Random Posts

3/random/post-list

Thursday 31 December 2020

දුමින්ද සිල්වාට සහනයක්! - රන්ජන්, ශානී සහ පද්මිනීට චෝදනා!! - ජනාධිපති කොමිසම නිර්දේශ කරයි

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතාට යම් සහනයක් ලබාදීම යෝග්‍ය බවට ජනාධිපති කොමිසමක් විසින් ජනාධිපතිවරයාට නිර්දේශකර ඇත. 

දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලියක ගොදුරක් වූ දුමින්ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීම කරන කොටගෙන ඔහුට සිදුවූ හානිය සඳහා පැමිණිලිකරුට යම් සහනයක් ලබාදීම යෝග්‍ය  බව කොමිෂන් සභාව නිර්දේශකර ඇත. 



එම කොමිෂන් නිර්දේශය පහතින් දැක්වේ .










හලාවත මුන්නේශ්වරමේ කාලි මෑනියන්ගේ පිළිමය සොරුන් ගෙන යයි..පොලීසියෙන් විමර්ශන.


 හලාවත මුන්නේශ්වරමේ සොහොන් කාලි දේවාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා පස් ලෝ දේව ප්‍රතිමාවක් සොරකම් කර ඇති බව වාර්ථා වේ.

මේ සම්බන්ධයෙන් හලාවත් පොලීසිය මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතී.පසුගිය 29 වැනිදා අලුයම මෙම සොරකම සිදුකර ඇති බව දේවාලයේ භාරකරුවන් පොලීසියට පැමිණිලි කර තිබේ.

දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශවක් අතර පවතින මත ගැටුමක් හේතුවෙන් අදාල නඩුව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.මීට පෙරද මෙම දේවාලයේ දේව ප්‍රතිමාවක් සොරකම් කිරීමක් සිදුව ඇත.

Tuesday 29 December 2020

යුක්‍රේන සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා‼️


 මෙරට සංචාරය සඳහා පැමිණි යුක්රේන ජාතිකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා.

විමල් දයාසිරි සහ හරීන් එකම වේදිකාවේ ගී ගයයි


"එයාලා සැපේ"යන මාතෘකාව යටතේ සමාජ මාද්‍ය පුරා සැරිසරන පින්තූරය ඉහතින් දැක්වේ 

Monday 28 December 2020

මත්දව්‍ය වැටලීමට ඔත්තු දුන්නැයි - තිදරු පියාගේ අත් පා කැපූ මැරයා පොලිස් වෙඩි පහරින් මරුට


 මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පොලිසියට ඔත්තු ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිදරු පියකුට තියුණු ආයුධවලින් පහරදී ඔහුගේ දෑත් දෙපා කපා සිරුරෙන් වෙන් කළ ප‍්‍රධාන සැකකරු වේයන්ගොඩ අල්ගම්පිටිය ප‍්‍රදේශයේදී ඊයේ (28දා) අලූයම 3.30ට පමණ පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත.


මෙම සාහසිකයා විසින් තිදරු පියාට තියුණු ආයුධවලින් පහරදී සිරුරෙන් දෑත් දෙපා කපා වෙන්කර තිබුණේ ඉකුත් (19දා) උදෑසන වේයන්ගොඩදී ඔහුගේ පුත‍්‍රයා ඉදිරිපිටදීම බව පොලිසිය පවසයි. ඔහුගේ දෑත් දෙපා කපා සිරුරෙන් වෙන් කළ මෙම සාහසිකයා සහ තවත් අයකු ඔහුගේ එක් පාදයක් රැගෙන ගොස් තිබූ බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු දින 90 ක රැඳවුම් නියෝග මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියදී මෙම ප‍්‍රහාරයට යොදාගත් ආයුධ පෙන්වීමට ඊයේ අලූයම රැගෙන ගොස් තිබිණි.

වේයන්ගොඩ අල්ගම්පිටිය ප‍්‍රදේශයේදී සැකකරු දෑත් විලංගුවලින් පොලිස් නිලධාරියකුගේ ගෙල සිරකර පලා යෑමට උත්සාහ කරද්දී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් මොහු මියගොස් ඇත.

මෙසේ මරුමුවට පත්ව ඇත්තේ 37 හැවිරිදි යෝධපේලිගේ නිශාන්ත කුමාරසිරි නමැති අයෙකි. මෙම අපරාධකරු වේයන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ කසිප්පු ව්‍යාපාරිකයකු වන අතර අයිස්, හෙරොයින්, ගංජා ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවකු බවද පොලිසිය පවසයි.

