Random Posts

3/random/post-list

Monday 12 July 2021

කොළඹින් පිට යනවනම් එයාලා එක දවසට මට ලක්ෂ 4 ක් දෙන්නම් කිව්වා!!දිවිතුරා එකේ වින්ඩි


 කොළඹින් පිට යනවනම් එයාලා එක දවසට මට ලක්ෂ 4 ක් දෙන්නම් කිව්වා!!දිවිතුරා එකේ වින්ඩි 

වින්ඩිගේ අම්මයි තාත්තයි දෙන්නම අනුරාධපුරයේ ඉඳලා තකහනියක්ම කොළඹ ආවේ වින්ඩිගේ වෙඩින් එක ගැන කතා කරගන්න.මේ දේවල් පිලිවෙලකට වෙන්න ඕන නිසා අගස්තිව හමුවෙලා කතා කරගන්න එක තමයි ඒ දෙන්නගේ හිතේ තිබ්බේ.


ඒත් අගස්ති ගෙදර නෑ කියලා කොහොම නම් කියන්නද..ඒ නිසා වින්ඩි ඒකටත් පොඩි වැඩක් ප්ලෑන් කරා.අගස්ති ඉන්න තැන ගැන දන්න හින්දා උදෙන්ම හොයගෙන යන්න තමයි වින්ඩි කල්පනා කරේ.

"අම්මේ..මට හෙට කොළඹින් පිට යන්න වෙනවා.මට අලුත් වැඩක් සෙට් වුනා"
වින්ඩි එහෙම කියනකොට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම මූණවල් ඇඹුල් වුනා.

"එහෙම කොහොමද..අපි හෙට අගස්ති පුතාව හම්බවෙන්නනේ ඉන්නේ "?

"ඔවු..ඒක තමයි ඒ නිසා ඔය වැඩේ කල් දාගන්න"

අම්මයි තාත්තයි දෙන්නම එහෙම කියනකොට වින්ඩි අසරණ වුනා.

"ඒත් අම්මේ..මේක ලොකු වැඩක්..මට මේ වැඩේට ලක්ෂ 4 ක් දෙන්නම් කිව්වා "

වින්ඩි එහෙම කියනකොට තාත්තගේ මූණ රැලි වැටුනා.

"මොකක් ?ලක්ෂ 4 ක්..මයෙ අම්මෝ..අපිට එක කන්නයක් වැඩ කරත් ඔච්චර ගානක් හොයාගන්න බෑනේ..අනේ අපි මේ ඉන්න එකේ හෙටත් ඉමු.දුව ඒ වැඩේ කරගෙන එන්න එහෙනම්
"
වින්ඩිගෙ තාත්තා එහෙම කියනකොට අම්මා නම් බිම බලාගත්තා.

ඔය අතරෙ අගස්තිට කෝල් එකක් ආවේ තේමියගෙන්

"මචෝ..මචෝ.කොහෙද ඉන්නේ..අපි ඔක්කොම අමතක කරලා දාලා මේ වැඩේ කරමු ,අපේ යාලුකම වෙනුවෙන්"
තේමිය එහෙම කියද්දි අගස්තිට හිනාගියා.

"උඹ මට කරේ යාලුවෙක් කරන වැඩක්ද ?

"මචන්.මචන්..එහෙම කියන්න එපා.අපි ඔය තරුපති කියන මිනිහව දන්නෙත් නෑ..කතා කරෙත් එක පාරයි..මේ අහපන්..අපි දෙන්නගේ යාලුකම හැමදාම තියෙනවනේ..ඒ නිසා අපි ඔක්කොම අමතක කරලා දාලා සෙට් වෙමු "

තේමිය කපටි විදිහට එහෙම කියද්දි කිසිත් නොකියපු අගස්ති ෆෝන් එක කට් කරලා පැත්තකට තිබ්බා.

