දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් ඇය කීවාය.

මුහුණු ආවරණ නිසා පවිත්‍රතා සේවකයන්ට කොවිඩ් 19 වයිරසය වැලඳුනොත් මුළු කොළඹම ඉවරයි. කොළඹ අතුගාන්නේ ඔවුන්ය. ගෙවල්වලින් කුණු ඉවත් කරන්නේ ඔවුන්ය. හදිසියේවත් ඔවුන් නිරෝධායනය කරන්නට සිදු වුවහොත් කොළඹ නගරවැසියන්ට සිද්ධ වන්නේ ගඳ ගසමින් සිටීමටය.

රේගුව කියන විදියට ලංකාවට ශල්‍ය මුහුණු ආවරණ පමණක් (HS 630790) ටොන් හාරසිය අනු එකක් ආනයනය කර තිබේ. මේවා ගෙන්වා ඇත්තේ 2020 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා ඇති කාල පරාසය තුළයි. ඒත් 2019 වසරේදී මෙරටට ශල්‍ය මුහුණු ආවරණ ගෙන්වා ඇත්තේ ටොන් තිස් දෙකක් පමණි. එමෙන්ම, ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේදී පමණක් ශල්‍ය මුහුණු ආවරණ දාහතර කෝටි හතලිස් පන්ලක්ෂය ඉක්මවා අලෙවි වී ඇත. මෙය 2019 වසරේ ගෙනා මුහුණු ආවරණ අනූපන් ලක්ෂයට වඩා පහළොස් ගුණයක වැඩිවීමකි. මුහුණු ආවරණ ආනයනය කරන දේශීය ආනයනකරුවෝ පන්සීය හතළිහක් පමණ සිටිති. ඔවුහු චීනය, වියට්නාමය, ඉන්දියාව, හොංකොං, බංග්ලාදේශය, සිංගප්පුරුව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, ස්විට්සර්ලන්තය සහ තායිවානය යන රටවලින්ද මුහුණු ආවරණ ආනයනය කරති.

නමුත්, මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආනයනය කරනු ලබන සියලුම වර්ගයේ මුහුණු ආවරණ ගෙන්වීමට තිබූ බලපත්‍ර තවකාලිකව තහනම් කර තිබේ.
මේ ආකාරයට මුහුණු ආවරණ ගෙන්වීම තහනම් කර ඇත්තේ රට තුළම ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට ව්‍යාපාරිකයන් පෙලඹවීමටය. ලංකාවට දිනකට මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ අවශ්‍යව ඇත්තේය. ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශල්‍ය මුහුණු ආවරණවලට අමතරව KN 95 වර්ගයේ මුහුණු ආවරණ ද රට තුළ නිෂ්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. ඒත් තවමත් මුහුණු ආවරණවලට නිසි ප්‍රමිතියක් ඇත්තේ නැත. පාලන මිලකට යටත්ව මිලදී ගැනීමට තරම් මුහුණු ආවරණ ද නැත්තේය. කොළඹින් රුපියල් පනහට ගත් ශල්‍ය මුහුණු ආවරණය ගාල්ලට යන විට රුපියල් අසුවක් ද වන්නේය. එළවළු කඩේද, මාළු කඩේද, තොග කඩේද, පාරේ ලොතරැයි කුඩුවේද, පේමන්ට් එකේද මෙලෙස එකීමෙකී නොකී සෑම තැනකම මුහුණු ආවරණ අලෙවි කරති. සමහරු පාරේ බිම එලාගෙනත්, තවත් සමහරු කඩේ මුල්ලක තියාගෙනත් මේවා අලෙවි කරති. එබැවින් මේවාට ඇති ප්‍රමිතිය පිළිබඳව අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සිද්ධිකා සේනාරත්නගෙන් විමසුවෙමු.

