Random Posts

3/random/post-list

Monday 16 August 2021

මංතීරු 4 කින් සමන්විත සමුද්‍රීය මාර්ගයේ (Marine drive) ඉදිකිරිම් කටයුතු අවසන් අදියරේ…


කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩා සුදුසු විකල්පය ලෙස හදුනා ගත් සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකක් වන කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මාර්ග කොටසත් වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ග කොටසෙත් ඉදිකිරිම් කටයුතු අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමත්‍යවරයා මෙම අදහස් පල කලේ සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් වල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරිම සදහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින (2021-08-16) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ව්‍යාපෘතිභාර අධ්‍යක්ෂවරයා ඇතුලු ඉංජිනේරුවරුන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මංතීරූ 4ක් සහිත කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මීටර් 600ක මාර්ග කොටස සදහා රුපියල් මිලියන 220ක් වැය කර ඇති අතර මංතීරූ 4ක් සහිත වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ කිලෝමීටර් 1.2ක මාර්ග කොටස සදහා රුපියල් මිලියන 420ක් වැය කර ඇත.

මෙම සම්පූර්ණ සමුද්‍රීය මාර්ගය ස්ටුවට් පෙදෙස අසල සිට කොල්ලුපිටිය, බම්බලපිටිය, ගල්කිස්ස හරහා දෙහිවල දක්වා කිලෝ මීටර් 7.8කින් යුක්ත වේ. මෙම මාර්ගය දෙපස NDB බැංකුවේ අනුග්‍රහය මත මූදිල්ලා පැල රෝපනය කර ඇත. එමෙන්ම මාර්ගයේ දෙපස පදික වේදිකා ඉදිකිරිම, මාර්ග සංඥා පුවරු ඉදිකිරිම, ජලාපවහන පද්ධතිය සකස් කිරිම, වාහන නැවැත්වීමේ පහසුකම්, වීදිලාම්පු ප්‍රතිස්ථාපනය කිරීම යනාදී යටිතල පහසුකම් සංවර්ධනය කර ඇත.

ජායාරූප වලින් දැක්වෙන්නේ සමුද්‍රීය මාර්ගයේ වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වාත්, කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා සංවර්ධනය වූ මාර්ග කොටස ගුවනට දිස්වන අයුරුය.


 

Monday 12 July 2021

කොළඹින් පිට යනවනම් එයාලා එක දවසට මට ලක්ෂ 4 ක් දෙන්නම් කිව්වා!!දිවිතුරා එකේ වින්ඩි


 කොළඹින් පිට යනවනම් එයාලා එක දවසට මට ලක්ෂ 4 ක් දෙන්නම් කිව්වා!!දිවිතුරා එකේ වින්ඩි 

වින්ඩිගේ අම්මයි තාත්තයි දෙන්නම අනුරාධපුරයේ ඉඳලා තකහනියක්ම කොළඹ ආවේ වින්ඩිගේ වෙඩින් එක ගැන කතා කරගන්න.මේ දේවල් පිලිවෙලකට වෙන්න ඕන නිසා අගස්තිව හමුවෙලා කතා කරගන්න එක තමයි ඒ දෙන්නගේ හිතේ තිබ්බේ.


ඒත් අගස්ති ගෙදර නෑ කියලා කොහොම නම් කියන්නද..ඒ නිසා වින්ඩි ඒකටත් පොඩි වැඩක් ප්ලෑන් කරා.අගස්ති ඉන්න තැන ගැන දන්න හින්දා උදෙන්ම හොයගෙන යන්න තමයි වින්ඩි කල්පනා කරේ.

"අම්මේ..මට හෙට කොළඹින් පිට යන්න වෙනවා.මට අලුත් වැඩක් සෙට් වුනා"
වින්ඩි එහෙම කියනකොට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම මූණවල් ඇඹුල් වුනා.

"එහෙම කොහොමද..අපි හෙට අගස්ති පුතාව හම්බවෙන්නනේ ඉන්නේ "?

"ඔවු..ඒක තමයි ඒ නිසා ඔය වැඩේ කල් දාගන්න"

අම්මයි තාත්තයි දෙන්නම එහෙම කියනකොට වින්ඩි අසරණ වුනා.

"ඒත් අම්මේ..මේක ලොකු වැඩක්..මට මේ වැඩේට ලක්ෂ 4 ක් දෙන්නම් කිව්වා "

වින්ඩි එහෙම කියනකොට තාත්තගේ මූණ රැලි වැටුනා.

