Random Posts

3/random/post-list

Monday 11 January 2021

ලංකාවම ගොඩ දැමිය හැකි “සේරුවාවිල රත්තරන් නිධිය ” කෙරෙහි රජයේ අවධානය


 ශ්‍රී ලංකාවට ස්ව ශක්තියෙන් නැගී සිටීමට වාසනාව උදා කරන රත්රන් ලෝහය සහිත නිධියක් සේරුවිල බුත්තල ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 54ක් පුරා විහිදී පැතිර තිබෙන බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නව වසරේ ශ්‍රී ලාංකිකයන් වෙත සුබ ආරංචියක් ගෙන එයි.

නවසිය පනස් ගණන්වලදී මෙම නිධිය සම්බන්ධව මුලින්ම කරුණු අනාවරණය කරගෙන තිබුණත් පැවැති කිසිම ආණ්ඩුවක් නිධිය කැණීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත. ‘ඉරිදා මව්බිම” භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් මේ පිළිබඳව විමසූ විට පැවැසුවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙම නිධිය යොදා ගැනීමට 2009 අගෝස්තු 14 ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර
තිබෙන බවයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෑතකදී සිදු කරන ලද තවත් සමීක්‍ෂණයකින් හෙළි කර ගත් තොරතුරුවලට අනුව මෙම නිධිය තුළ රත්රන් පමණක් නොව තඹ ලෝහයද විශාල වශයෙන් පවතින බවට තහවුරු කරගෙන ඇති අතර ලෝක වෙළෙඳපොළේ ඉහළම වටිනාකමක් ඇති ලෝහ ලෙස රන් හා තඹ සැලකේ.

මෙම නිධිය කැනීම ගැන අදහස අලුත් වූයේ පසුගිය 06 වැනිදා මෙම යපස් නිධිය හා හලාවත පනිරෙන්ඩාව යපස් නිධියේ කැණීම් රජයේ වැඩපිළිවෙළක් යටතේ සිදු කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහත්වරුන් අතර පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදීය.

මෙරට ඛනිජ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් රටේ ජාතික ආදායම උපරිමව වර්ධනය කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කිර්මට මේ සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

බුත්තල කුරම්පල යපස් නිධිය සහ හලාවත
පනිරෙන්ඩාව යපස් නිධිය කැනීම් කටයුතු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සිදු කිර්මට පැවැති සාකච්ඡාවට විමල් වීරවංශ, මහින්ද අමරවීර යන ඇමැතිවරු ද එම අමාත්‍යාංශවල ලේකම්වරුන් වන අනුෂ පැල්පිට හා
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල යන මහත්වරුද සහාභාගි වූහ.

පනිරෙන්ඩාව යපස් නිධිය වර්ග කිලෝමීටර් 26ක් පමණ වන බවත්, අවම වශයෙන් යකඩ ටොන් මිලියන 180ක් පමණ එහි තැන්පත් වී ඇති බවත් එම කාර්යාංශයේ නිලධාරීන් මෙහිදී ඇමැතිවරුන් දෙපළට පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඛනිජ සම්පත් සමස්තයක් වශයෙන් රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමට හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට තම අමාත්‍යාංශය සූදානම් බව මෙහිදී පැවැසූ පරිසර ඇමැති අමරවීර මහතා ඊට අදාළ සැලැස්ම සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ
නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාව යනු නිධානයක් මත සිට ගෙන පිටරටට අතපාන ජනතාවක් සිටින රටක් බවට පත්ව තිබෙන්නේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අඩුලුහුඩුකම් හේතුවෙන් බව අමරවීර ඇමැතිවරයා සඳහන් කළේය.

සේරුවාවිල නිධිය ගැන භූ විද්‍යා සමීක්‍ෂණ හා
පතල් කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද විමල් සිරිවර්ධන මහතාගෙන් ‘මව්බම’ කළ විමසුමකදී කීව්වේ එවකට පැවැති භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව 1971දී සිතියම් කිරීමේදී මුල් වරට මෙම නිධිය සොයාගත් බවයි. සේරුවිල නිධි අප්පු, කොල්ලකුලම් සහ සේරුවිල වශයෙන් ප්‍රධාන කොටස් තුනකට අයත් බවත් ප්‍රධාන නිධිය තිබෙන්නේ කොල්ලකුලම් කොටසේ බවත් ප්‍රධාන ධමනි 6ක් හෝ 7ක් අතර මෙම නිධිය මීටර් 20 දක්වා පළල්ව තිබෙන බවත් ප්‍රංශ භූ විද්‍යා ආයතනය වන (BRGM) සමඟ එකතු වී 1979 සහ 80 වර්ෂවල සමීක්‍ෂණ කටයුතු කළ බවත්, මීටර් 100ක් තරම් ගැඹුරට අරිප්පු නිධිය පවතින
බවත් මෙහි යකඩ මෙන්ම තඹද පිහිටා තිබෙන අතර තඹ තිබෙන ප්‍රදේශයේ රත්රන්න තිබෙන බවත් ආචාර්ය සිරිවර්ධන මහතා පැවැසීය.

මෙම නිධියේ කළ පර්යේෂණවලදී ලබාගත්
සාම්පල් යක්කල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පර්යේෂණාගාරයේදී කළ පරීක්ෂණවලදී මෙම නිධියේ රත්රන් තිබෙන බවට අනාවරණය කර ගත් බවද සිරිවර්ධන මහතා පැවැසීය.

පර්යේෂණ සඳහා අලුත් ක්‍රම යොදා ගැනීමෙන් මෙහි ඇති බනිජ සම්පත් ගැන පුළුල් තොරතුරු අනාවරණය කර ගැනීමට මෙන්ම මෙහි වටිනාකම කොතෙක්දැයි ඇස්තමේන්තු කරගත හැකි වෙතැයිද ආචාර්ය සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම – ඉරිදා මව්බිම

0 comments:

Post a Comment