මෙම අපරාධකරුට එරෙහිව මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ තවත් අපරාධ සම්බන්ධයෙන් නඩු පහක් අධිකරණවල විභාග වෙමින් තිබෙන බවද පොලිසිය පවසයි.

අපරාධකරු වේයන්ගොඩ ප‍්‍රදේශයේ නමගිය පාතාල මැරයකු වූ බේස්ටල් මහතුන් නමැත්තාගේ වැඩි මහල් පුත‍්‍රයා බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

වේයන්ගොඩ බෑවුන්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ 40 හැවිරිදි සුනන්ද වෘත්තියෙන් පෙදරේරුවෙකි. තුන්දරු පියකු වූ ඔහු නිවාස ඉදිකිරීමේ කටයුතුවල නිරත වෙමින් සිය දරු පවුල සමග යහපත් ජීවිතයක් ගත කළ අයකු බව පොලිසිය පවසයි.

මීට සති දෙකකට පමණ උඩදී අනුරාධපුරයේ සිට රැුගෙන ආ ගංජා තොගයක් වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ සැකකරුවකුද සමගය.

මෙම ගංජා තොගය පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් මරුමුවට පත්වූ නිශාන්ත කුමාරසිරි නමැත්තාට අයත් බව පසුව හෙළිවිය.

මෙම ගංජා තොගය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට ඔත්තුව දී ඇත්තේ සුනන්ද නමැති පෙදරේරුවා බවට සැක පහළ කළ නිශාන්ත කුමාරසිරි ඔහුට මරණ තර්ජන එල්ල කර ඇත.

ඉකුත් 19 වැනිදා උදෑසන 10.30 ට පමණ සුනන්ද සිය පහළොස් හැවිරිදි පුත‍්‍රයාද සමග සිමෙන්ති බෑගයක් ගෙන ඒමට වේයන්ගොඩ අල්ගම්පිටිය ප‍්‍රදේශයේ වෙළෙඳ සලකට ගොස් ඇත.

සිමෙන්ති මිලදී ගැනීමෙන් පසු සුනන්ද තවත් වෙළෙඳ සලකට ගොස් ඇති අතර නිශාන්ත කුමාරසිරි සහ තවත් මැරයකු ඒ අවස්ථාවේ යතුරුපැදියකින් එහි පැමිණ සුනන්ද අසලටම ගොස් තියුණු ආයුධවලින් ඔහුට පහරදී ඇත. තම පියාව කපා කොටා පහරදෙනු දුටු පුත‍්‍රයා විලාප නඟමින් ඔහු බේරා ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී තිබේ.

සාහසිකයන්ගෙන් බේරීමට සුනන්ද වෙළෙඳ සල තුළට දිව ගොස් ඇති අතර කැපුම් තුවාල නිසා ඔහු බිම ඇද වැටී ඇත.

ඒ අවස්ථාවේ සුනන්ද ලූහුබැඳ පැමිණි සාහසිකයන් ඔහුගේ දෙපා සහ දෑත් තියුණු ආයුධවලින් කපා සිරුරෙන් වෙන්කර එක් පාදයක් රැුගෙන පලාගොස් තිබේ.

සාහසිකයන් ගිය පසු එහි පැමිණි ප‍්‍රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි සුනන්ද වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සුනන්ද පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

එහිදී සුනන්දගේ එක් අතක් ශල්‍යකර්මයකින් බද්ධ කිරීමට වෛiවරුන් කටයුතු කළද එය සාර්ථක වී නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සුනන්දගේ සිරුරෙන් කපා වෙන්කර රැුගෙන ගිය පාදයේ කොටස දිනකට පසු වේයන්ගොඩ අල්ගම්පිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක් අසලට ගෙනැවිත් දමා තිබිණි.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින සුනන්දගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඊට සම්බන්ධ සාහසිකයන් දෙදෙනා ප‍්‍රදේශය අතහැර පලාගොස් තිබිණි.

පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වද්දී නිශාන්ත කුමාරසිරි නමැති ප‍්‍රධාන සැකකරු නීතිඥවරයකු මාර්ගයෙන් කුරුවිට පොලිසියට භාරවී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කර තිබුණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ ආරම්භ කළ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු නිශාන්ත කුමාරසිරි මාස 3 ක රැුඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට සිය භාරයට ගෙන තිබේ.

සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත වේයන්ගොඩ අල්ගම්පිටිය ප‍්‍රදේශයේ සඟවා තිබූ ග්‍රෙනේඞ් බෝම්බ 2 ක්, වෙඩි නූල් සහ හෙරොයින් ග‍්‍රෑම් 5 ක් සොයාගෙන තිබිණි.