"මොකක් ?ලක්ෂ 4 ක්..මයෙ අම්මෝ..අපිට එක කන්නයක් වැඩ කරත් ඔච්චර ගානක් හොයාගන්න බෑනේ..අනේ අපි මේ ඉන්න එකේ හෙටත් ඉමු.දුව ඒ වැඩේ කරගෙන එන්න එහෙනම්
"
වින්ඩිගෙ තාත්තා එහෙම කියනකොට අම්මා නම් බිම බලාගත්තා.

ඔය අතරෙ අගස්තිට කෝල් එකක් ආවේ තේමියගෙන්

"මචෝ..මචෝ.කොහෙද ඉන්නේ..අපි ඔක්කොම අමතක කරලා දාලා මේ වැඩේ කරමු ,අපේ යාලුකම වෙනුවෙන්"
තේමිය එහෙම කියද්දි අගස්තිට හිනාගියා.

"උඹ මට කරේ යාලුවෙක් කරන වැඩක්ද ?

"මචන්.මචන්..එහෙම කියන්න එපා.අපි ඔය තරුපති කියන මිනිහව දන්නෙත් නෑ..කතා කරෙත් එක පාරයි..මේ අහපන්..අපි දෙන්නගේ යාලුකම හැමදාම තියෙනවනේ..ඒ නිසා අපි ඔක්කොම අමතක කරලා දාලා සෙට් වෙමු "

තේමිය කපටි විදිහට එහෙම කියද්දි කිසිත් නොකියපු අගස්ති ෆෝන් එක කට් කරලා පැත්තකට තිබ්බා.

ඇත්තටම වින්ඩි අගස්ති හොයාගෙන යයිද..ඒ ගියත් ආපහු එන්න අගස්ති කැමති වෙයිද..අගස්ති නැති රයිසින් ස්ටාර් එකෙන් වැඩක් තියෙයිද..

මේ හැම ප්‍රශ්නයකටම උත්තර සතියේ දවස්වල හිරු ටීවි දිවිතුරා නරඹන ඔබට බලාගන්න පුලුවන්.


මහවිරු පණ්ඩු එකේ ඉන්න අනූශාගෙන් අනේ මිස් බඩු ටිකක් දෙන්න කියා ඉල්ලලා !!"අනේ මිස්, බඩු ටිකක් දෙන්න. මිස්ට බැරි නම් කාට හරි කියලා ඉල්ලලා දෙන්න. මට බබාලා ඉන්නවා කියලා කියන්නේ.." - අනුෂා දමයන්තිට එන ඇමතුම් ගැන ඇය කියන සංවේදී කතාව


මහවිරු පණ්ඩු  එකේ ඉන්න අනූශාගෙන් අනේ මිස් බඩු ටිකක් දෙන්න කියා ඉල්ලලා !!"අනේ මිස්, බඩු ටිකක් දෙන්න. මිස්ට බැරි නම් කාට හරි කියලා ඉල්ලලා දෙන්න. මට බබාලා ඉන්නවා කියලා කියන්නේ.." - අනුෂා දමයන්තිට එන ඇමතුම් ගැන ඇය කියන සංවේදී කතාව

මේ දවස්වල කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. මම මහවිරු පඬු ටෙලිනාට්‍යයේ රංගන කටයුතුවල යෙදෙනවා. ඒ වගේම කෞරවති කුමරිය මේ දවස්වල සටන් කරනවා. චරිතයේ ප්‍රතිචාර හොඳ නරක මැද ගලාගෙන යනවා.


මේක ඇත්තටම ඉතිහාසගත කතාවක්. ඉතිහාසයේ ඉඳලත් බලයට තරඟ කරන ආකාරය තමයි මේකෙන් පෙන්වන්නේ. මේ චරිතයට මාව ගැළපෙනවා කියලත් කට්ටිය කියනවා. ඒ වගේම තවත් සමහරු කියනවා අම්මෝ ටිකක් සැරට රඟපානවා කියලත්. රූගත කිරීම්වලදී පවා මට තවම බිහිසුණු අත්දැකීම්වලට මුහුණදෙන්න සිද්ධ වෙලා නැහැ. තවම පොඩි කොටස් ප්‍රමාණයක් තමයි විකාශනය වුණේ. මේක දැවැන්ත කතාවක්.