ඇත්තටම වින්ඩි අගස්ති හොයාගෙන යයිද..ඒ ගියත් ආපහු එන්න අගස්ති කැමති වෙයිද..අගස්ති නැති රයිසින් ස්ටාර් එකෙන් වැඩක් තියෙයිද..

මේ හැම ප්‍රශ්නයකටම උත්තර සතියේ දවස්වල හිරු ටීවි දිවිතුරා නරඹන ඔබට බලාගන්න පුලුවන්.


මහවිරු පණ්ඩු එකේ ඉන්න අනූශාගෙන් අනේ මිස් බඩු ටිකක් දෙන්න කියා ඉල්ලලා !!"අනේ මිස්, බඩු ටිකක් දෙන්න. මිස්ට බැරි නම් කාට හරි කියලා ඉල්ලලා දෙන්න. මට බබාලා ඉන්නවා කියලා කියන්නේ.." - අනුෂා දමයන්තිට එන ඇමතුම් ගැන ඇය කියන සංවේදී කතාව


මහවිරු පණ්ඩු  එකේ ඉන්න අනූශාගෙන් අනේ මිස් බඩු ටිකක් දෙන්න කියා ඉල්ලලා !!"අනේ මිස්, බඩු ටිකක් දෙන්න. මිස්ට බැරි නම් කාට හරි කියලා ඉල්ලලා දෙන්න. මට බබාලා ඉන්නවා කියලා කියන්නේ.." - අනුෂා දමයන්තිට එන ඇමතුම් ගැන ඇය කියන සංවේදී කතාව

මේ දවස්වල කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. මම මහවිරු පඬු ටෙලිනාට්‍යයේ රංගන කටයුතුවල යෙදෙනවා. ඒ වගේම කෞරවති කුමරිය මේ දවස්වල සටන් කරනවා. චරිතයේ ප්‍රතිචාර හොඳ නරක මැද ගලාගෙන යනවා.


මේක ඇත්තටම ඉතිහාසගත කතාවක්. ඉතිහාසයේ ඉඳලත් බලයට තරඟ කරන ආකාරය තමයි මේකෙන් පෙන්වන්නේ. මේ චරිතයට මාව ගැළපෙනවා කියලත් කට්ටිය කියනවා. ඒ වගේම තවත් සමහරු කියනවා අම්මෝ ටිකක් සැරට රඟපානවා කියලත්. රූගත කිරීම්වලදී පවා මට තවම බිහිසුණු අත්දැකීම්වලට මුහුණදෙන්න සිද්ධ වෙලා නැහැ. තවම පොඩි කොටස් ප්‍රමාණයක් තමයි විකාශනය වුණේ. මේක දැවැන්ත කතාවක්.

මගේ නර්තන වැඩකටයුතු නම් සහමුලින්ම නතර වෙලයි තියෙන්නේ. මම මීට කලින් නාට්‍ය හතරක වැඩ කරමිනුයි හිටියේ. ඇත්තටම කොවිඞ් පළමු රැල්ල ආවට පස්සේ අපේ එන්ටර්ට්‍රේනින් කියන කොටසේ සියල්ල කඩාවැටුණා. ඉතිං මම ටෙලිනාට්‍ය කියන මාතෘකාව හරි අඩුවෙන් තමයි භාර ගත්තේ. අතලොස්සක් තමයි ටෙලිනාට්‍ය තියෙන්නේ. සිනමාව තමයි මගේ ප්‍රධාන දේ.
සිනමා පට දෙකක් අලූතෙන් රූගත කිරීම් කරන්න සියල්ල සූදානම් කරලයි තිබුණේ. එක පාරටම කොවිඞ් එක්ක මේ සියල්ල අනෙක් පැත්තටම වැටුණා.

සිනමා පටනම් සහමුලින්ම නතර වුණා. කරලා තේරුමක් නැහැ. මොකක්ද වෙන්නේ බලමු කියන තැනට ඇත්තටම නතර කරගෙන ඉන්නවා. ඒ වගේම අපි විදෙස්ගත වෙලා සිදුකරන ප්‍රසංග වගේම ලංකාවේ නර්තන ප්‍රසංගත් නතර වෙලා ඉවරයි. මම හිතන්නේ සමස්ත කලාකරුවාම බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා.

