Random Posts

3/random/post-list

Thursday 14 January 2021

රන්ජන් පද්මිනී රණවකට කතා කර තීන්දුවට බලපැම් කලේ දුමින්දගේ නඩුට කලින් බව හෙලිවෙයි.

 


මෙන්න තිත්ත ඇත්ත.

—————————-


හරින් බබාය.කිසිවක් නොදන්න කිරි සප්පයාය. හැබයි 350ක් මැරෙනකන් බලා සිටි බබාය. 


හරීන් 2021 ජනවාරි මස 6 පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පද්මිනි රණවක රන්ජන් සමග නඩු තීන්දුවට කලින් කතා කලේ නම් වැරදි බවයි.එසේ ඔහු පවසා සිටි නමුත් එය ප්‍රශ්නාර්ථයක් පමනක් ලෙස ඉතුරු කරමින් පාර්ලිමේන්තුවේ ‍යකා නැටුවේ පද්මිනී සහ ශානි බබලා අහින්සකයි කියන්නට මෙන් වූවත් ඇත්තටම හරින්වත් ඇත්ත දැන කතා කලා දැයි අපි ප්‍රශ්න කල යුතුය.



හරින් නොදත් තිත්ත ඇත්ත මෙන්න .


දුමින්ද සිල්වා ඇතුලු 5 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වන්නෙ 2016 සැප්තැම්බර් මස 8 වෙනිදාය.නමුත් රංජන් සහ පද්මිනී රණවක විනිසුරුවරිය අතර දුමින්ද ට එරෙහිව සාකාච්චාව ඇති වන්නෙ 2016 ජූලි මස 14 වන දින රාත්‍රී 9.33ට වන අතර එහිදී රන්ජන් විසින් ඇයට පවසා සිටින්නෙ නඩු තීන්දුව ගැන රටම බලා ඉන්නා බවත් එය රන්ජන් ගේ ඇතුලු බොහෝ දෙනාගේ ටාගට් එකක් බවත්‍ ය.එහිදී රන්ජන් වැඩි දුරටත් කියා සිටින්නෙ දුමින්ද ට එරෙහිව තීරණ ගන්න තැන පද්මිනී සිටීම සතුටට කරුණක් බවයි.


නමුත් තවමත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙමින් හරින්ලා සමාජයම බොරුවෙන් මුලාකරමින් සිටී

සමස්ත රට වැසියන්ම මුලා කරමින් රන්ජන් ලා නීතියේ දෙවගන දූශනය කලේ තක්කඩි පද්මිනී රණවකලා සමගය.මජර දේශපාලන ඩීල් කරුවන් වන ශානිලා සමගය.රන්ජන් පද්මිනි දුරකතන ඇමතුම සිදුවූයේ නඩු තීන්දුවෙන් පසු බව බොරුවෙන් පුන පුනා සමාජ ගත කරන්නට මාන බලන්නෙ සුදු රෙද්දෙන් හෙලුව වසා ගන්නට පමනි.හරින්ලා ගේ සුදු රෙද්දේ තුත්තිරිය. ඒවා ගලවා ඉවත් කරගන්නට වත් හරින්ලාට නොහැකිය.



*රංජන් ශානි දුරකතන ඇමතුම සිදුවන්නෙ නඩුවට කලින් දා ය

------------

දුමින්දගේ නඩු තින්දුව දෙන්නෙ හරියටම 2016 සැප්තැම්බර් මස 8 වෙනිදාය. ජුලි මාසයේ පද්මිනී ගේ සහ රන්ජන්ගේ සංවාදයට පසු යලිත් 2016 සැප්තැම්බර් මස 7 සවස 5.37ට හරියටම නඩු දිනයට කලින් දා යලිත් රංජන් ශානිට දුරකතන ඇමතුමක් ලබාදෙමින් යලිත් බලපැම් කලේය. ශානී රංජන් ගේ නිවසේ වලන්ද සෝදන්න සූදානම් බව කියන්නෙ එහිදීය.


මේවා හෙලුවැල්ලෙන් සිටිමින් සදාචාරය ගැන කියන්නාක් මෙනි.තමන්ගෙ හෙලුව වසා නොගෙන මේ කරන්නෙ අනුන්ගේ රෙදි වල පාට සෙවීමක් බව හරින්ලා නොදන්න කුක්කු බබාලා ය.


