Random Posts

3/random/post-list

Monday 11 January 2021

හරීන්ට ආරක්ෂාව දෙන්න – ඇමති නාමල් රාජපක්ෂත් පොලිස්පතිගෙන් ඉල්ලයි


 පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට උපරිම ආරක්ෂාව ලබා දිය යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අද (11) වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේදී අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇතුළු පිරිසක් සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ සමඟි ජන බලවේගය තුළ බොහෝ ප්‍රශ්න ඇති හෙයින් ඒවාට හරීන් ප්‍රනාන්දු මහතා මැදිහත්වී කුමන හෝ ප්‍රශ්නයක් ඇති වුවහොත් එහි වගකීම ජනාධිපතිතුමන් මත පැටවිය හැකි හෙයින් හරීන් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව සැලසිය යුතු බවට තමන්ද එකඟ බවයි.

”මම හිතන්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට ආරක්ෂාව දෙන්න ඕනේ. මොකද එතුමාගේ පක්ෂය ඇතුළෙත් බොහෝ ප්‍රශ්න තියෙනවා. අන්තිමට ඒ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්නවලට හරීන් මැදිහත්වුනොත් ඕකත් ජනාධිපතිතුමාගේ පිට දමයි. ඒ නිසා අපිත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා හරීන් ප්‍රනාන්දු මහත්මයාට උපරිම ආරක්ෂාව දෙන්න. මොකද විශේෂයෙන්ම පක්ෂයේ තිබෙන අභ්‍යන්තර ගැටළුත් එක්ක එතුමාට ඒ ආරක්ෂාව අවශ්‍යයි කියල අපි හිතනවා. පහුගිය දවසක පාර්ලිමේන්තුවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ දැන් සජිත් මහත්තයා ගාව ඉන්න හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කොමිෂන් සභා වාර්තා ඉදිරිපත් කරන්න කියල. එතුමා ඒකෙන් බලාපොරොත්තු වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නිවාස අමාත්‍යංශයේ රිපෝර්ට් ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියල. එහෙම බැලුවහම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හරීන් ප්‍රනාන්දු මහත්මයට ආරක්ෂාව දුන්නට කමක් නැහැ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

( Lankanewsweb )

0 comments:

Post a Comment