පළමු කොවිඞ් රැල්ලෙන් පස්සේ තමයි මම නිර්මාණ කිහිපයක් භාරගත්තේ. දැනට නම් ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ තමයි වැඩ කරන්නේ. හිඟන කොල්ලා චිත්‍රපටයේ රූගත කිරීම් ගිය මාසයේ ආරම්භ කරන්න තිබුණේ. ඒක ළමා චිත්‍රපටයක්. හැබැයි ඒකත් නතරවුණා. ඇත්තටම කිව්වොත් මගේ චිත්‍රපට හතක් එන්න තියෙනවා. එයින් කීපයක් එයිද කියලා විශ්වාසයක් නෑ. හැබැයි කීපයක් මේ දැන් එයි හෙට එයි කියන මට්ටමේ තිබුණේ. ඊටත් වඩා අපි කරන්න හිටිය චිත්‍රපට ගැන ලොකු විශ්වාසයකින් හිටියේ. ඒවා දැවැන්ත විදිහට වියදම් කරලා කරන්න තිබුණ වැඩ.

මේ තත්ත්වය කලාකරුවාට පමණක් නොවෙයි. සමස්ත ලෝකයටම වගේම මගේ රටේ සමස්ත ජනතාවට බලපාල තියෙන්නේ. එදිනෙදා ජීවිකාව කරගත්තු මිනිස්සු දැවැන්ත අර්බුදයක ඉන්න වෙලාවක්. කියන්න වචන නැති කිසිම දෙයක් නෙමෙයි බඩට කෑම වේලක් ඉල්ලන තරමටම ඇවිල්ලා ඉවරයි. ඔවුන්ට වෙන මොකුත්ම අවශ්‍ය නැහැ. මටම එන දුරකථන ඇමතුම් ටිකෙන් මම ඒ ගැන හොඳට දන්නවා.

වෙනදාට මිනිස්සු කතාකරලා මගෙන් ඉල්ලූවේ දුවට රඟපාන්න අවස්ථාවක් හදලා දෙන්න. පුතාට රඟපාන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. හැබැයි දැන් එන හැම කෝල් එකක් එන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහට.

අනේ මිස්, බඩු ටිකක් දෙන්න. මිස්ට බැරි නම් කාට හරි කියලා ඉල්ලලා දෙන්න. මට බබාලා ඉන්නවා. නැත්නම් අනේ මිස් පුතාල ඉන්නවා. ඒ ගොල්ලන්ට ඔන්ලයින් ඉගෙනගන්න ෆෝන් එකක් දෙන්න පුළුවන්ද? නැතිනම් මට සල්ලි එපා ෆෝන් කාඞ් එකක් අරගෙන හූරලා නම්බර් එක කියන්න. ඒ වගේම දුරකථන ඇමතුම් දිහා බැලූවහම කලාකරුවා විතරක් කියලා කියන්න බැහැ. සමස්ත ජනතාවම අර්බුද රැසකට මුහුණ පාලා තියෙනවා. මේ කතාකරන මිනිස්සුන් ගේ පවුල්වල කවුරු හරි එක්කෙනක් අපේ සිනමා පටයක් බලන්න එන්න ඇති.

මම මට පුළුවන් හැමදේම ඔවුන්ට කරලා තියෙනවා. මම ඒවා කවදාවත් ටීවී එකේ හෝ ෆේස්බුක්වල දාන්න වුවමනා නැහැ. මම කරන කිසිම දෙයක් සමාජ මාධ්‍යවල දාන්නෙත් නැහැ. මගෙන් කවුරුහරි දෙයක් ඉල්ලලා තියෙනවා නම් මම ඒ දේ මට පුළුවන් විදිහට දීලා තියෙනවා. හැම තිස්සේම මට පුළුවන් විදිහට කරලත් තියෙනවා.