රන්ජන් ලා වෙනුවෙන් කඩේ යන කිසිවෙක් මොලයක් ඇතිව දෙයක් තීරණය කරන්නට තරම් සවිඥානික නැති බව මේ සියල්ලෙන් ඔප්පු වෙයි. සමහරක් තක්කඩීන් වෙනුවෙන් පෙනී  සිටින්නෙ එබැවිනි. 




තක්කඩි දේශපාලන තීරණනිසා අදටත් මුලින්ම වෙඩි වැදී බිම වැටුන දුමින්ද තවමත් සිර ගෙදර දුක් විදිමින් සිටී.


යහපාලනය මජර දේශපාලන බල අරගලයේ මෙවැනි තක්කඩි තීන්දු හේතුවෙන් තවත් බොහෝ දෙනෙකු වෙනුවෙන් රටක් වෙනුවෙන් වැඩක් කල හැකි මිනිසුන් සිරබත් කමින් සිටීම රටේ කරුමයකි.



Monday 11 January 2021

රන්ජන් පල්ලන්සේන කඳවුරට යවනවා -බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක


 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතාව පල්ලන්සේන නිරෝධායන මධ්යස්ථානය වෙත යොමුකරන බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

හිටපු රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතාට ශ්රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.
සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික එම තීන්දුව අද (12) දින ප්රකාශයට පත්කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ රිදී සීනුව වාසුදේව මැතිදුන්ගේ ජනවාරි 5වන දින පැවැත්වූ උපන්දින සාදයේ පින්තූර

 පාර්ලිමේන්තුවේ රිදී සීනුව වාසුදේව මැතිදුන්ගේ ජනවාරි 5වන දින පැවැත්වූ උපන්දින සාදයේ පින්තූර






ලංකාවම ගොඩ දැමිය හැකි “සේරුවාවිල රත්තරන් නිධිය ” කෙරෙහි රජයේ අවධානය


 ශ්‍රී ලංකාවට ස්ව ශක්තියෙන් නැගී සිටීමට වාසනාව උදා කරන රත්රන් ලෝහය සහිත නිධියක් සේරුවිල බුත්තල ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 54ක් පුරා විහිදී පැතිර තිබෙන බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නව වසරේ ශ්‍රී ලාංකිකයන් වෙත සුබ ආරංචියක් ගෙන එයි.

නවසිය පනස් ගණන්වලදී මෙම නිධිය සම්බන්ධව මුලින්ම කරුණු අනාවරණය කරගෙන තිබුණත් පැවැති කිසිම ආණ්ඩුවක් නිධිය කැණීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත. ‘ඉරිදා මව්බිම” භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් මේ පිළිබඳව විමසූ විට පැවැසුවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙම නිධිය යොදා ගැනීමට 2009 අගෝස්තු 14 ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර
තිබෙන බවයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෑතකදී සිදු කරන ලද තවත් සමීක්‍ෂණයකින් හෙළි කර ගත් තොරතුරුවලට අනුව මෙම නිධිය තුළ රත්රන් පමණක් නොව තඹ ලෝහයද විශාල වශයෙන් පවතින බවට තහවුරු කරගෙන ඇති අතර ලෝක වෙළෙඳපොළේ ඉහළම වටිනාකමක් ඇති ලෝහ ලෙස රන් හා තඹ සැලකේ.

මෙම නිධිය කැනීම ගැන අදහස අලුත් වූයේ පසුගිය 06 වැනිදා මෙම යපස් නිධිය හා හලාවත පනිරෙන්ඩාව යපස් නිධියේ කැණීම් රජයේ වැඩපිළිවෙළක් යටතේ සිදු කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහත්වරුන් අතර පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදීය.

මෙරට ඛනිජ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් රටේ ජාතික ආදායම උපරිමව වර්ධනය කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කිර්මට මේ සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

බුත්තල කුරම්පල යපස් නිධිය සහ හලාවත
පනිරෙන්ඩාව යපස් නිධිය කැනීම් කටයුතු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සිදු කිර්මට පැවැති සාකච්ඡාවට විමල් වීරවංශ, මහින්ද අමරවීර යන ඇමැතිවරු ද එම අමාත්‍යාංශවල ලේකම්වරුන් වන අනුෂ පැල්පිට හා
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල යන මහත්වරුද සහාභාගි වූහ.

