Random Posts

3/random/post-list

Sunday 27 December 2020

ශෙල්ටන් මුතුනමගේ ගායන ශිල්පියායානනි, ඔබට සුභ ගමන්...


 මේ දෙව්මැදුරේ පුදසුන අභියස සිට සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොයුරියේ කියමින් වරදේ නොඹැදෙන සීතාවන් නොමැති බව මානුශීයවූත් සංවේදීවූත් ආකාරයෙන් ගීතයෙන් අපට කිවූ ඔහු...

සැම උදෑසනකම ආයුබෝවන් කියා කාටවත් නොකීව ආදරේ අයදමින් හදවතට දැනෙන රසවත් ගීත රැසක් තිලින කල ආදරනී ගායන ශිල්පියෙක්...
මහසයුරේ ගැඹුරේ දියේ දිවි හෙවමින් සිය බඩගින්නෙ නිමා ගන්න ධීවර රැකියාවෙ යෙදෙන මිනිසුන්ගේ දුකට මෙන්ම සිතට වාරු ගෙන අතුරේ නගින මිනිසුන්ගේ කඳුල වෙනුවෙනුත් සිය ගීතයෙන් ආමන්ත්රණය කල සංවේදී ගායන ශිල්පියෙක්...
ගෝෂාකාරී කඨෝර වත්මන් අප්රසන්න සංගීත රටාව වෙනුවට සදාකාලික ලෙසම රසවිඳිය හැකි ගීත රැසක් තිළින කල ශෙල්ටන් මුතුනමගේ ගායන ශිල්පියායානනි,
ඔබට සුභ ගමන්...

1 comment:

  1. These are pokies that can’t be played at any non-crypto unique online casinos out there. Don't hesitate to expertise the practical gameplay and try out|and take a glance at} your luck at a spread of 1xbet slots, divided into several of} categories. The on line casino provides Reel Slots, Fruit machines, online video slots, Megaspin slots and naturally, Progressive slots. JackpotCity gamers can take advantage of|benefit from|reap the advantages of} completely different promotions that includes easy to meet wagering requirements as properly.

    ReplyDelete