මගේ නර්තන වැඩකටයුතු නම් සහමුලින්ම නතර වෙලයි තියෙන්නේ. මම මීට කලින් නාට්‍ය හතරක වැඩ කරමිනුයි හිටියේ. ඇත්තටම කොවිඞ් පළමු රැල්ල ආවට පස්සේ අපේ එන්ටර්ට්‍රේනින් කියන කොටසේ සියල්ල කඩාවැටුණා. ඉතිං මම ටෙලිනාට්‍ය කියන මාතෘකාව හරි අඩුවෙන් තමයි භාර ගත්තේ. අතලොස්සක් තමයි ටෙලිනාට්‍ය තියෙන්නේ. සිනමාව තමයි මගේ ප්‍රධාන දේ.
සිනමා පට දෙකක් අලූතෙන් රූගත කිරීම් කරන්න සියල්ල සූදානම් කරලයි තිබුණේ. එක පාරටම කොවිඞ් එක්ක මේ සියල්ල අනෙක් පැත්තටම වැටුණා.

සිනමා පටනම් සහමුලින්ම නතර වුණා. කරලා තේරුමක් නැහැ. මොකක්ද වෙන්නේ බලමු කියන තැනට ඇත්තටම නතර කරගෙන ඉන්නවා. ඒ වගේම අපි විදෙස්ගත වෙලා සිදුකරන ප්‍රසංග වගේම ලංකාවේ නර්තන ප්‍රසංගත් නතර වෙලා ඉවරයි. මම හිතන්නේ සමස්ත කලාකරුවාම බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා.

පළමු කොවිඞ් රැල්ලෙන් පස්සේ තමයි මම නිර්මාණ කිහිපයක් භාරගත්තේ. දැනට නම් ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ තමයි වැඩ කරන්නේ. හිඟන කොල්ලා චිත්‍රපටයේ රූගත කිරීම් ගිය මාසයේ ආරම්භ කරන්න තිබුණේ. ඒක ළමා චිත්‍රපටයක්. හැබැයි ඒකත් නතරවුණා. ඇත්තටම කිව්වොත් මගේ චිත්‍රපට හතක් එන්න තියෙනවා. එයින් කීපයක් එයිද කියලා විශ්වාසයක් නෑ. හැබැයි කීපයක් මේ දැන් එයි හෙට එයි කියන මට්ටමේ තිබුණේ. ඊටත් වඩා අපි කරන්න හිටිය චිත්‍රපට ගැන ලොකු විශ්වාසයකින් හිටියේ. ඒවා දැවැන්ත විදිහට වියදම් කරලා කරන්න තිබුණ වැඩ.

මේ තත්ත්වය කලාකරුවාට පමණක් නොවෙයි. සමස්ත ලෝකයටම වගේම මගේ රටේ සමස්ත ජනතාවට බලපාල තියෙන්නේ. එදිනෙදා ජීවිකාව කරගත්තු මිනිස්සු දැවැන්ත අර්බුදයක ඉන්න වෙලාවක්. කියන්න වචන නැති කිසිම දෙයක් නෙමෙයි බඩට කෑම වේලක් ඉල්ලන තරමටම ඇවිල්ලා ඉවරයි. ඔවුන්ට වෙන මොකුත්ම අවශ්‍ය නැහැ. මටම එන දුරකථන ඇමතුම් ටිකෙන් මම ඒ ගැන හොඳට දන්නවා.

වෙනදාට මිනිස්සු කතාකරලා මගෙන් ඉල්ලූවේ දුවට රඟපාන්න අවස්ථාවක් හදලා දෙන්න. පුතාට රඟපාන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. හැබැයි දැන් එන හැම කෝල් එකක් එන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහට.

අනේ මිස්, බඩු ටිකක් දෙන්න. මිස්ට බැරි නම් කාට හරි කියලා ඉල්ලලා දෙන්න. මට බබාලා ඉන්නවා. නැත්නම් අනේ මිස් පුතාල ඉන්නවා. ඒ ගොල්ලන්ට ඔන්ලයින් ඉගෙනගන්න ෆෝන් එකක් දෙන්න පුළුවන්ද? නැතිනම් මට සල්ලි එපා ෆෝන් කාඞ් එකක් අරගෙන හූරලා නම්බර් එක කියන්න. ඒ වගේම දුරකථන ඇමතුම් දිහා බැලූවහම කලාකරුවා විතරක් කියලා කියන්න බැහැ. සමස්ත ජනතාවම අර්බුද රැසකට මුහුණ පාලා තියෙනවා. මේ කතාකරන මිනිස්සුන් ගේ පවුල්වල කවුරු හරි එක්කෙනක් අපේ සිනමා පටයක් බලන්න එන්න ඇති.