මේ අතර සුනන්දට පහරදී කපා කොටා තුවාල කිරීමට යොදාගත් කඩු දෙකක් සඟවා තිබෙන ස්ථානයක් පෙන්වීමට නිශාන්ත කුමාරසිරි පොලිස් නිලධාරීන් සමග ගොස් ඇත.

ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ගමන්ගත් කැබ් රථයේ සිටි නිශාන්ත තම දෑතට දමා තිබූ විලංගුවෙන් කැබ් රථය පදවාගෙන ගිය පොලිස් නිලධාරියාගේ ගෙල සිරකර පලා යෑමට උත්සාහ කර තිබේ.

එහිදී පොලිස් නිලධාරියකු සැකකරුට වෙඩි තබා ඇත. වෙඩි ප‍්‍රහාරයට ලක්වූ සැකකරු නැවතත් පොලිස් නිලධාරියකු සමග පොර බදා පැන යෑමට උත්සාහ ගනිද්දී පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇත.

එහිදී බරපතළ තුවාල ලැබූ සැකකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට රැුගෙන යද්දී අතරමග මියගොස් තිබේ.

සුනන්ද නමැති පෙදරේරුවාට පහරදී තියුණු ආයුධවලින් ඔහුගේ දෑත් දෙපා කපා වෙන් කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු පානදුර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව විමර්ශනවලින් හෙළිවී ඇත.

එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශී‍්‍ර මහත්වරුන්ගේ උපදෙස් මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ඕ.කේ.ටී. නානායක්කාර, ස්ථානාධිපති ජයන්ත ධර්ම කීර්ති යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පොලිස් පරීක්‍ෂකවරුන් වන පතිරාජසූරිය, අජිත් සේනානායක, උ.පො.ප. බණ්ඩාර, සැරයන් (41491) මංජුල, කොස්තාපල්වරුන් වන (3088) අමිල, (48211) ජයසිංහ නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ කැබ් රථය පැදවූ කොස්තාපල්වරයා ගම්පහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

හේමන්ත රන්දුණු, මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක, වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ, කල්එළිය - චන්ද්‍රවීර වික‍්‍රමරත්න

Sunday 27 December 2020

ශෙල්ටන් මුතුනමගේ ගායන ශිල්පියායානනි, ඔබට සුභ ගමන්...


 මේ දෙව්මැදුරේ පුදසුන අභියස සිට සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොයුරියේ කියමින් වරදේ නොඹැදෙන සීතාවන් නොමැති බව මානුශීයවූත් සංවේදීවූත් ආකාරයෙන් ගීතයෙන් අපට කිවූ ඔහු...

සැම උදෑසනකම ආයුබෝවන් කියා කාටවත් නොකීව ආදරේ අයදමින් හදවතට දැනෙන රසවත් ගීත රැසක් තිලින කල ආදරනී ගායන ශිල්පියෙක්...
මහසයුරේ ගැඹුරේ දියේ දිවි හෙවමින් සිය බඩගින්නෙ නිමා ගන්න ධීවර රැකියාවෙ යෙදෙන මිනිසුන්ගේ දුකට මෙන්ම සිතට වාරු ගෙන අතුරේ නගින මිනිසුන්ගේ කඳුල වෙනුවෙනුත් සිය ගීතයෙන් ආමන්ත්රණය කල සංවේදී ගායන ශිල්පියෙක්...
ගෝෂාකාරී කඨෝර වත්මන් අප්රසන්න සංගීත රටාව වෙනුවට සදාකාලික ලෙසම රසවිඳිය හැකි ගීත රැසක් තිළින කල ශෙල්ටන් මුතුනමගේ ගායන ශිල්පියායානනි,
ඔබට සුභ ගමන්...

Thursday 24 December 2020

සමාජ මාද්‍ය කැලඹූ වයසක කොල්ලගෙයි තරුණ කෙල්ලගෙයි ප්‍රථම විවාහ සංවත්සරය

 සමාජ මාද්‍ය කැලඹූ වයසක කොල්ලගෙයි තරුණ කෙල්ලගෙයි ප්‍රථම විවාහ සංවත්සරය










Wednesday 23 December 2020

පරිසරයට ආදරය කරන ඔබ සදහාම කෙසෙල් කොළ,හබරල කොළ බජට් ප්‍රී ෂූට්...😍පින්තූර 15ක්

 පරිසරයට ආදරය කරන ඔබ සදහාම කෙසෙල් කොළ,හබරල කොළ බජට් ප්‍රී ෂූට්...😍පින්තූර 15ක්