Random Posts

3/random/post-list

Monday, 26 April 2021

වීරයෙකු නොව කලිසම තෙමාගත් ළදරුවෙකු දුටිමි -සුගත් හේවාපතිරණ ලියයි



පාස්කු ප්රහාරය සිදු නොවිය යුත්තක්ව තිබුණි. එහෙත් එය සිදුවිය. වගකිව යුත්තෝද දැන දැනම එය සිදුවු බව නොරහසකි.
එවකට ආරක්ෂක ලේකම් හේමසිරි කිව්වේ " ප්රහාරයක් ගැන දැනගෙන හිටියත් මෙච්චර ලොකු දෙයක් වේයැ'යි නොසිතූ බවයි.
එදා ජනපති සිංගප්පූරුවේය. අගමැති නුවර එලියේය. හරීන්ද හිටියේ ගෙදරය.ඒ හරීන්ගෙ තාත්තා දුන් ඹත්තූව නිසාය.
අද මහමොලකරු කවුදැයි හරීන් අපෙන් අසයි. එය ඇසිය යුත්තේ අපෙන් නොවේ. ඇසිය යුතුව තිබුණේ ඹහුගේම තාත්තා ගෙනි. මන්ද හරීන්ටත් ඹත්තූව දුන්නේ
ඹහුගේම තාත්තා නිසාවෙනි.
ඒත් හරීන් එහෙම කලේ නැත. තාත්තා සුරලොව යන තෙක්ම එහෙම කලේ නැත.
යහපාලන ආණ්ඩුව කටයුතු කලෙත් හරීන් වාගේමය.
ප්රහාරය සිදුවූයේ අප්රේල් විසි එකය. යහපාලනය තොලොන්ජීවූයේ නොවැම්බර් දහ නවවෙනිදාය. මහ මොළකරු හොයන්නට මාස හත අටක් තිබුණි.
සිද්ධිය යට ගහන්නට උපක්රම යෙදුවා මිසක මහ මොළකරුවෙකු නම් සෙව්වේ නැත. තුන් සියයක් මැරුණු විට "ගියදේ ගියාවේ" කියමින් සිනාසිසී ප්රවෘත්ති සාකච්ඡා තිබ්බේ වත්තල ජෝන් ලාය. බේරුවල රාජිතලාය.
ගස් නැති කැලේ තුත්තිරි ගස්ද මහා වෘක්ෂයන්ය.
අද විපක්ෂයද එහෙමය. පරිණත බුද්ධිමත් නායකයන් විපක්ෂයේ නැත.මාලුන් නැති සාගරයේ ගප්පි පැටව් තමන් තෝරූ මෝරු යැයි සිතති.
අද පාර්ලිමේන්තුවේ චන්ඩියා වීමට දගලන් නෙ හරීන්ය. රා කඩෙන් රා බී වෙරිවූවාසේ පාර්ලිමේන්තු වේ තිත්ත කුණුහරුප කියන්නේ පාර්ලිමේන්තුවත් තාත්තාගේ "සමාරා" හෝටලය වගේ යැයි සිතාගෙන විය යුතුය.
"සර් ෆේල්" කිව්වේද හරීන්ය. පණ බයේ පොලිසි දිව්වේද හරීන් ය. අගරදගුරු හිමියන්ට තරවටු කලේද හරීන් ය.පසුව සමාව ගත්තේද හරීන් ය. බදුල්ලේ බලාපොරොත්තුව වූයේද හරීන් ය.බලාපොරොත්තු බින්දේද හරීන් ය. ගූගල් බැලුම් උඩයැව්වේද හරීන් ය. බැලුමටත් කලින් බිමට වැටුනේ ද හරීන් ය.
කිසිවෙකුට තම වරප්රසාදයන්ට මුවාවි වීරයන් විය නොහැක. වීරයන් ගොඩනැගෙන්නේ ජනතාවගේ හදවත්වලය. ඒ සෑබෑ වීරවරයෝය.
සැබෑ වීරයා හා කාඩ් බෝඩ් වීරයන් අතර වෙනස ජනතාව හදුනාගන්නෙ සිදුවන සිද්ධි සමුදායන් අතරය.
පොලීසියෙන් සොයනවිට අතින් ගෙවා රොහල්ගතවන්නේ වීරයන් නොව සෙවලයන්ය.
මහා වීරයන් කලීසම තෙමා ගන්නා ලදරුවන් බව ජනතාව තේරුම් ගන්නේ විරයන් ලෙස පෙනී සිටින
නිවටයන්ගේම ක්රියා කලාපය නිසාමය.
සුගත් හේවාපතිරණ
දේශප්රේමී එක්සත් ජාතික පක්ෂය