මම මට පුළුවන් හැමදේම ඔවුන්ට කරලා තියෙනවා. මම ඒවා කවදාවත් ටීවී එකේ හෝ ෆේස්බුක්වල දාන්න වුවමනා නැහැ. මම කරන කිසිම දෙයක් සමාජ මාධ්‍යවල දාන්නෙත් නැහැ. මගෙන් කවුරුහරි දෙයක් ඉල්ලලා තියෙනවා නම් මම ඒ දේ මට පුළුවන් විදිහට දීලා තියෙනවා. හැම තිස්සේම මට පුළුවන් විදිහට කරලත් තියෙනවා.

මම ස්වභාවදහමෙනුත් ඉල්ලන්නේ ඒ දේවල් කරන්න ලැබෙන්න කියලා. ඒක තමයි මනුෂ්‍යත්වය කියලා මම විශ්වාස කරන්නේ. හැමෝම එක්් එක්කෙනා කාට කාට හරි පුළුවන් විදිහට උදව් කරගන්න ඕනෑ කියලා තමයි හැමෝටම කියන්න තියෙන්නේ.

මම එළියට බැස්සත් කතාකරන්නේ ඒ ගැන. අපි එකතුවෙලා හරි යමක් මේ වෙලාවේ කරන්න ඕනෑ. අපෙන් උදව් ඉල්ලන්නේ ඔවුන්ට උදව් අවැසි මොහොතකනේ. අනික මේ වෙලාවේ හැමෝටම කියන්නේ අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න ගෙදරින් එළියට බහින්න එපා කියලයි.

දිනේෂ් විතාන

දිවයින

Tuesday 6 July 2021

හකීම්ගේ නිවස ඉදිරිපිට කාන්තාවක් ගිණිතබාගත්තා මතකද ?


  මර්වින් ජේ. කුරේගේ  දියණිය හකීම්ගේ  නිවස ඉදිරිපිට ගිනිතබාගෙන  පිළිස්සී පසුව මිය ගියේ ඇයි?

මර්වින් ජේ. කුරේගේ දියණිය කුමාරි කුරේද මියගියේ පිළිස්සීමෙනි.රවුෆ් හකීම් සමඟ තිබූ  අනියම් සම්බන්දතාවයක් නිසා ඇති වූ ආරවුලකින් සිද්ධි මාලාවකට පසු කුමාරි කුරේ 2005දී රාවුෆ් හකීම්ගේ නිවස ඉදිරිපිටදී ගිනිතබාගෙන පසුව මිය ගියාය.

අන්තවාදය සහ ජාතිවාදය අවුස්සා බලයට පැමිණීම 

මුස්ලිම් අන්තවාදය සහ ජාතිවාදය  අවුස්සා සෑම චන්දයකින්ම බලය ලබා ගැනීමට සූක්ෂම වන රවුෆ් හකීම් වැනි අන්තවාදීන් නොකඩවා පාර්ලිමේන්තුවට පත් වෙයි.රවුෆ් හකීම් සහරාන් හමු වූ බව පසුගියකාලයේ රූපවාහිනී නාලිකා වලින් නිකුත් කල වීඩියෝපටයෙන් හෙළිවිය .අන්තවාදීන් පෝෂණය කරමින් අපේ රටේ සිද්ධීන් ජාත්‍යන්තරයට හුවා දක්වා එමගින් අර්බූද නිර්මාණය කරන රවුෆ් හකීම් වැන්නවුන් ගැන රටත් ජනතාවත් දැනුවත් විය යුතුය 

මෙම අතිශය සංවේදී අවස්ථාව වඩාත් කල්පනාකාරීව විමසා බැලිය යුතුවේ. සිංහලයින් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් කොට අන්තවාදීන් කිරීමට ගන්න මොවුන්ගේ උත්සාහය වහාම හඳුනාගෙන කලපනාකාරීව කටයුතු කිරීමට අවශ්‍ය කාලය යළිත් උදා වී තිබේ. මොහු කළ මෙම කටයුත්ත නිසා මේ වන විටත් බොහෝ අකටයුතුකම් වලට මුහුණ දීමට අපේ මිනිසුන්ට සිදු වී ඇත. මේ නිසා රටක මිනිසුන්ගේ කීර්තිය ඇති කරන ඔවුන්ට ආත්ම ගරුත්වය සඳහා ඉඩක් ලබාදෙන වැඩ පිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටීමට කාලය උදා වී ඇත.