‘‘අපි මේ මුහුණු ආවරණවල ප්‍රමිතිය ගැන බොහෝ අවස්ථාවල කතා කරලා තියනවා. ඒත් මුහුණු ආවරණවලට නිසි ප්‍රමිතිය මොකක්ද කියලා තවමත් අනිවාර්ය කරලා නැහැ. ඒත් අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හැටියට එස්.එල්.එස්. සහතිකය ලබා දීලා තියෙන්නේ තවමත් ශ්‍රී ලංකික ආයතන දෙකකට විතරයි. ඒ එකක් රාජ්‍ය ආයතනයක්, අනිත් එක පෞද්ගලික ආයතනයක්. මේවටත් අපි සහතිකය දුන්නේ දහ පාරකටත් වඩා මේ දේවල් ගැන හොඳට හොයලා බලලයි. අනික අපිට ආපු ගොඩක් දේශීය නිෂ්පාදකයන්ගේ මුහුණු ආවරණ නිසි ප්‍රමිතියට තිබ්බේ නැහැ. ඒ නිසා බොහෝදෙනෙක්ගේ මුහුණු ආවරණ අපිට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ”
අපි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ කියන හැටියට තවමත් මුහුණු ආවරණ සඳහා පාලන මිලක් නැත. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවත් නව පාලන මිල බොහෝදුරට ලබන සතිය ඇතුළත පැමිණීමට ඉඩකඩ ඇති බවත් ඔහු කිවේය.

‘‘අපි දැනට ලංකාවේ නිෂ්පාදකයෝ විසි දෙනෙක්ට ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදනය කරන්න අවසර දීලා තියනවා. ඒ වගේම KN 95 වර්ගයේ මුහුණු ආවරණ නිෂ්පාදනය කරන්න නිෂ්පාදකයෝ දෙදෙනෙක්ටත් අවසර ලබාදීලත් තිබුණා. ඒත් තවමත් අපි මුහුණු ආවරණ සඳහා පාලන මිලක් ලබා දීමට කටයුතු කරමින් යන්නේ. ඒකට වර්තමානයේදී තාක්ෂණික සහ සැකසුම් ගැටලු කිහිපයක් තියනවා. ඒවා නිරාකරණය කරගෙන අපි ඉදිරි කාලයේදී මිනිසුන්ට දැරිය හැකි මුදලකට මුහුණු ආවරණ ලබා ගන්න පුළුවන් වෙළඳපොළක් නිර්මාණය කරනවා.”

කෙසේ නමුදු මැති ඇමැතිවරුන්ගේ සිට කාර්යාල සේවකයන් දක්වා බොහෝ පිරිසකගේ තේරීම වී ඇත්තේ KN 95 වර්ගයේ මාස්ක්ය. එය පැලඳ සිටියොත් තමන්ට කොරෝනා නොවැලඳෙතැයි ඔවුහු සිතති.

එහෙත් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය මධුමනි අබේවර්ධන කියන්නේ සමාජයේදී KN 95, N 95 වැනි මුහුණු ආවරණයන් භාවිත නොකරන ලෙසය. එම ආවරණ අවශ්‍ය වන්නේ රෝගී සත්කාරයේ යෙදෙන විට පමණක් බව ඇය පැහැදිලි කළාය.

‘‘මුහුණු ආවරණයක් කියන්නේ අපෙන් වයිරසය පිටතට නොයන්නත් අපිට වයිරසය ආසාදනය නොවීමටත් භාවිත කරන ආරක්ෂිත උපාංගයක්. මේ උපාංගය නළලෙයි, බෙල්ලෙයි, ඔළුවෙයි සහ අතෙයි නැතුව නාසය සහ මුව හොඳින් වැසෙන සේ පලඳින්න ඕනේ. ඒ වගේම ශල්‍ය මුහුණු ආවරණ පැලඳිය යුත්තේ දවසක් පමණයි. එය නැවත නැවතත් හෝදලා පලඳින එක අනුමත කරන්නෙ නැහැ. අපි ශල්‍ය මුහුණු ආවරණයක් පැලඳිය යුතු කාලය පැය පහක් හෝ හයක් අතර කාලයකදී පමණයි. අනික මුහුණු ආවරණයක් තවකාලිකව ඉවත් කරනකොට මුහුණු ආවරණයේ ඇතුළු පැත්ත පිටතට විවර වන ලෙස දෙකට නවා කඩදාසිවලින් නිර්මාණය කර ඇති බෑගයක දමා අවශ්‍ය වූ විට පැලඳිය හැකියි. නමුත්, සම්පුර්ණයෙන් ඉවත් කරන කොට මූඩිය සහිත කසළ බඳුනකට දැමිය යුතුයි. ඒක අපිට වගේම අන් අයගේ සෞඛ්‍යයටත් ඉතාමත් හොඳ ආරක්ෂිත ක්‍රමවේදයක්.