මම ස්වභාවදහමෙනුත් ඉල්ලන්නේ ඒ දේවල් කරන්න ලැබෙන්න කියලා. ඒක තමයි මනුෂ්‍යත්වය කියලා මම විශ්වාස කරන්නේ. හැමෝම එක්් එක්කෙනා කාට කාට හරි පුළුවන් විදිහට උදව් කරගන්න ඕනෑ කියලා තමයි හැමෝටම කියන්න තියෙන්නේ.

මම එළියට බැස්සත් කතාකරන්නේ ඒ ගැන. අපි එකතුවෙලා හරි යමක් මේ වෙලාවේ කරන්න ඕනෑ. අපෙන් උදව් ඉල්ලන්නේ ඔවුන්ට උදව් අවැසි මොහොතකනේ. අනික මේ වෙලාවේ හැමෝටම කියන්නේ අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න ගෙදරින් එළියට බහින්න එපා කියලයි.

දිනේෂ් විතාන

දිවයින

Tuesday 6 July 2021

හකීම්ගේ නිවස ඉදිරිපිට කාන්තාවක් ගිණිතබාගත්තා මතකද ?


  මර්වින් ජේ. කුරේගේ  දියණිය හකීම්ගේ  නිවස ඉදිරිපිට ගිනිතබාගෙන  පිළිස්සී පසුව මිය ගියේ ඇයි?

මර්වින් ජේ. කුරේගේ දියණිය කුමාරි කුරේද මියගියේ පිළිස්සීමෙනි.රවුෆ් හකීම් සමඟ තිබූ  අනියම් සම්බන්දතාවයක් නිසා ඇති වූ ආරවුලකින් සිද්ධි මාලාවකට පසු කුමාරි කුරේ 2005දී රාවුෆ් හකීම්ගේ නිවස ඉදිරිපිටදී ගිනිතබාගෙන පසුව මිය ගියාය.

අන්තවාදය සහ ජාතිවාදය අවුස්සා බලයට පැමිණීම 

මුස්ලිම් අන්තවාදය සහ ජාතිවාදය  අවුස්සා සෑම චන්දයකින්ම බලය ලබා ගැනීමට සූක්ෂම වන රවුෆ් හකීම් වැනි අන්තවාදීන් නොකඩවා පාර්ලිමේන්තුවට පත් වෙයි.රවුෆ් හකීම් සහරාන් හමු වූ බව පසුගියකාලයේ රූපවාහිනී නාලිකා වලින් නිකුත් කල වීඩියෝපටයෙන් හෙළිවිය .අන්තවාදීන් පෝෂණය කරමින් අපේ රටේ සිද්ධීන් ජාත්‍යන්තරයට හුවා දක්වා එමගින් අර්බූද නිර්මාණය කරන රවුෆ් හකීම් වැන්නවුන් ගැන රටත් ජනතාවත් දැනුවත් විය යුතුය 

මෙම අතිශය සංවේදී අවස්ථාව වඩාත් කල්පනාකාරීව විමසා බැලිය යුතුවේ. සිංහලයින් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් කොට අන්තවාදීන් කිරීමට ගන්න මොවුන්ගේ උත්සාහය වහාම හඳුනාගෙන කලපනාකාරීව කටයුතු කිරීමට අවශ්‍ය කාලය යළිත් උදා වී තිබේ. මොහු කළ මෙම කටයුත්ත නිසා මේ වන විටත් බොහෝ අකටයුතුකම් වලට මුහුණ දීමට අපේ මිනිසුන්ට සිදු වී ඇත. මේ නිසා රටක මිනිසුන්ගේ කීර්තිය ඇති කරන ඔවුන්ට ආත්ම ගරුත්වය සඳහා ඉඩක් ලබාදෙන වැඩ පිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටීමට කාලය උදා වී ඇත.