Friday 25 June 2021

බැක් සයිඩ් රන්ජන් ගේ හපන් කම් නිසා වැලිකඩ තරුණයෙක් ලේ ගලමින් බන්ධනාගාර රෝහලට

බැක් සයිඩ් රන්ජන්ගේ හපන් කම් නිසා වැලිකඩ තරුණයෙක් ලේ ගලමින් බන්ධනාගාර රෝහලට

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් බන්ධනාගාරයට පැමිනි නවක තරුණයෙක් හට ලිංගික අඩන්තෙහෙට්ටම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.අදාල තරුණයා සමග එකම බන්ධනාගාරයේ කාමරේ ලැගුම් ගත් රන්ජන් රාමනායක විසින් මෙලෙස අදාල තරුනයාව දූෂනය කර ඇති අතර බන්දනාගාරය තුල කල විනය විරෝධි ක්‍රියාව සම්බන්දයෙන් මේ වෙන විටත් රන්ජන් රාමනායක බන්ධනාගාර පොලීසිය විසින් වෙනම කාමරයකට යොමු කර ඇති බව සදහන් වෙයි

 

Wednesday 12 May 2021

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට


කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට 
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ධර්මකිරිති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා පොලිස් අත් අඩන්ගුවේදී  සිදුකල මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි හුවමාරුවකදී මියගොස් ඇත .පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ බස්නාහිර පළාත් උතුර  කොට්ටාශයේ නිලධාරීන්ගේ අත්  අඩංගුවේ සිටියදී අද අලුයම මීරිගම රේන්දපොල ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සදහා රැගෙනගොස් ඇති බවයි .එම අව්සතාවේදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී මෙමෙ වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිස් මාද්‍ය ප්‍රකාශක වරයා පැවසීය .34 හැවරිදි සැකකරු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ .එම සිදුවීමේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්ද තුවාල ලබා ඔහුව  වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය


 

Thursday 29 April 2021

කොවිඩ් මරණයක අමිහිරි අත් දැකීමක් අම්බලන්ගොඩ වෛද්‍ය වරයෙකු සටහන්කරයි.



ඊයේ රාත්‍රියේ සිදුවූ අවාසනාවන්ත කොවිඩ් මරණයක් පිළිබඳව මෙම සටහන අම්බලන්ගොඩ රෝහලේ වෛද්‍ය වරයෙකු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සටහන් කර තිබේ

 https://m.facebook.com/story.php?story_fbid=10219076593525848&id=1236192257&sfnsn=mo