පනිරෙන්ඩාව යපස් නිධිය වර්ග කිලෝමීටර් 26ක් පමණ වන බවත්, අවම වශයෙන් යකඩ ටොන් මිලියන 180ක් පමණ එහි තැන්පත් වී ඇති බවත් එම කාර්යාංශයේ නිලධාරීන් මෙහිදී ඇමැතිවරුන් දෙපළට පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඛනිජ සම්පත් සමස්තයක් වශයෙන් රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමට හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට තම අමාත්‍යාංශය සූදානම් බව මෙහිදී පැවැසූ පරිසර ඇමැති අමරවීර මහතා ඊට අදාළ සැලැස්ම සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ
නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාව යනු නිධානයක් මත සිට ගෙන පිටරටට අතපාන ජනතාවක් සිටින රටක් බවට පත්ව තිබෙන්නේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අඩුලුහුඩුකම් හේතුවෙන් බව අමරවීර ඇමැතිවරයා සඳහන් කළේය.

සේරුවාවිල නිධිය ගැන භූ විද්‍යා සමීක්‍ෂණ හා
පතල් කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද විමල් සිරිවර්ධන මහතාගෙන් ‘මව්බම’ කළ විමසුමකදී කීව්වේ එවකට පැවැති භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව 1971දී සිතියම් කිරීමේදී මුල් වරට මෙම නිධිය සොයාගත් බවයි. සේරුවිල නිධි අප්පු, කොල්ලකුලම් සහ සේරුවිල වශයෙන් ප්‍රධාන කොටස් තුනකට අයත් බවත් ප්‍රධාන නිධිය තිබෙන්නේ කොල්ලකුලම් කොටසේ බවත් ප්‍රධාන ධමනි 6ක් හෝ 7ක් අතර මෙම නිධිය මීටර් 20 දක්වා පළල්ව තිබෙන බවත් ප්‍රංශ භූ විද්‍යා ආයතනය වන (BRGM) සමඟ එකතු වී 1979 සහ 80 වර්ෂවල සමීක්‍ෂණ කටයුතු කළ බවත්, මීටර් 100ක් තරම් ගැඹුරට අරිප්පු නිධිය පවතින
බවත් මෙහි යකඩ මෙන්ම තඹද පිහිටා තිබෙන අතර තඹ තිබෙන ප්‍රදේශයේ රත්රන්න තිබෙන බවත් ආචාර්ය සිරිවර්ධන මහතා පැවැසීය.

මෙම නිධියේ කළ පර්යේෂණවලදී ලබාගත්
සාම්පල් යක්කල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පර්යේෂණාගාරයේදී කළ පරීක්ෂණවලදී මෙම නිධියේ රත්රන් තිබෙන බවට අනාවරණය කර ගත් බවද සිරිවර්ධන මහතා පැවැසීය.

පර්යේෂණ සඳහා අලුත් ක්‍රම යොදා ගැනීමෙන් මෙහි ඇති බනිජ සම්පත් ගැන පුළුල් තොරතුරු අනාවරණය කර ගැනීමට මෙන්ම මෙහි වටිනාකම කොතෙක්දැයි ඇස්තමේන්තු කරගත හැකි වෙතැයිද ආචාර්ය සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම – ඉරිදා මව්බිම

හරීන්ට ආරක්ෂාව දෙන්න – ඇමති නාමල් රාජපක්ෂත් පොලිස්පතිගෙන් ඉල්ලයි


 පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට උපරිම ආරක්ෂාව ලබා දිය යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අද (11) වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේදී අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇතුළු පිරිසක් සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ සමඟි ජන බලවේගය තුළ බොහෝ ප්‍රශ්න ඇති හෙයින් ඒවාට හරීන් ප්‍රනාන්දු මහතා මැදිහත්වී කුමන හෝ ප්‍රශ්නයක් ඇති වුවහොත් එහි වගකීම ජනාධිපතිතුමන් මත පැටවිය හැකි හෙයින් හරීන් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව සැලසිය යුතු බවට තමන්ද එකඟ බවයි.

