Random Posts

3/random/post-list

Thursday 15 April 2021

මේ ඉන්නෙ ටෙරික් ඉෂානි එයාලගෙ පුංචි පුතයි.



 මේ ඉන්නෙ ටෙරික් ඉෂානි එයාලගෙ පුංචි පුතයි.

අලුත් අවුරුද්දෙ තමන්ගෙ පාඩුවෙ එයාලගෙ ස්කූටර් එකෙන් අම්මලගෙ ගෙදර යන ගමන් හිටියෙ.
ඒත් අවාසනාව ඔවුන්ගෙ ඉස්සරහටම ආවා.
අධික වෙගයෙන් ආපු කැබ් රථය ටෙරික්වයි ඉෂානිවයි දරුවයි යට කරගෙන පාරෙ වැරදි මන්තීරුවත් හරහා ගිහින් ඇල කටකටත් උඩින් ගිහින් නතර උනේ ඔය තියන වෙලේ..
ටෙරික් ඉෂානි දෙන්නම බරපතල තුවාල ලබල.
ටෙරික්ගෙ අක්මාව ඩැමේජ් අභ්යන්තර ලේ වහනයක් එක්ක කකුලක් කැඩිල.
ඉෂානිගෙ අතයි කකුලයි කැඩිල.
දරුවට මහා ලොකු හානියක් වෙලා නෑ දෙයියන්ගෙ පිහිටෙන්.
හැබැයි රත්නපුර රෝහලේ මේ වෙනකොට බරපතල තුවාල ලබල ඉන්න ටෙරික්ගෙ අක්මාවෙ සැත්කමක් වහාම කරන්න අවශ්ය වෙලා..
ටෙරික් ඉෂානි දෙන්නම මැන්ඩිගෙ පාසල් සමයෙ යාලුවො.
පාසල් පෙම් කතාවක් විවාහය දක්වා රැගෙන ඇවිත් බොහොම සතුටෙන් කාලය ගතකලේ.
ඒත් අධික වේගයෙන් ආපු එක මිනිහෙක් ඒ සතුට නැති කරල අද.
ඇයි වාහනයක් අතට ගත්තහම තමන්ට නියමිත විදියට නියම වේගයකින් පාරෙ යන්න බැරි.
පාරෙ යන අහිංසකයො යටකලාට උන්ව එල්ලුම් ගස් යවන් නෑ.
මාස කීපයකට ලයිසන් තහනම් වෙයි..
ආයෙ එලියට ඇවිත් ඒ වරදම කරයි.
ලංකාවෙ නීතියෙන් මෙහෙම වැරදී විදියට වාහන එලවන අයට මරණ දඩුවම දුන්නත් කමක් නෑ.
මොකද අහිංසක ජීවිත වලට මරණය ගේන්න උට පුලුවන් නම් ඌව එල්ලුවට පව් නෑ..
සමන් දෙයි හාමුදුරුවන්ගෙ පිහිටෙන් ටෙරික්ට ඉෂානිට එයාලගෙ පුංචි මල් කැකුලට ඉක්මනට සනීප වෙන්න කියල ප්රාර්ථනා කරමු.
තෙරුවන් සරනින් ආයෙ සතුටින් ජීවිතේ ගත කරන්න ඔබට ශක්තිය ලැබේවා..!!
-මැන්ඩි-
943
408 comments
400 shares
Like
Comment
Share

0 comments:

Post a Comment