Thursday, 15 April 2021

මේ ඉන්නෙ ටෙරික් ඉෂානි එයාලගෙ පුංචි පුතයි.



 මේ ඉන්නෙ ටෙරික් ඉෂානි එයාලගෙ පුංචි පුතයි.

අලුත් අවුරුද්දෙ තමන්ගෙ පාඩුවෙ එයාලගෙ ස්කූටර් එකෙන් අම්මලගෙ ගෙදර යන ගමන් හිටියෙ.
ඒත් අවාසනාව ඔවුන්ගෙ ඉස්සරහටම ආවා.
අධික වෙගයෙන් ආපු කැබ් රථය ටෙරික්වයි ඉෂානිවයි දරුවයි යට කරගෙන පාරෙ වැරදි මන්තීරුවත් හරහා ගිහින් ඇල කටකටත් උඩින් ගිහින් නතර උනේ ඔය තියන වෙලේ..
ටෙරික් ඉෂානි දෙන්නම බරපතල තුවාල ලබල.
ටෙරික්ගෙ අක්මාව ඩැමේජ් අභ්යන්තර ලේ වහනයක් එක්ක කකුලක් කැඩිල.
ඉෂානිගෙ අතයි කකුලයි කැඩිල.
දරුවට මහා ලොකු හානියක් වෙලා නෑ දෙයියන්ගෙ පිහිටෙන්.
හැබැයි රත්නපුර රෝහලේ මේ වෙනකොට බරපතල තුවාල ලබල ඉන්න ටෙරික්ගෙ අක්මාවෙ සැත්කමක් වහාම කරන්න අවශ්ය වෙලා..
ටෙරික් ඉෂානි දෙන්නම මැන්ඩිගෙ පාසල් සමයෙ යාලුවො.
පාසල් පෙම් කතාවක් විවාහය දක්වා රැගෙන ඇවිත් බොහොම සතුටෙන් කාලය ගතකලේ.
ඒත් අධික වේගයෙන් ආපු එක මිනිහෙක් ඒ සතුට නැති කරල අද.
ඇයි වාහනයක් අතට ගත්තහම තමන්ට නියමිත විදියට නියම වේගයකින් පාරෙ යන්න බැරි.
පාරෙ යන අහිංසකයො යටකලාට උන්ව එල්ලුම් ගස් යවන් නෑ.
මාස කීපයකට ලයිසන් තහනම් වෙයි..
ආයෙ එලියට ඇවිත් ඒ වරදම කරයි.
ලංකාවෙ නීතියෙන් මෙහෙම වැරදී විදියට වාහන එලවන අයට මරණ දඩුවම දුන්නත් කමක් නෑ.
මොකද අහිංසක ජීවිත වලට මරණය ගේන්න උට පුලුවන් නම් ඌව එල්ලුවට පව් නෑ..
සමන් දෙයි හාමුදුරුවන්ගෙ පිහිටෙන් ටෙරික්ට ඉෂානිට එයාලගෙ පුංචි මල් කැකුලට ඉක්මනට සනීප වෙන්න කියල ප්රාර්ථනා කරමු.
තෙරුවන් සරනින් ආයෙ සතුටින් ජීවිතේ ගත කරන්න ඔබට ශක්තිය ලැබේවා..!!
-මැන්ඩි-
943
408 comments
400 shares
Like
Comment
Share

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට චීන ඔත්තුකරුවෙක්..! චීන අල්ලසට මව්බිම පාවා දෙන හැටි..! කීර්ති රත්නායකගේ හෙළිදරව්වක්


 ජනපති මාධ්ය අධ්යක්ෂ ජෙනරාල් ධූරයට චීන ඔත්තුකරුවෙක්..! චීන අල්ලසට මව්බිම පාවා දෙන හැටි..!

