Random Posts

3/random/post-list

Thursday 14 January 2021

රන්ජන් පද්මිනී රණවකට කතා කර තීන්දුවට බලපැම් කලේ දුමින්දගේ නඩුට කලින් බව හෙලිවෙයි.

 


මෙන්න තිත්ත ඇත්ත.

—————————-


හරින් බබාය.කිසිවක් නොදන්න කිරි සප්පයාය. හැබයි 350ක් මැරෙනකන් බලා සිටි බබාය. 


හරීන් 2021 ජනවාරි මස 6 පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පද්මිනි රණවක රන්ජන් සමග නඩු තීන්දුවට කලින් කතා කලේ නම් වැරදි බවයි.එසේ ඔහු පවසා සිටි නමුත් එය ප්‍රශ්නාර්ථයක් පමනක් ලෙස ඉතුරු කරමින් පාර්ලිමේන්තුවේ ‍යකා නැටුවේ පද්මිනී සහ ශානි බබලා අහින්සකයි කියන්නට මෙන් වූවත් ඇත්තටම හරින්වත් ඇත්ත දැන කතා කලා දැයි අපි ප්‍රශ්න කල යුතුය.



හරින් නොදත් තිත්ත ඇත්ත මෙන්න .


දුමින්ද සිල්වා ඇතුලු 5 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වන්නෙ 2016 සැප්තැම්බර් මස 8 වෙනිදාය.නමුත් රංජන් සහ පද්මිනී රණවක විනිසුරුවරිය අතර දුමින්ද ට එරෙහිව සාකාච්චාව ඇති වන්නෙ 2016 ජූලි මස 14 වන දින රාත්‍රී 9.33ට වන අතර එහිදී රන්ජන් විසින් ඇයට පවසා සිටින්නෙ නඩු තීන්දුව ගැන රටම බලා ඉන්නා බවත් එය රන්ජන් ගේ ඇතුලු බොහෝ දෙනාගේ ටාගට් එකක් බවත්‍ ය.එහිදී රන්ජන් වැඩි දුරටත් කියා සිටින්නෙ දුමින්ද ට එරෙහිව තීරණ ගන්න තැන පද්මිනී සිටීම සතුටට කරුණක් බවයි.


නමුත් තවමත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙමින් හරින්ලා සමාජයම බොරුවෙන් මුලාකරමින් සිටී

සමස්ත රට වැසියන්ම මුලා කරමින් රන්ජන් ලා නීතියේ දෙවගන දූශනය කලේ තක්කඩි පද්මිනී රණවකලා සමගය.මජර දේශපාලන ඩීල් කරුවන් වන ශානිලා සමගය.රන්ජන් පද්මිනි දුරකතන ඇමතුම සිදුවූයේ නඩු තීන්දුවෙන් පසු බව බොරුවෙන් පුන පුනා සමාජ ගත කරන්නට මාන බලන්නෙ සුදු රෙද්දෙන් හෙලුව වසා ගන්නට පමනි.හරින්ලා ගේ සුදු රෙද්දේ තුත්තිරිය. ඒවා ගලවා ඉවත් කරගන්නට වත් හරින්ලාට නොහැකිය.



*රංජන් ශානි දුරකතන ඇමතුම සිදුවන්නෙ නඩුවට කලින් දා ය

------------

දුමින්දගේ නඩු තින්දුව දෙන්නෙ හරියටම 2016 සැප්තැම්බර් මස 8 වෙනිදාය. ජුලි මාසයේ පද්මිනී ගේ සහ රන්ජන්ගේ සංවාදයට පසු යලිත් 2016 සැප්තැම්බර් මස 7 සවස 5.37ට හරියටම නඩු දිනයට කලින් දා යලිත් රංජන් ශානිට දුරකතන ඇමතුමක් ලබාදෙමින් යලිත් බලපැම් කලේය. ශානී රංජන් ගේ නිවසේ වලන්ද සෝදන්න සූදානම් බව කියන්නෙ එහිදීය.


මේවා හෙලුවැල්ලෙන් සිටිමින් සදාචාරය ගැන කියන්නාක් මෙනි.තමන්ගෙ හෙලුව වසා නොගෙන මේ කරන්නෙ අනුන්ගේ රෙදි වල පාට සෙවීමක් බව හරින්ලා නොදන්න කුක්කු බබාලා ය.


රන්ජන් ලා වෙනුවෙන් කඩේ යන කිසිවෙක් මොලයක් ඇතිව දෙයක් තීරණය කරන්නට තරම් සවිඥානික නැති බව මේ සියල්ලෙන් ඔප්පු වෙයි. සමහරක් තක්කඩීන් වෙනුවෙන් පෙනී  සිටින්නෙ එබැවිනි. 




තක්කඩි දේශපාලන තීරණනිසා අදටත් මුලින්ම වෙඩි වැදී බිම වැටුන දුමින්ද තවමත් සිර ගෙදර දුක් විදිමින් සිටී.


යහපාලනය මජර දේශපාලන බල අරගලයේ මෙවැනි තක්කඩි තීන්දු හේතුවෙන් තවත් බොහෝ දෙනෙකු වෙනුවෙන් රටක් වෙනුවෙන් වැඩක් කල හැකි මිනිසුන් සිරබත් කමින් සිටීම රටේ කරුමයකි.



0 comments:

Post a Comment