”මම හිතන්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට ආරක්ෂාව දෙන්න ඕනේ. මොකද එතුමාගේ පක්ෂය ඇතුළෙත් බොහෝ ප්‍රශ්න තියෙනවා. අන්තිමට ඒ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්නවලට හරීන් මැදිහත්වුනොත් ඕකත් ජනාධිපතිතුමාගේ පිට දමයි. ඒ නිසා අපිත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා හරීන් ප්‍රනාන්දු මහත්මයාට උපරිම ආරක්ෂාව දෙන්න. මොකද විශේෂයෙන්ම පක්ෂයේ තිබෙන අභ්‍යන්තර ගැටළුත් එක්ක එතුමාට ඒ ආරක්ෂාව අවශ්‍යයි කියල අපි හිතනවා. පහුගිය දවසක පාර්ලිමේන්තුවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ දැන් සජිත් මහත්තයා ගාව ඉන්න හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කොමිෂන් සභා වාර්තා ඉදිරිපත් කරන්න කියල. එතුමා ඒකෙන් බලාපොරොත්තු වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නිවාස අමාත්‍යංශයේ රිපෝර්ට් ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියල. එහෙම බැලුවහම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හරීන් ප්‍රනාන්දු මහත්මයට ආරක්ෂාව දුන්නට කමක් නැහැ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

( Lankanewsweb )

Friday 8 January 2021

මන්ත‍්‍රී වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස්

 

අටවෙනි පාර්ලිමේන්ව හෙවත් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට ලබාදීමට නියමිත බලපත‍්‍රයට ගෙන්වන වාහන මෝටර් රථවාහන බද්ද මත පනවන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කර ඇත.

මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මුදල් පනත යටතේ මෙම නිදහස් කිරීම සිදුකර ඇත්තේ වහාම කි‍්‍රයාත්මකවනපරිදිය. ඊට අදාල නියෝගය මුදල් අමාත්‍යංශයේ මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අති විශේෂ ගැසට් පත‍්‍රයක් ලෙස ජනවාරි 5 වැනිදා නිකුත් කර ඇතත් එහි මුද්රණ පිටපත තවම නිකුත් කර නැත. එම ගැසට් නිවේදනයට අදාල මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තු නිවේදනය අනුව, එම නියෝගය පසුගි දෙසැම්බර් 31 වන දා සිට කි‍්‍රයාත්මක වේ.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර 2019 ඔක්තෝබර් 31 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් වාහන ආනයනයේ සුඛෝපභෝගී බද්ද සම්බන්ධ නියෝග පනවා ඇති අතර, මහින්ද රාජපක්ෂ මහතා කර ඇත්තේ, එම නියෝගයට හා ඊට අදාල අනෙකුත් ගැසට් පත‍්‍ර නියෝගවලට අදාළ වන පරිදි බලපත‍්‍ර මත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ආනයනය කරන වාහන සදහා එම බද්ධ ඉවත් කිරීම බව අනිද්දා පුවත්පත වාර්ත කර තිබෙනවා.

එක් එක් වාහන කාණ්ඩයේ ඇති සාමාන්‍ය වාහනවල මිලට වඩා වැඩි මිලක් ඇති වාහන ගෙන්වීමේ දී හෙවත් මිල අභිබවා යෑමේදී මෙම සුඛෝපභෝගී ආනයන බද්ද පැනවීම සිදුකෙරේ.

බලපත‍්‍රයක් මත වාහන ගෙන්වීමේ දී බලපත‍්‍රයේ සදහන් මිල සීමාව ඉක්මවා වාහනයක් ගෙන්වීමේ දී සුඛෝපභෝගී ආනයන බද්ධ අය කෙරේ. කෙසේ වෙතත්, වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ට තවම වාහනස ආනයන බලපත‍්‍රය ලබා දී නැත.

මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත‍්‍රය අනුව, ලෝකයේ තිබෙන සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ හැකියාව තිබියදී, මේ බද්ධ ඉවත් කිරීමෙන් අදහස් වන්නේ, ඊටත් වඩා සුඛෝපභෝගී වාහන ගෙන්වීම සදහා නියෝගකිරීමක් බව රේගු නිළධාරියෙකු සඳහන් කර තිබෙනවා.

Thursday 7 January 2021

රාජ්‍ය ඇමති දයාසිරිට කොරෝනා


 රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මතට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් මේ වන විට ඔහු හික්කඩුවේ හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබයි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ කැබිනට් අමාත්‍යවරයා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කටයුතු කරනු ලබයි

Wednesday 6 January 2021

කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති ඝාතනය කළේ කටේ පාන්කඩ ඔබලා.. ඝාතනයේ සුල මුල හෙළි වෙයි.