කීර්ති රත්නායකගේ හෙළිදරව්වක්

සුදේව හෙට්ටිආරච්චි රෙනෝ ද සිල්වාගේ හිරු මාධ්ය ජාලයට බැඳුනේ 1998 වසරේදී ය. ඔහු හිරු නාලිකාවෙන් ගමන පටන් ගත්තේ රේඩියෝ නිවේදකයෙකු ලෙසිනි. සුදේව මෑතකදී හිරු නාලිකාවෙන් ඉවත් වන විට එහි ප්රවෘත්ති අධ්යක්ෂක වරයා විය. ඔහුට හිරු නාලිකාවෙන් රු. ලක්ෂ 7 ක පමන වැටුපක් ලැබුණ බව කියැවෙයි. එපමනක් නොව හිරු අධිපති රෙනෝ සුදේවට පෞද්ගලිකව උපකාර කළේය. වරෙක සුදේව වෙනුවෙන් මිලියන ගණනක සිංගප්පුරු රෝහල් බිලක් ගෙවී ය. හිරු මාධ්ය ජාලයෙන් සුදේවට ලැබුන දේ බොහෝය.

නමුත් සුදේව ඒ සියල්ල හැර දමා පසුගිය දා ස්වර්ණවාහිණී නාලිකාවට ගියේය. ස්වර්ණවාහිණීය තමාට රු ලක්ෂ 35 පමණ වැටුපක් ප්රදානය කළ බව සුදේව කීවේය. කෙසේ වුවද මේ වන විට සුදේව නව ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජෙනරාල් ලෙස පත් කොට ඇති බව වාර්තා වෙයි. ඒ හිටපු ජනාධිපති මාධ්ය අධ්යක්ෂ මොහාන් සමරනායක රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් ඇති වූ පුරප්පාඩුවට ය. සුදේව හෙට්ටිආරච්චි ' A' ශ්රේණියේ පරිපාලන නිළධාරියෙකු ලෙස රාජ්ය සේවයට අන්තර් ග්රහණය කළ ද ඔහුට ලැබිය හැකි උපරිම වැටුප ලක්ෂ එක හමාරකට අඩුය.

එනම් නව තනතුර ඔහුට මාසිකව ලක්ෂ 33 ක පමණ මූල්ය අලාභයක් ගෙන දෙන්නකි. එය අතින් වියදම් කරගෙන හරක් බලනවා වැනි වැඩකි. උපන් ගෙයි කුණු ලෝබයෙකු වන සුදේවගෙන් එවැන්නක් බලා පොරොත්තු විය හැකිද? එසේ නොමැති නම් මේ තුල අත යටින් සිදුවන වෙනත් ගණුදෙණුවක් තිබේද ?

සුදේව චීන ඔත්තුකරුවෙක්..

2001 වසරේ දී චීන - ශ්රී ලංකා මාධ්යවේදීන්ගේ සංසදය නමින් ව්යාපාරයක් ලංකාවේ ආරම්භ විය. සුදේව මෙහි ආරම්භක සාමාජිකයෙකු විය. පසුව වසර ගණනාවක් එහි සභාපති ධූරය දැරුවේ ය. 2015 සිට ඔහු එහි නිත්ය භාණ්ඩාගාරිකයා වෙයි. සැබැවින්ම සුදේවට ස්වර්ණවාහිනියෙන් ලක්ෂ 35 ක වැටුපක් ලැබුනේ නැත. නමුත් චීනයෙන් එවැනි මුදලක් ලැබුණි. සුදේව හිරු නාලිකාවේ සිට ස්වර්ණවාහිණියට ගියේ චීන තානාපති කාර්යාලයෙන් ලැබුණ උපදෙස් අනුව ය. ස්වර්ණවාහිනිය චීනයට අනුකූල කිරීම එම ගමනේ අරමුණ විය.