Monday 26 April 2021

වීරයෙකු නොව කලිසම තෙමාගත් ළදරුවෙකු දුටිමි -සුගත් හේවාපතිරණ ලියයි



පාස්කු ප්රහාරය සිදු නොවිය යුත්තක්ව තිබුණි. එහෙත් එය සිදුවිය. වගකිව යුත්තෝද දැන දැනම එය සිදුවු බව නොරහසකි.
එවකට ආරක්ෂක ලේකම් හේමසිරි කිව්වේ " ප්රහාරයක් ගැන දැනගෙන හිටියත් මෙච්චර ලොකු දෙයක් වේයැ'යි නොසිතූ බවයි.
එදා ජනපති සිංගප්පූරුවේය. අගමැති නුවර එලියේය. හරීන්ද හිටියේ ගෙදරය.ඒ හරීන්ගෙ තාත්තා දුන් ඹත්තූව නිසාය.
අද මහමොලකරු කවුදැයි හරීන් අපෙන් අසයි. එය ඇසිය යුත්තේ අපෙන් නොවේ. ඇසිය යුතුව තිබුණේ ඹහුගේම තාත්තා ගෙනි. මන්ද හරීන්ටත් ඹත්තූව දුන්නේ
ඹහුගේම තාත්තා නිසාවෙනි.
ඒත් හරීන් එහෙම කලේ නැත. තාත්තා සුරලොව යන තෙක්ම එහෙම කලේ නැත.
යහපාලන ආණ්ඩුව කටයුතු කලෙත් හරීන් වාගේමය.
ප්රහාරය සිදුවූයේ අප්රේල් විසි එකය. යහපාලනය තොලොන්ජීවූයේ නොවැම්බර් දහ නවවෙනිදාය. මහ මොළකරු හොයන්නට මාස හත අටක් තිබුණි.
සිද්ධිය යට ගහන්නට උපක්රම යෙදුවා මිසක මහ මොළකරුවෙකු නම් සෙව්වේ නැත. තුන් සියයක් මැරුණු විට "ගියදේ ගියාවේ" කියමින් සිනාසිසී ප්රවෘත්ති සාකච්ඡා තිබ්බේ වත්තල ජෝන් ලාය. බේරුවල රාජිතලාය.
ගස් නැති කැලේ තුත්තිරි ගස්ද මහා වෘක්ෂයන්ය.
අද විපක්ෂයද එහෙමය. පරිණත බුද්ධිමත් නායකයන් විපක්ෂයේ නැත.මාලුන් නැති සාගරයේ ගප්පි පැටව් තමන් තෝරූ මෝරු යැයි සිතති.
අද පාර්ලිමේන්තුවේ චන්ඩියා වීමට දගලන් නෙ හරීන්ය. රා කඩෙන් රා බී වෙරිවූවාසේ පාර්ලිමේන්තු වේ තිත්ත කුණුහරුප කියන්නේ පාර්ලිමේන්තුවත් තාත්තාගේ "සමාරා" හෝටලය වගේ යැයි සිතාගෙන විය යුතුය.
"සර් ෆේල්" කිව්වේද හරීන්ය. පණ බයේ පොලිසි දිව්වේද හරීන් ය. අගරදගුරු හිමියන්ට තරවටු කලේද හරීන් ය.පසුව සමාව ගත්තේද හරීන් ය. බදුල්ලේ බලාපොරොත්තුව වූයේද හරීන් ය.බලාපොරොත්තු බින්දේද හරීන් ය. ගූගල් බැලුම් උඩයැව්වේද හරීන් ය. බැලුමටත් කලින් බිමට වැටුනේ ද හරීන් ය.
කිසිවෙකුට තම වරප්රසාදයන්ට මුවාවි වීරයන් විය නොහැක. වීරයන් ගොඩනැගෙන්නේ ජනතාවගේ හදවත්වලය. ඒ සෑබෑ වීරවරයෝය.
සැබෑ වීරයා හා කාඩ් බෝඩ් වීරයන් අතර වෙනස ජනතාව හදුනාගන්නෙ සිදුවන සිද්ධි සමුදායන් අතරය.
පොලීසියෙන් සොයනවිට අතින් ගෙවා රොහල්ගතවන්නේ වීරයන් නොව සෙවලයන්ය.
මහා වීරයන් කලීසම තෙමා ගන්නා ලදරුවන් බව ජනතාව තේරුම් ගන්නේ විරයන් ලෙස පෙනී සිටින
නිවටයන්ගේම ක්රියා කලාපය නිසාමය.
සුගත් හේවාපතිරණ
දේශප්රේමී එක්සත් ජාතික පක්ෂය

Thursday 15 April 2021

මේ ඉන්නෙ ටෙරික් ඉෂානි එයාලගෙ පුංචි පුතයි.



 මේ ඉන්නෙ ටෙරික් ඉෂානි එයාලගෙ පුංචි පුතයි.