 

පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු හංවැල්ල තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල සිරිධම්ම (65) හිමියන්ගේ මරණය සිදුවී ඇත්තේ කටට රෙදි පාන්කඩ වැනි යමක් ඇතුළු කිරීම හේතුවෙන් සිදු වූ හුස්ම හිරවීමකින් නිසා බව මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (5)දිනයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.

උන්වහන්සේට යම් පහරදීමක් ද සිදුවී ඇති නමුත් එම පහරදීම මරණයට හේතු වී නැතැයි මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ බව ද කොටදෙණියාව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම මළසිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.කේ. විජේවර්ධන මහතා විසින් සිදුකරන ලදී.

උන්වහන්සේ පැහැරගෙන ගොස් කිසියම් ස්ථානයකදී ඝාතනය කිරීමෙන් අනතුරුව දේහය ඇඳ ඇතිරිල්ලක හෝ දෙකක ඔතා මීරිගම-කොටදෙණියාව මාර්ගයේ නාවාන සොහොන් බිමට ගෙනැවිත් පෙට්‍රල් දමා පුළුස්සා තිබෙන බව ද මෙතෙක් කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

මෙම ඝාතනය කර ඇත්තේ එම විහාරයේ වැඩ සිටින 12 හැවිරිදි සාමණේර හිමිනමකට සිදුකළ බව කියන අපචාර සිද්ධියක් මුල් කරගෙන බව ද පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ට තර්ජනය කර මුදල් හා වටිනා දේපොළ ලබා ගැනීමේ අරමුණින් මෙම පැහැරගැනීම සිදුවී ඇතැයි පරීක්ෂණවලදී හෙළි වූ බව ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිය ලෙස සාමණේර හිමියන්ගේ මවත්, ඇයගේ සැමියා සහ මිල්ලනිය පොලිසියේ නිලධාරිනියකගේ සැමියාත් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර එම පුද්ගලයා ප්‍රධාන සැකකාරියගේ අනියම් සැමියා බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

සැකකරුවන් පිරිස ඉකුත් 2 වැනිදා රාත්‍රියේ විහාරස්ථානයට ගොස් අපචාර සිද්ධිය තමන් බාරගන්නා බවටත්, ඒ සඳහා මුදල් ලබාදීමට කැමැත්ත පළ කරන බවටත් සඳහන් කරමින් විහාරාධිපති හිමියන්ගෙන් බලෙන් ලිපියක් ලබාගැනීමට උත්සාහ ගෙන ඇති අතර, උන්වහන්සේ එම ලිපිය ලබාදීමට අකැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් සැකකරුවන් විහාරාධිපති හිමියන්ට පහර දී පැහැරගෙන ගොස් ඇති බවටත් හෙළිවිණි යැයි පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

නමුත් සිරිධම්ම හිමියන් ලිපිය ලිවීම ප්‍රතික්ෂේප කිරීම නිසා සැකකරුවන් හංවැල්ල පොලිසියට යන බව පවසා ඇති අතර ‘එහෙනම් මේක පොලිසියට ගිහින් බේරාගනිමු’ යැයි පවසා උන්වහන්සේ ද සැකකරුවන් සමග වෑන් රථයට ගොඩ වී ඇති බවත් පොලිසිය කියයි.
සැකකරුවන් පොලිසියට නොයා උන්වහන්සේ පැහැරගෙන ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් වෑන් රථයෙන් විහාරාධිපති හිමියන් පැහැරගෙන යන අතරේ සැකකාරිය ඇයට අයත් යතුරුපැදියෙන් වෑන් රථය පසුපසින් ගොස් ඇති බව ද පොලිසිය කියයි.

සිද්ධියේ ප්‍රධාන සැකකාරිය බ්‍රෝකර්වරියක ලෙස කටයුතු කරන බවත්, ඇය සමග ව්‍යාපාර කටයුතු කරන පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

තමන්ට විහාරාධිපති හිමියන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බවට සාමණේර හිමියන් තම මවට (සැකකාරියට) දැනුම්දීමෙන් පසුව ඇය මේ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන්ගෙන් කිහිප අවස්ථාවක දී දුරකතනයෙන් විමසා ඇතත් උන්වහන්සේ එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ද පොලිසිය පවසයි.