සුදේව හිරු නාලිකාවේ සිටිය ද, ස්වර්ණවාහිනී නාලිකාවේ සිටිය ද, ජනාධිපති මාධ්ය අධ්යක්ෂක වුවද චීනයෙන් ඔහුට ලබා දෙන ගෙවීම එලෙසින්ම ලැබෙයි. නමුත් එය වැටුපක් නොව අල්ලසකි. චීන්නු මුලින්ම අල්ලස් දුන්නේ රජයේ ඉහල නිලධාරීන්ටය. ඊලඟට මුදල් අල්ලස් දී දේශපාලනඥයන් බා ගත්තේය. දේශපාලන පක්ෂ වලට අල්ලස් දුන්නේ ය. කලාකරුවන්ට අල්ලස් දුන්නේය. නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිඥයන් පිරිසක් ද මේ වන විට චීන අල්ලසට යට වී ඇත. ඊලඟ නීතිපතිවරයා ලෙස පත්වන්නට නියමිත වන්නේ චීන අල්ලසට යට වූවෙකි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ද චීනයට අනුගත වීම නොබෝ දිනකින්ම සිදුවනු ඇත. නායක ඝනයේ භික්ෂූන් වහන්සේලා රැසක්ම චීන අල්ලසට යට වී තිබේ. දැන් මාධ්ය ආයතන සියල්ලම පාහේ චීන අල්ලසට යට වී ඇත. පසුගිය වසරක දෙකක කාලය පුරා මාධ්යවේදීන් 2000 ක් පමණ චීන සංචාර වලට ගෙන්වා නම්මවාගෙන තිබේ. එකී මාධ්යවේදීන් චීනයට යැවීම සම්බන්ධීකරණය කරන්නේ ද සුදේව ය.

ජනාධිපති මාධ්ය අංශය චීන බුද්ධි අංශ පාලනයට..

ඒ අනුව සුදේවට ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජෙනරාල් ධූරය ලැබුනේ චීන තානාපති කාර්යාලයේ බලපෑම නිසා මිස විශේෂ දක්ෂතාවයක් නිසා නොවේ. ඔහු සතු එකම දක්ෂතාවය චීන ගැත්තෙකු වීම පමණකි ය. ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් මොහාන් සමරනායක ඉවත් වීමෙන් පසු ඔහුගේ අනුප්රාප්තිකයා ලෙස සුදේව පත්වීමට නියමිතය. ජනාධිපති මාධ්ය අධ්යක්ෂක ජෙනරාල් වැනි තනතුරක් චීන බුද්ධි අංශ පාලනයට නතු වීම සෙල්ලමක් නොවේ. අද ලෝකයේ වටිනාම ආයුධය තොරතුරු ය. නමුත් ලංකාව එය සෙල්ලමකට ගෙන ඇත. මෙය අතෙකින් ශ්රී ලංකාවේ ආරක්ෂාවට බරපතල තර්ජනයකි. තවත් අතෙකින් කලාපයේ සාමයට තර්ජනයකි.

කීර්ති රත්නායක
හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී

අසේල සම්පත්ගේ ජීවිතය බන්ධනාගාරයේදී දැඩි අවදානමක? – ඇමතිගේ හඬපටයක් සමඟ පොලිස්පතිට පැමිණිල්ලක්


 දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහජන අයිතීන් සුරැකීමේ පදනම සභාපති අසේල සම්පත් මහතාගේ ජීවිතය අවදානමක බව එම සංවිධානය විසින් පොලිස්පතිවරයා පැමිණිල්ලක් කරයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග කරන ලද දුරකතන සංවාදයක්ද සිහිපත් කරමින් එම සංවිධානයේ මාධ්‍ය අධ්‍යක්ෂක චිරන්ත අමරසිංහ මහතා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති පැමිණිල්ල මෙසේ ය.

පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

ගරු පොලිස්පතිතුමනි,

අසේල සම්පත් යන අයගේ ජීවිතයට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් පැමිණිල්ලයි

මා හිත මිත්‍ර සහෝදර සිවිල් ක්‍රියාකාරී අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලිස් අත්අඩංගුවට පත්ව, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2021 අප්‍රේල් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පැරණි වරෙන්තුවක් මත අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගත් බවට ඒ මොහොතේ ප්‍රකාශ වුන ද, එය එක් කාරනාවක් පමණක් බවට මේ වන විට පෙනී ගොස් ඇත.

අසේල සම්පත් මහතා ලංකා සතොස විසින් ලබා දෙන බඩු මල්ලේ නිශ්පාදන කීපයක් පිළිබඳව ප්‍රශ්න කිරීම් සිදුකල මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ 2021 අප්‍රේල් මස 7 වනදා කරුණු දැක්වූ අතර, එහිදී ඔහු අසේල සම්පත් යන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවට හැඟෙන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කලේ ය.

2012 වසරට ආසන්න කාලේ පටන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා අසේල සම්පත් යන අය අතර මත ගැටුම් තිබී ඇති බවත්, ඒවා හේතුවෙන් අමාත්‍යවාරයා නිරුත්තර වී ඇති බවක් නිරීක්ෂණය වේ.

2021 අප්‍රේල් මස 7 වනදා ප්‍රකාශය සම්බන්ධයෙන් 2021 අප්‍රේල් මස 7 වනදා රාත්‍රී 9.43 ට පමණ මා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන එම ප්‍රකාශය අසේල සම්පත් යන අයට එරෙහිව කරන ලද ප්‍රකාශයක් ද යන්නට තහවුරු කර ගැනීමට කරුණු විමසීමක් සුදු කලේ ය. එහිදී බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය අසේල සම්පත් යන අයට එරෙහිව සිදු කරන ලද්දක් බවට තහවුරු වීය (හඬපටය මේ සමඟ ඉදිරිපත් කරමි).

තවද, එම දුරකථන සංවාදය තුල අදාළ අමාත්‍යවරයා අසේල සම්පත් යන අය සමග දැඩි වෛරයකින් සිටිනා බවට මා හට තේරුම් ගියේය. මන්ද, ඇමතිවරයා අසේල සම්පත්ට ඉතා පහත් ලෙස බැණ වැදුණි.

එමෙන්ම, එම දුරකථන සංවාදය තුල “රස්තියාදු කාරයන්ට රටක් මෙහෙම කරන්න දෙන්න පුළුවන් ද? අපි මේකට ගිහිල්ලා ඉවරවෙලා, මම මේ කරන්න පුළුවන් උපරිම දේ කරනවා” යන්නෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් මා සමඟ සිදු කලේ ය. ඊට සන්සුන්ව මා ප්‍රතිචාර දැක්වූ විට ඇමතිවරයාට තවත් කේන්ති ගොස්, මා සමග ද කේන්තියෙන් ඇමතුම විසන්ධි කලේ ය.

කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒවායේ නවීන ස්වරුපය රට ඉදිරියේ හෙළිදරව් කරමින් ඒවාට එරෙහිව සමාජයේ ඍජුව හඬ නැගූ හා සමාජයේ අනෙකුත් බරපතළ කාරනාවන්ට එරෙහිව සමාජයේ ඍජුව හඬ නැගූ අසේල සම්පත් වැනි පුද්ගලයෙක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන අයගේ තර්ජනාත්මක ප්‍රකාශ සහිත පසුබිමක රක්ෂිත බන්ධනාගාර ගත වීම තුල, එකී රක්ෂිත බන්ධනාගාර පද්ධතිය තුල ඔහු ඉලක්ක වීමේ හා ඔහුගේ ජීවිතයට දැඩි අවධානමක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇති බවට මා හට සැකයක් ඇති වේ.