අලුත් අවුරුද්දෙ තමන්ගෙ පාඩුවෙ එයාලගෙ ස්කූටර් එකෙන් අම්මලගෙ ගෙදර යන ගමන් හිටියෙ.
ඒත් අවාසනාව ඔවුන්ගෙ ඉස්සරහටම ආවා.
අධික වෙගයෙන් ආපු කැබ් රථය ටෙරික්වයි ඉෂානිවයි දරුවයි යට කරගෙන පාරෙ වැරදි මන්තීරුවත් හරහා ගිහින් ඇල කටකටත් උඩින් ගිහින් නතර උනේ ඔය තියන වෙලේ..
ටෙරික් ඉෂානි දෙන්නම බරපතල තුවාල ලබල.
ටෙරික්ගෙ අක්මාව ඩැමේජ් අභ්යන්තර ලේ වහනයක් එක්ක කකුලක් කැඩිල.
ඉෂානිගෙ අතයි කකුලයි කැඩිල.
දරුවට මහා ලොකු හානියක් වෙලා නෑ දෙයියන්ගෙ පිහිටෙන්.
හැබැයි රත්නපුර රෝහලේ මේ වෙනකොට බරපතල තුවාල ලබල ඉන්න ටෙරික්ගෙ අක්මාවෙ සැත්කමක් වහාම කරන්න අවශ්ය වෙලා..
ටෙරික් ඉෂානි දෙන්නම මැන්ඩිගෙ පාසල් සමයෙ යාලුවො.
පාසල් පෙම් කතාවක් විවාහය දක්වා රැගෙන ඇවිත් බොහොම සතුටෙන් කාලය ගතකලේ.
ඒත් අධික වේගයෙන් ආපු එක මිනිහෙක් ඒ සතුට නැති කරල අද.
ඇයි වාහනයක් අතට ගත්තහම තමන්ට නියමිත විදියට නියම වේගයකින් පාරෙ යන්න බැරි.
පාරෙ යන අහිංසකයො යටකලාට උන්ව එල්ලුම් ගස් යවන් නෑ.
මාස කීපයකට ලයිසන් තහනම් වෙයි..
ආයෙ එලියට ඇවිත් ඒ වරදම කරයි.
ලංකාවෙ නීතියෙන් මෙහෙම වැරදී විදියට වාහන එලවන අයට මරණ දඩුවම දුන්නත් කමක් නෑ.
මොකද අහිංසක ජීවිත වලට මරණය ගේන්න උට පුලුවන් නම් ඌව එල්ලුවට පව් නෑ..
සමන් දෙයි හාමුදුරුවන්ගෙ පිහිටෙන් ටෙරික්ට ඉෂානිට එයාලගෙ පුංචි මල් කැකුලට ඉක්මනට සනීප වෙන්න කියල ප්රාර්ථනා කරමු.
තෙරුවන් සරනින් ආයෙ සතුටින් ජීවිතේ ගත කරන්න ඔබට ශක්තිය ලැබේවා..!!
-මැන්ඩි-
943
408 comments
400 shares
Like
Comment
Share

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට චීන ඔත්තුකරුවෙක්..! චීන අල්ලසට මව්බිම පාවා දෙන හැටි..! කීර්ති රත්නායකගේ හෙළිදරව්වක්


 ජනපති මාධ්ය අධ්යක්ෂ ජෙනරාල් ධූරයට චීන ඔත්තුකරුවෙක්..! චීන අල්ලසට මව්බිම පාවා දෙන හැටි..!

කීර්ති රත්නායකගේ හෙළිදරව්වක්

සුදේව හෙට්ටිආරච්චි රෙනෝ ද සිල්වාගේ හිරු මාධ්ය ජාලයට බැඳුනේ 1998 වසරේදී ය. ඔහු හිරු නාලිකාවෙන් ගමන පටන් ගත්තේ රේඩියෝ නිවේදකයෙකු ලෙසිනි. සුදේව මෑතකදී හිරු නාලිකාවෙන් ඉවත් වන විට එහි ප්රවෘත්ති අධ්යක්ෂක වරයා විය. ඔහුට හිරු නාලිකාවෙන් රු. ලක්ෂ 7 ක පමන වැටුපක් ලැබුණ බව කියැවෙයි. එපමනක් නොව හිරු අධිපති රෙනෝ සුදේවට පෞද්ගලිකව උපකාර කළේය. වරෙක සුදේව වෙනුවෙන් මිලියන ගණනක සිංගප්පුරු රෝහල් බිලක් ගෙවී ය. හිරු මාධ්ය ජාලයෙන් සුදේවට ලැබුන දේ බොහෝය.

නමුත් සුදේව ඒ සියල්ල හැර දමා පසුගිය දා ස්වර්ණවාහිණී නාලිකාවට ගියේය. ස්වර්ණවාහිණීය තමාට රු ලක්ෂ 35 පමණ වැටුපක් ප්රදානය කළ බව සුදේව කීවේය. කෙසේ වුවද මේ වන විට සුදේව නව ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජෙනරාල් ලෙස පත් කොට ඇති බව වාර්තා වෙයි. ඒ හිටපු ජනාධිපති මාධ්ය අධ්යක්ෂ මොහාන් සමරනායක රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් ඇති වූ පුරප්පාඩුවට ය. සුදේව හෙට්ටිආරච්චි ' A' ශ්රේණියේ පරිපාලන නිළධාරියෙකු ලෙස රාජ්ය සේවයට අන්තර් ග්රහණය කළ ද ඔහුට ලැබිය හැකි උපරිම වැටුප ලක්ෂ එක හමාරකට අඩුය.