සැකකාරිය විහාරාධිපති හිමියන් හමුවීමට පෙර විහාරස්ථානයට පැමිණ ඇති අතර එහිදී උන්වහන්සේට මුදල් යහමින් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

පසුව සැකකාරිය දුරකතනයෙන් විහාරාධිපති හිමියන්ට නිතර නිතර කතා කර මුදල් ද ඉල්ලාගෙන ඇති අතර, රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදීමට විහාරාධිපති හිමියන් කැමැත්ත පළකර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

එසේ තිබියදී සැකකාරිය පිරිස සමග විහාරස්ථානයට කඩාවැදී විහාරාධිපති හිමියන්ට පහරදී මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පැහැරගත් විහාරාධිපති හිමියන් සැකකරුවන් විසින් මාකොළ උතුර උද්‍යාන මාවතේ පාළු දෙමහල් නිවසකට රැගෙන යනු ලැබ ඇති අතර එම නිවසේ හිමිකරු ප්‍රධාන සැකකාරිය සමග බ්‍රෝකර් රැකියාවේ නිරතවන්නකු බවත් ප්‍රධාන සැකකාරියගේ දැනුම්දීම මත විහාරාධිපති හිමියන් එම නිවසේ උඩුමහලේ කාමරයකට රැගෙන ගොස් එහිදී ද ලිපිය ලියන ලෙසට තර්ජනය කර සැකකරුවන් උන්වහන්සේට පහර දී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.

පසුව පිරිස උන්වහන්සේගේ කකුල් අතපය බැඳ ඇඳ මතට දමා ඇති බවත් එහිදී උන්වහන්සේට සිහිසුන් වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සිද්ධියේ සෙසු සැකකරුවන් එදින රාත්‍රියේම පිටව ගොස් ඇති අතර ප්‍රධාන සැකකරු හා සැකකාරිය පමණක් එම නිවසේ කාමරයක නැවතී ඇති බව ද පොලිසිය පවසයි.

රාත්‍රී කාලයේ විහාරාධිපති හිමියන්ට සිහිය ලැබී උන්වහන්සේ පැන යෑමට උත්සාහ ගෙන ඇති අතර ඒ බව දැනගත් ප්‍රධාන සැකකරු තවත් එක් සැකකරුවකු එම නිවසට ගෙන්වාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම සැකකරු පැමිණ ප්‍රධාන සැකකරු සමග එක්ව විහාරාධිපති හිමියන්ට පහරදී ඇති අතර එම පහරදීමෙන් පසුව අත පය බැඳ කටට ප්ලාස්ටර් අලවා ගොස් ඇති බවත් එහිදී උන්වහන්සේ අපවත් වී ඇති බවත් පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.

පසු දින එනම් 3 වැනිදා අලුයම සැකකරුවන් විහාරාධිපති හිමියන් අපවත් වී ඇති බව දැනගෙන සිරුර නිවසින් රැගෙන ගොස් වෙනත් ස්ථානයක දැමීමට සැලැසුම් කර ඇති අතර, විහාරාධිපති හිමියන්ට දෙමහල් නිවසේ හිමිකරුගේ කලිසම් කමිස අන්දවා මුහුණු ආවරණයක් දමා ත්‍රිරෝද රථයක නංවාගෙන ගෙන ගොස් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

සැකකාරිය සිය යතුරුපැදියෙන් ත්‍රිරෝද රථය පසුපස ගොස් ඇති බවත්, ප්‍රධාන සැකකරු සහ සෙසු සැකකාරු විහාරාධිපති හිමියන්ගේ මෘතදේහය ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ මැදිකර වාඩිකරවා රැගෙන ගොස් ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකාරිය යන අතරමගදී කඩවත ප්‍රදේශයේ ඉන්ධනහලකින් යතුරුපැදියට ඉන්ධන ලබාගෙන ඇති අතර ඇය වැඩිපුර ඉන්ධන කෑන් එකක් ද ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් විහාරාධිපති හිමියන්ගේ සිරුර තැන් කිහිපයකට දැමීමට උත්සාහ ගෙන තිබුණ ද වැඩි පිරිසක් එම ප්‍රදේශවල ගැවැසීම හේතුවෙන් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වී ඇති බව ද කියති.

සැකකරුවන් පසුව ත්‍රිරෝද රථය කොටදෙණියාව නාවාන සුසාන භූමියට රැගෙන ගොස් සිරුර තවත් පිරිසකගේ සහායෙන් ඇඳ ඇතිරිලි දෙකක ඔතා පෙට්‍රල් වත්කර වළක දමා ගිනි තබා ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ප්‍රධාන සැකකරු සහ සැකකාරිය හෝකන්දර ජෝතිකාරාම පෙදෙසේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර මාකොළ නිවසේ පදිංචි සැකකරු ද වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකාරිය, ඇයගේ සැමියා, අනියම් සැමියා සහ මාකොළ නිවසේ හිමිකරු සිටින බව ද පොලිසිය පවසයි.