ප්‍රසිද්ධියේ සතිපතා මාධ්‍ය ඉදිරියේ පෙනීසිටී අසේල සම්පත් යන අයට එරෙහිව විශාල කාලයක් වරෙන්තුවක් ක්‍රියාත්මක නොවීම, හා අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ තර්ජනාත්මක ප්‍රකාශයන් වලින් පසු කොම්පඤ්ඤවීදිය පොලිසියේ හදිසි ක්‍රියාකලාපය අසේල සම්පත් මහතාගේ ජීවිතයට ඇති තර්ජනය සම්බන්ධයෙන් උක්ත කී මාගේ සැකයට දායක වන අතර, ඒ තුල ගැටලු සහගත ප්‍රශ්න කීපයක් නිර්මාණය කරයි.

අසේල සම්පත් මහතා පැය 24 ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් නොකල බවට මා හා අනෙකුත් සහෝදර සිවිල් ක්‍රියාකාරීන් නිරීක්ෂණය කර ඇත.

2021 මාර්තු මස 15 වනදා අසේල සම්පත් මහතා හදිසි වැටිමකට ලක්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණි. එහි දී ඔහුගේ ඉල ඇට කීපයක් බිදි ඇති බවට වාර්තා විය. එයට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහුට රෝහලෙන් සිදුවු පීඩාකාරී තත්ත්වය හේතු කර ගෙන, ඔහු පිටවී ගොස් තිබීම හේතුවෙන් අදාළ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට නොහැකි වී ඇත. අදාළ ඉලඇට බිදීම සම්බන්ධයෙන් ඔහු ප්‍රතිකාර ගනිමින් සිට ඇත.

මේ හේතුවෙන් උක්ත කරුණු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙසත්, නීතිමය රාමුව තුල අසේල සම්පත් මහතාගේ ජීවිතයේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මා ඔබෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,
මෙයට විශ්වාසී,

චිරන්ත අමරසිංහ,
මාධ්‍ය අධ්‍යක්ෂක
මහජන අයිතීන් සුරැකීමේ පදනම

උපුටාගැනීම Lanka C News

Thursday, 14 January 2021

රන්ජන් පද්මිනී රණවකට කතා කර තීන්දුවට බලපැම් කලේ දුමින්දගේ නඩුට කලින් බව හෙලිවෙයි.

 


මෙන්න තිත්ත ඇත්ත.

—————————-


හරින් බබාය.කිසිවක් නොදන්න කිරි සප්පයාය. හැබයි 350ක් මැරෙනකන් බලා සිටි බබාය. 


හරීන් 2021 ජනවාරි මස 6 පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පද්මිනි රණවක රන්ජන් සමග නඩු තීන්දුවට කලින් කතා කලේ නම් වැරදි බවයි.එසේ ඔහු පවසා සිටි නමුත් එය ප්‍රශ්නාර්ථයක් පමනක් ලෙස ඉතුරු කරමින් පාර්ලිමේන්තුවේ ‍යකා නැටුවේ පද්මිනී සහ ශානි බබලා අහින්සකයි කියන්නට මෙන් වූවත් ඇත්තටම හරින්වත් ඇත්ත දැන කතා කලා දැයි අපි ප්‍රශ්න කල යුතුය.



හරින් නොදත් තිත්ත ඇත්ත මෙන්න .


දුමින්ද සිල්වා ඇතුලු 5 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වන්නෙ 2016 සැප්තැම්බර් මස 8 වෙනිදාය.නමුත් රංජන් සහ පද්මිනී රණවක විනිසුරුවරිය අතර දුමින්ද ට එරෙහිව සාකාච්චාව ඇති වන්නෙ 2016 ජූලි මස 14 වන දින රාත්‍රී 9.33ට වන අතර එහිදී රන්ජන් විසින් ඇයට පවසා සිටින්නෙ නඩු තීන්දුව ගැන රටම බලා ඉන්නා බවත් එය රන්ජන් ගේ ඇතුලු බොහෝ දෙනාගේ ටාගට් එකක් බවත්‍ ය.එහිදී රන්ජන් වැඩි දුරටත් කියා සිටින්නෙ දුමින්ද ට එරෙහිව තීරණ ගන්න තැන පද්මිනී සිටීම සතුටට කරුණක් බවයි.