‘‘දැන් ගොඩක් කට්ටිය විලාසිතාවකට වගේ රවුම් පෙරණය තියන KN 95 කියන මුහුණු ආවරණ පලඳින්න උත්සහ කරනවා. ඒ මුහුණු ආවරණවලින් අපිට ආරක්ෂාවක් සැලසුණාට අපෙන් අනෙක් අයට වෙන්නේ හොඳක් නම් නෙවෙයි. අපෙන් පිටවෙන වාතයෙන් සියුම් ක්ෂුද්‍ර ජීව අංශු පිටත වාතයට එකතු වෙන්න පුළුවන්. එතකොට අපිට වයිරසය ආසාදනය වෙලා තිබුණොත් අනෙක් අයට ඔබ මුහුණු ආවරණ පැලඳි සිටියත් බෝ වෙන්න පුළුවන්. අපි කියන්න ඕනේ කොයි වේලාවක හරි එහෙම මාස්ක් එකක් දාගෙන කෙනෙක් හිටියොත් ඔහු ගාවටවත් යන්න එපා. මොකද ඔහුට කොවිඩ් වයිරසය තිබුණොත් ඒ පෙරණය තුළින් ක්ෂුද්‍ර ජීවි අංශු පිටතට ඇවිල්ලා ඔබටත් වයිරසය ආසාදනය වෙන්න පුළුවන්.

ඒ විතරක් නොව අද වනවිට අලුත් මුහුණු ආවරණයක් ලංකාව කලඹවමින් සිටින්නේය. එහි නාමය ලෙස බොහෝදෙනෙක් පවසන්නේ N 95 මෙඩිකල්‘ මාස්ක් කියාය. මෙය රුපියල් හත්සිය පනහක් පමණ මුදලකට මිලදී ගැනීමට ඇති බවත් වාර්තාවේ. නමුත්, මේ පිළිබඳව වෛද්‍ය මධුමනි අබේවර්ධන කීවේ, මෙම මුහුණු ආවරණ ලෝකයේම ඇත්තේ සීමිත ප්‍රමාණයක් බවයි. ඒවාද භාවිත කරන්නේ වසංගත රෝගයකට ගොදුරු වූ අයෙක්ව ශල්‍යකර්මයකට ලක් කිරීමේදී හෝ විශේෂ අවස්ථාවල, ඔහුගෙන් පිටවන වායු අංශුවල ඇති විෂබීජ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇතුළු නොවීමටයි. මෙම මුහුණු ආවරණය නාසය සහ මුව සම්පුර්ණයෙන්ම ආවරණය වන වෛද්‍ය මුහුණු ආවරණයකි.

නමුත්, සාමාන්‍ය ජනතාව මේ කියන්නා වූ .මෙඩිකල් මාස්ක් හෝ KN 95 හෝ N 95 යන මුහුණු ආවරණ බාහිර සමාජයේදී පැලඳීමට අවශ්‍ය නොවන බව ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය මධුමනි අබේවර්ධන කීවාය. මේ අවස්ථාවේදී කොවිඩ් 19‘ වයිරසය ආසාදනය නොවී සිටීමට නම් කළ යුත්තේ ශල්‍ය මුහුණු ආවරණ භාවිත කිරීම මෙන්ම අනිවාර්යයෙන්ම නිතර දෑත් පිරිසුදු කිරීම හා සමාජ දුරස්ථභාවයයි.

හර්ෂණී දිසානායක ( ARUNA )