මෙම ඝාතනය සදහා යොදාගත් යතුරුපැදියක්, වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.

විහාරාධිපති හිමියන්ට අයත් බැංකු පොත්, ඔප්පු, දිනපොත් ආදී භාණ්ඩ රැසක් ද ප්‍රධාන සැකකාරිය විසින් සොරාගනු ලැබ මාකොළ ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (5)දින පස්වරුවේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨසයේ වැඩ බලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරි රොහාන් රණවීර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, පොලිස් පරීක්ෂක හේමන්ත පෙරේරා, සැරයන්වරුන් වන ප්‍රසන්න (40248), බණ්ඩාර (21284), කොස්තාපල්වරුන් වන කුමාර (84762), ලලන්ත (72338), සමීර (81600), අනිල් (69598), අමිල (77688), කාන්තා පොලිස් කොස්තාපල් කෞශල්‍යා (10684), ලක්ශානි (11297), පොලිස් කොස්තාපල් රියැදුරු තිලකසිරි (18818), හරේන්ද්‍ර (29545), රණවීර (20462) යන මහත්වරු පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන්. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොපලිස් පරීක්ෂක ලියනගේ, පොලිස් සැරයන් ලීලාරත්න (34498) යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මරණ පරීක්ෂණයේ කටයුතු සඳහා එක්ව සිටියහ.

අවි ආයුධ එක්ක අහුවුන ඌවතැන්නේ හාමුදුරුවන්ට සමාව දුන්න නම් තවදුරටත් දුමින්ද සිල්වා සිරගත කර තැබීම සාදාරණ නෑ-විමල්


 ඌව තැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හැකි බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

” ඌව තැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවුයේ උන්වහන්සේ විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාව නිසයි. නමුත් දුමින්ද සිල්වාගේ නඩුවට අදාලව තීන්දුව ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක ගේ බලපෑම් එල්ල වුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඒ වගේම එම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරියක් සමග සිදුකළ දුරකථන සංවාදවල හඬ පට නිකුත් උනා. ඒවගෙන් තේරුම් ගන්න පුළුවන් දුමින්ද සිල්වාගේ නඩුවට බලපෑම් එල්ලවුවා කියලා. ඌව තැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දුන්නා වගේ දුමින්ද සිල්වාටත් සමාව ලබාදීමට හැකියි කියලා අපි කියනවා” අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා.




Tuesday 5 January 2021

අලුත් අවුරුද්දේ කෙල්ලෝ කොල්ලෝ ටිකක් එකතු වෙලා කරපු සුපිරි වැඩේ















( fb එකේ දැක්ක සුන්දර දසුනක්.) හැමෝටම ගොඩක් පිං...🙏🙏🙏🙏
නන් අයුරින් සහයෝගය දැක් වූ සැමට පිං අත් වේවා..🙏❤️
හැමෝගෙම උදව්වෙන් මහන්සියෙන් සුනඛයක් 100 කට අධික ප්රමානයකට කෑම වේලක් ලබා දීමට අපට පුළුවන් උනා..දද කුෂ්ඨ වලින් පෙලෙන සුනඛයන් හට යෝගට් සමග එම රෝගයන් වලට අදාල වෛද්ය නිරිදේශිත ඖෂධ ලබා දුන්නා 😃👍

 

Monday 4 January 2021

යහපාලන නීතියේ දංගෙඩියට අහින්සක මිනිසුන් දැක්කවූ තුසිත් මුදලිගේ ට දිට්ටධම්ම වේදය පඩිසන් දෙයි.


යහපාලන නීතියේ දංගෙඩියට අහින්සක මිනිසුන් දැක්කවූ තුසිත් මුදලිගේ ට දිට්ටධම්ම වේදය පඩිසන් දෙයි.

තුසිත් ඇයි රෝහලේ

...,,,,,,,,,,,,,,,,,,

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයකු වූ තුසිත් මුදලිගේ මේ වෙන විටත් ඉන්නේ කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේය.


ඒ මොළයේ ගෙඩියක් හේතුවන් බවයි වාර්තා වූයේ.

කවුද මේ තුසිත් ?

කූප්‍රකට නීතිය නමන්නෙක් සහ දේශපාලන ඩීල් කරුවෙකු වූ තුසිත් කිසිදු වරදක් නොකල මිනිසුන් දංගෙඩියටද එහෙමත් නැත්නම් අහින්සකයින් ගේ දේශපාලන කෝනය බලා මහ උළු ගෙදර ජීවිතාන්තය දක්වා සිරබත් කෑවිමටත් තීරන දෙන තැනට වැඩ කරන්න කටයුතු කල අයෙකි.


කාගෙත් යහපාලනය උදෙසා සාධාරණයක් කිරීමට යැයි පවසා පැමිනි පසුගිය විකට ආන්ඩුවේ පඹයින්ගේ රස දිවට ආහාර දෙන්නට තුසිත් ලා කලේ ඉමහත් සේවාවකි.ඒ විහිලු සපයන්නට සහ පලි ගැනීම් කරන්නට අරමුණු ඇතුව යම පාලනය පිහිටපූ පඹ දූෂන විරෝධී කමිටුවේ නීති උපදේශක ලෙස කටයුතු කරමින්‍ ය. 


එහිදී තමන්ගේ හිතු මනපෙට තමන්ගේ ආතල් එක සහ දේශපාලන කුණු ඩීල් එක වෙනුවෙන් තුසිත් සිය මණදොල පිනා ගත්තේ අශීලාචාර මිනිසුන්ගේ ඕනා එපා කම් ඉටු කරමිනි.


එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව සේවය කරන සමයේ ම දුෂන විරෝදී කමිටුවේ ද සිටිමින් ලබාගත් මුදල් නිසා දේශපාලන පලිගැනිම් සොයන ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේද ඔහු ට එරෙහිව පැමිනිල්ලක්ද විභාග වෙමින් තිබේ.

එහිදී අනාවරණය වූ කාරනයක් නම් ඔහුට මුදල් ගෙවා ඇත්තෙ හිටපු අග්‍රාමාත්‍ය වරයාගේ වැය ශීර්ෂය යටතේ බවයි.


දේශපාලන අශීලාචාර බව වෙනුවෙන් මහජන මුදල් ඔහු වෙනුවෙන් වියදම් කල යමපාලනය බැසිල් රාජපක්ෂ මහතා සිර කිරීමට මෙහෙයවූ බොරු නඩු සහ ලලිත් වීරතුංග නඩුව මෙන්ම අසාදාරණ ලෙස සිරගත කල දුමින්ද සිල්වා නඩුවද මෙහෙයවූයේ මොහු විසින් වීම විශේෂයෙන් මතක් කල යුතුය.


දේශපාලකයා ගේ නොහොබිනා තීරණ වෙනුවෙන් තුසිත්ලා පෙට්ටියට ඇන ගසා වලට දැමුවේ ඔබේත් මගේත් අනාගතයයි.ඔබෙත් මගේත් මුදල්‍ය. ඔබේත් මගෙ රටේත් ආරක්ශාවය.

ඔප්පුවෙන දිට්ටධම්මය

........

මෙවැනි ඩීල් කරුවන්ට සහ කොතෙකුත් මුදල් ලැබුනත් කල දේ පලදෙන්නට යන්නෙ ඉතා ස්වල්ප වෙලාවකි.එය ලොවුතුරා බුදු දහමට අනුවම ඔප්පු වෙමින් තිබෙයි.


අනුන් වලට හෙලා සතුටු වූ තුසිත් අද සිටින්නෙ ජාතික රෝහලේ ඇදක් උඩය. ඒකත් මොලයේ ස්නායු ආභාදයක් සහ ටියුමර් එකක් හෙතුවෙනි. මිනිසෙකු ට එසේ වනවාට තුසිත් ලා කැමති උනත් අපි කැමති නැති වුනත් ස්වභාවධර්මය තුසිත්ලාට පාඩම් කියා දෙමින් සිටින බවයි පෙනී යන්නෙ.


මේ බවයෙ කල කී දේ එසේම වෙමින් අනෙක් අතට පඩිසන් දෙමින් ඇත්තේ එබැවිනි. 

Friday 1 January 2021

විකට්ටුවක් ලෙස සැරසූ මිනී වල....

 විකට්ටුවක් ලෙස සැරසූ මිනී වල....කවුද දන්නේ නෑ.. සුබ ගමන් මිත්‍රයා.. 😢😢😢❤️