නමුත් තවමත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙමින් හරින්ලා සමාජයම බොරුවෙන් මුලාකරමින් සිටී

සමස්ත රට වැසියන්ම මුලා කරමින් රන්ජන් ලා නීතියේ දෙවගන දූශනය කලේ තක්කඩි පද්මිනී රණවකලා සමගය.මජර දේශපාලන ඩීල් කරුවන් වන ශානිලා සමගය.රන්ජන් පද්මිනි දුරකතන ඇමතුම සිදුවූයේ නඩු තීන්දුවෙන් පසු බව බොරුවෙන් පුන පුනා සමාජ ගත කරන්නට මාන බලන්නෙ සුදු රෙද්දෙන් හෙලුව වසා ගන්නට පමනි.හරින්ලා ගේ සුදු රෙද්දේ තුත්තිරිය. ඒවා ගලවා ඉවත් කරගන්නට වත් හරින්ලාට නොහැකිය.



*රංජන් ශානි දුරකතන ඇමතුම සිදුවන්නෙ නඩුවට කලින් දා ය

------------

දුමින්දගේ නඩු තින්දුව දෙන්නෙ හරියටම 2016 සැප්තැම්බර් මස 8 වෙනිදාය. ජුලි මාසයේ පද්මිනී ගේ සහ රන්ජන්ගේ සංවාදයට පසු යලිත් 2016 සැප්තැම්බර් මස 7 සවස 5.37ට හරියටම නඩු දිනයට කලින් දා යලිත් රංජන් ශානිට දුරකතන ඇමතුමක් ලබාදෙමින් යලිත් බලපැම් කලේය. ශානී රංජන් ගේ නිවසේ වලන්ද සෝදන්න සූදානම් බව කියන්නෙ එහිදීය.


මේවා හෙලුවැල්ලෙන් සිටිමින් සදාචාරය ගැන කියන්නාක් මෙනි.තමන්ගෙ හෙලුව වසා නොගෙන මේ කරන්නෙ අනුන්ගේ රෙදි වල පාට සෙවීමක් බව හරින්ලා නොදන්න කුක්කු බබාලා ය.


රන්ජන් ලා වෙනුවෙන් කඩේ යන කිසිවෙක් මොලයක් ඇතිව දෙයක් තීරණය කරන්නට තරම් සවිඥානික නැති බව මේ සියල්ලෙන් ඔප්පු වෙයි. සමහරක් තක්කඩීන් වෙනුවෙන් පෙනී  සිටින්නෙ එබැවිනි. 




තක්කඩි දේශපාලන තීරණනිසා අදටත් මුලින්ම වෙඩි වැදී බිම වැටුන දුමින්ද තවමත් සිර ගෙදර දුක් විදිමින් සිටී.


යහපාලනය මජර දේශපාලන බල අරගලයේ මෙවැනි තක්කඩි තීන්දු හේතුවෙන් තවත් බොහෝ දෙනෙකු වෙනුවෙන් රටක් වෙනුවෙන් වැඩක් කල හැකි මිනිසුන් සිරබත් කමින් සිටීම රටේ කරුමයකි.



Monday, 11 January 2021

රන්ජන් පල්ලන්සේන කඳවුරට යවනවා -බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක


 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතාව පල්ලන්සේන නිරෝධායන මධ්යස්ථානය වෙත යොමුකරන බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

හිටපු රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතාට ශ්රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.
සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික එම තීන්දුව අද (12) දින ප්රකාශයට පත්කරනු ලැබීය.