Random Posts

3/random/post-list

Monday 12 July 2021

කොළඹින් පිට යනවනම් එයාලා එක දවසට මට ලක්ෂ 4 ක් දෙන්නම් කිව්වා!!දිවිතුරා එකේ වින්ඩි


 කොළඹින් පිට යනවනම් එයාලා එක දවසට මට ලක්ෂ 4 ක් දෙන්නම් කිව්වා!!දිවිතුරා එකේ වින්ඩි 

වින්ඩිගේ අම්මයි තාත්තයි දෙන්නම අනුරාධපුරයේ ඉඳලා තකහනියක්ම කොළඹ ආවේ වින්ඩිගේ වෙඩින් එක ගැන කතා කරගන්න.මේ දේවල් පිලිවෙලකට වෙන්න ඕන නිසා අගස්තිව හමුවෙලා කතා කරගන්න එක තමයි ඒ දෙන්නගේ හිතේ තිබ්බේ.


ඒත් අගස්ති ගෙදර නෑ කියලා කොහොම නම් කියන්නද..ඒ නිසා වින්ඩි ඒකටත් පොඩි වැඩක් ප්ලෑන් කරා.අගස්ති ඉන්න තැන ගැන දන්න හින්දා උදෙන්ම හොයගෙන යන්න තමයි වින්ඩි කල්පනා කරේ.

"අම්මේ..මට හෙට කොළඹින් පිට යන්න වෙනවා.මට අලුත් වැඩක් සෙට් වුනා"
වින්ඩි එහෙම කියනකොට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම මූණවල් ඇඹුල් වුනා.

"එහෙම කොහොමද..අපි හෙට අගස්ති පුතාව හම්බවෙන්නනේ ඉන්නේ "?

"ඔවු..ඒක තමයි ඒ නිසා ඔය වැඩේ කල් දාගන්න"

අම්මයි තාත්තයි දෙන්නම එහෙම කියනකොට වින්ඩි අසරණ වුනා.

"ඒත් අම්මේ..මේක ලොකු වැඩක්..මට මේ වැඩේට ලක්ෂ 4 ක් දෙන්නම් කිව්වා "

වින්ඩි එහෙම කියනකොට තාත්තගේ මූණ රැලි වැටුනා.

"මොකක් ?ලක්ෂ 4 ක්..මයෙ අම්මෝ..අපිට එක කන්නයක් වැඩ කරත් ඔච්චර ගානක් හොයාගන්න බෑනේ..අනේ අපි මේ ඉන්න එකේ හෙටත් ඉමු.දුව ඒ වැඩේ කරගෙන එන්න එහෙනම්
"
වින්ඩිගෙ තාත්තා එහෙම කියනකොට අම්මා නම් බිම බලාගත්තා.

ඔය අතරෙ අගස්තිට කෝල් එකක් ආවේ තේමියගෙන්

"මචෝ..මචෝ.කොහෙද ඉන්නේ..අපි ඔක්කොම අමතක කරලා දාලා මේ වැඩේ කරමු ,අපේ යාලුකම වෙනුවෙන්"
තේමිය එහෙම කියද්දි අගස්තිට හිනාගියා.

"උඹ මට කරේ යාලුවෙක් කරන වැඩක්ද ?

"මචන්.මචන්..එහෙම කියන්න එපා.අපි ඔය තරුපති කියන මිනිහව දන්නෙත් නෑ..කතා කරෙත් එක පාරයි..මේ අහපන්..අපි දෙන්නගේ යාලුකම හැමදාම තියෙනවනේ..ඒ නිසා අපි ඔක්කොම අමතක කරලා දාලා සෙට් වෙමු "

තේමිය කපටි විදිහට එහෙම කියද්දි කිසිත් නොකියපු අගස්ති ෆෝන් එක කට් කරලා පැත්තකට තිබ්බා.

ඇත්තටම වින්ඩි අගස්ති හොයාගෙන යයිද..ඒ ගියත් ආපහු එන්න අගස්ති කැමති වෙයිද..අගස්ති නැති රයිසින් ස්ටාර් එකෙන් වැඩක් තියෙයිද..

මේ හැම ප්‍රශ්නයකටම උත්තර සතියේ දවස්වල හිරු ටීවි දිවිතුරා නරඹන ඔබට බලාගන්න පුලුවන්.


0 comments:

Post a Comment