එනම් නව තනතුර ඔහුට මාසිකව ලක්ෂ 33 ක පමණ මූල්ය අලාභයක් ගෙන දෙන්නකි. එය අතින් වියදම් කරගෙන හරක් බලනවා වැනි වැඩකි. උපන් ගෙයි කුණු ලෝබයෙකු වන සුදේවගෙන් එවැන්නක් බලා පොරොත්තු විය හැකිද? එසේ නොමැති නම් මේ තුල අත යටින් සිදුවන වෙනත් ගණුදෙණුවක් තිබේද ?

සුදේව චීන ඔත්තුකරුවෙක්..

2001 වසරේ දී චීන - ශ්රී ලංකා මාධ්යවේදීන්ගේ සංසදය නමින් ව්යාපාරයක් ලංකාවේ ආරම්භ විය. සුදේව මෙහි ආරම්භක සාමාජිකයෙකු විය. පසුව වසර ගණනාවක් එහි සභාපති ධූරය දැරුවේ ය. 2015 සිට ඔහු එහි නිත්ය භාණ්ඩාගාරිකයා වෙයි. සැබැවින්ම සුදේවට ස්වර්ණවාහිනියෙන් ලක්ෂ 35 ක වැටුපක් ලැබුනේ නැත. නමුත් චීනයෙන් එවැනි මුදලක් ලැබුණි. සුදේව හිරු නාලිකාවේ සිට ස්වර්ණවාහිණියට ගියේ චීන තානාපති කාර්යාලයෙන් ලැබුණ උපදෙස් අනුව ය. ස්වර්ණවාහිනිය චීනයට අනුකූල කිරීම එම ගමනේ අරමුණ විය.

සුදේව හිරු නාලිකාවේ සිටිය ද, ස්වර්ණවාහිනී නාලිකාවේ සිටිය ද, ජනාධිපති මාධ්ය අධ්යක්ෂක වුවද චීනයෙන් ඔහුට ලබා දෙන ගෙවීම එලෙසින්ම ලැබෙයි. නමුත් එය වැටුපක් නොව අල්ලසකි. චීන්නු මුලින්ම අල්ලස් දුන්නේ රජයේ ඉහල නිලධාරීන්ටය. ඊලඟට මුදල් අල්ලස් දී දේශපාලනඥයන් බා ගත්තේය. දේශපාලන පක්ෂ වලට අල්ලස් දුන්නේ ය. කලාකරුවන්ට අල්ලස් දුන්නේය. නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිඥයන් පිරිසක් ද මේ වන විට චීන අල්ලසට යට වී ඇත. ඊලඟ නීතිපතිවරයා ලෙස පත්වන්නට නියමිත වන්නේ චීන අල්ලසට යට වූවෙකි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ද චීනයට අනුගත වීම නොබෝ දිනකින්ම සිදුවනු ඇත. නායක ඝනයේ භික්ෂූන් වහන්සේලා රැසක්ම චීන අල්ලසට යට වී තිබේ. දැන් මාධ්ය ආයතන සියල්ලම පාහේ චීන අල්ලසට යට වී ඇත. පසුගිය වසරක දෙකක කාලය පුරා මාධ්යවේදීන් 2000 ක් පමණ චීන සංචාර වලට ගෙන්වා නම්මවාගෙන තිබේ. එකී මාධ්යවේදීන් චීනයට යැවීම සම්බන්ධීකරණය කරන්නේ ද සුදේව ය.

ජනාධිපති මාධ්ය අංශය චීන බුද්ධි අංශ පාලනයට..

ඒ අනුව සුදේවට ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජෙනරාල් ධූරය ලැබුනේ චීන තානාපති කාර්යාලයේ බලපෑම නිසා මිස විශේෂ දක්ෂතාවයක් නිසා නොවේ. ඔහු සතු එකම දක්ෂතාවය චීන ගැත්තෙකු වීම පමණකි ය. ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් මොහාන් සමරනායක ඉවත් වීමෙන් පසු ඔහුගේ අනුප්රාප්තිකයා ලෙස සුදේව පත්වීමට නියමිතය. ජනාධිපති මාධ්ය අධ්යක්ෂක ජෙනරාල් වැනි තනතුරක් චීන බුද්ධි අංශ පාලනයට නතු වීම සෙල්ලමක් නොවේ. අද ලෝකයේ වටිනාම ආයුධය තොරතුරු ය. නමුත් ලංකාව එය සෙල්ලමකට ගෙන ඇත. මෙය අතෙකින් ශ්රී ලංකාවේ ආරක්ෂාවට බරපතල තර්ජනයකි. තවත් අතෙකින් කලාපයේ සාමයට තර්ජනයකි.

කීර්ති රත්නායක
හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී