Random Posts

3/random/post-list

Thursday, 15 April 2021

අසේල සම්පත්ගේ ජීවිතය බන්ධනාගාරයේදී දැඩි අවදානමක? – ඇමතිගේ හඬපටයක් සමඟ පොලිස්පතිට පැමිණිල්ලක්


 දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහජන අයිතීන් සුරැකීමේ පදනම සභාපති අසේල සම්පත් මහතාගේ ජීවිතය අවදානමක බව එම සංවිධානය විසින් පොලිස්පතිවරයා පැමිණිල්ලක් කරයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග කරන ලද දුරකතන සංවාදයක්ද සිහිපත් කරමින් එම සංවිධානයේ මාධ්‍ය අධ්‍යක්ෂක චිරන්ත අමරසිංහ මහතා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති පැමිණිල්ල මෙසේ ය.

පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

ගරු පොලිස්පතිතුමනි,

අසේල සම්පත් යන අයගේ ජීවිතයට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් පැමිණිල්ලයි

මා හිත මිත්‍ර සහෝදර සිවිල් ක්‍රියාකාරී අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලිස් අත්අඩංගුවට පත්ව, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2021 අප්‍රේල් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පැරණි වරෙන්තුවක් මත අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගත් බවට ඒ මොහොතේ ප්‍රකාශ වුන ද, එය එක් කාරනාවක් පමණක් බවට මේ වන විට පෙනී ගොස් ඇත.

අසේල සම්පත් මහතා ලංකා සතොස විසින් ලබා දෙන බඩු මල්ලේ නිශ්පාදන කීපයක් පිළිබඳව ප්‍රශ්න කිරීම් සිදුකල මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ 2021 අප්‍රේල් මස 7 වනදා කරුණු දැක්වූ අතර, එහිදී ඔහු අසේල සම්පත් යන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවට හැඟෙන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කලේ ය.

2012 වසරට ආසන්න කාලේ පටන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා අසේල සම්පත් යන අය අතර මත ගැටුම් තිබී ඇති බවත්, ඒවා හේතුවෙන් අමාත්‍යවාරයා නිරුත්තර වී ඇති බවක් නිරීක්ෂණය වේ.

2021 අප්‍රේල් මස 7 වනදා ප්‍රකාශය සම්බන්ධයෙන් 2021 අප්‍රේල් මස 7 වනදා රාත්‍රී 9.43 ට පමණ මා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන එම ප්‍රකාශය අසේල සම්පත් යන අයට එරෙහිව කරන ලද ප්‍රකාශයක් ද යන්නට තහවුරු කර ගැනීමට කරුණු විමසීමක් සුදු කලේ ය. එහිදී බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය අසේල සම්පත් යන අයට එරෙහිව සිදු කරන ලද්දක් බවට තහවුරු වීය (හඬපටය මේ සමඟ ඉදිරිපත් කරමි).

තවද, එම දුරකථන සංවාදය තුල අදාළ අමාත්‍යවරයා අසේල සම්පත් යන අය සමග දැඩි වෛරයකින් සිටිනා බවට මා හට තේරුම් ගියේය. මන්ද, ඇමතිවරයා අසේල සම්පත්ට ඉතා පහත් ලෙස බැණ වැදුණි.

එමෙන්ම, එම දුරකථන සංවාදය තුල “රස්තියාදු කාරයන්ට රටක් මෙහෙම කරන්න දෙන්න පුළුවන් ද? අපි මේකට ගිහිල්ලා ඉවරවෙලා, මම මේ කරන්න පුළුවන් උපරිම දේ කරනවා” යන්නෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් මා සමඟ සිදු කලේ ය. ඊට සන්සුන්ව මා ප්‍රතිචාර දැක්වූ විට ඇමතිවරයාට තවත් කේන්ති ගොස්, මා සමග ද කේන්තියෙන් ඇමතුම විසන්ධි කලේ ය.

කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒවායේ නවීන ස්වරුපය රට ඉදිරියේ හෙළිදරව් කරමින් ඒවාට එරෙහිව සමාජයේ ඍජුව හඬ නැගූ හා සමාජයේ අනෙකුත් බරපතළ කාරනාවන්ට එරෙහිව සමාජයේ ඍජුව හඬ නැගූ අසේල සම්පත් වැනි පුද්ගලයෙක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන අයගේ තර්ජනාත්මක ප්‍රකාශ සහිත පසුබිමක රක්ෂිත බන්ධනාගාර ගත වීම තුල, එකී රක්ෂිත බන්ධනාගාර පද්ධතිය තුල ඔහු ඉලක්ක වීමේ හා ඔහුගේ ජීවිතයට දැඩි අවධානමක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇති බවට මා හට සැකයක් ඇති වේ.

ප්‍රසිද්ධියේ සතිපතා මාධ්‍ය ඉදිරියේ පෙනීසිටී අසේල සම්පත් යන අයට එරෙහිව විශාල කාලයක් වරෙන්තුවක් ක්‍රියාත්මක නොවීම, හා අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ තර්ජනාත්මක ප්‍රකාශයන් වලින් පසු කොම්පඤ්ඤවීදිය පොලිසියේ හදිසි ක්‍රියාකලාපය අසේල සම්පත් මහතාගේ ජීවිතයට ඇති තර්ජනය සම්බන්ධයෙන් උක්ත කී මාගේ සැකයට දායක වන අතර, ඒ තුල ගැටලු සහගත ප්‍රශ්න කීපයක් නිර්මාණය කරයි.

අසේල සම්පත් මහතා පැය 24 ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් නොකල බවට මා හා අනෙකුත් සහෝදර සිවිල් ක්‍රියාකාරීන් නිරීක්ෂණය කර ඇත.

2021 මාර්තු මස 15 වනදා අසේල සම්පත් මහතා හදිසි වැටිමකට ලක්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණි. එහි දී ඔහුගේ ඉල ඇට කීපයක් බිදි ඇති බවට වාර්තා විය. එයට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහුට රෝහලෙන් සිදුවු පීඩාකාරී තත්ත්වය හේතු කර ගෙන, ඔහු පිටවී ගොස් තිබීම හේතුවෙන් අදාළ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට නොහැකි වී ඇත. අදාළ ඉලඇට බිදීම සම්බන්ධයෙන් ඔහු ප්‍රතිකාර ගනිමින් සිට ඇත.

මේ හේතුවෙන් උක්ත කරුණු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙසත්, නීතිමය රාමුව තුල අසේල සම්පත් මහතාගේ ජීවිතයේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මා ඔබෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,
මෙයට විශ්වාසී,

චිරන්ත අමරසිංහ,
මාධ්‍ය අධ්‍යක්ෂක
මහජන අයිතීන් සුරැකීමේ පදනම

උපුටාගැනීම Lanka C News

Thursday, 14 January 2021

රන්ජන් පද්මිනී රණවකට කතා කර තීන්දුවට බලපැම් කලේ දුමින්දගේ නඩුට කලින් බව හෙලිවෙයි.

 


මෙන්න තිත්ත ඇත්ත.

—————————-


හරින් බබාය.කිසිවක් නොදන්න කිරි සප්පයාය. හැබයි 350ක් මැරෙනකන් බලා සිටි බබාය. 


හරීන් 2021 ජනවාරි මස 6 පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පද්මිනි රණවක රන්ජන් සමග නඩු තීන්දුවට කලින් කතා කලේ නම් වැරදි බවයි.එසේ ඔහු පවසා සිටි නමුත් එය ප්‍රශ්නාර්ථයක් පමනක් ලෙස ඉතුරු කරමින් පාර්ලිමේන්තුවේ ‍යකා නැටුවේ පද්මිනී සහ ශානි බබලා අහින්සකයි කියන්නට මෙන් වූවත් ඇත්තටම හරින්වත් ඇත්ත දැන කතා කලා දැයි අපි ප්‍රශ්න කල යුතුය.



හරින් නොදත් තිත්ත ඇත්ත මෙන්න .


දුමින්ද සිල්වා ඇතුලු 5 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වන්නෙ 2016 සැප්තැම්බර් මස 8 වෙනිදාය.නමුත් රංජන් සහ පද්මිනී රණවක විනිසුරුවරිය අතර දුමින්ද ට එරෙහිව සාකාච්චාව ඇති වන්නෙ 2016 ජූලි මස 14 වන දින රාත්‍රී 9.33ට වන අතර එහිදී රන්ජන් විසින් ඇයට පවසා සිටින්නෙ නඩු තීන්දුව ගැන රටම බලා ඉන්නා බවත් එය රන්ජන් ගේ ඇතුලු බොහෝ දෙනාගේ ටාගට් එකක් බවත්‍ ය.එහිදී රන්ජන් වැඩි දුරටත් කියා සිටින්නෙ දුමින්ද ට එරෙහිව තීරණ ගන්න තැන පද්මිනී සිටීම සතුටට කරුණක් බවයි.


නමුත් තවමත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙමින් හරින්ලා සමාජයම බොරුවෙන් මුලාකරමින් සිටී

සමස්ත රට වැසියන්ම මුලා කරමින් රන්ජන් ලා නීතියේ දෙවගන දූශනය කලේ තක්කඩි පද්මිනී රණවකලා සමගය.මජර දේශපාලන ඩීල් කරුවන් වන ශානිලා සමගය.රන්ජන් පද්මිනි දුරකතන ඇමතුම සිදුවූයේ නඩු තීන්දුවෙන් පසු බව බොරුවෙන් පුන පුනා සමාජ ගත කරන්නට මාන බලන්නෙ සුදු රෙද්දෙන් හෙලුව වසා ගන්නට පමනි.හරින්ලා ගේ සුදු රෙද්දේ තුත්තිරිය. ඒවා ගලවා ඉවත් කරගන්නට වත් හරින්ලාට නොහැකිය.



*රංජන් ශානි දුරකතන ඇමතුම සිදුවන්නෙ නඩුවට කලින් දා ය

------------

දුමින්දගේ නඩු තින්දුව දෙන්නෙ හරියටම 2016 සැප්තැම්බර් මස 8 වෙනිදාය. ජුලි මාසයේ පද්මිනී ගේ සහ රන්ජන්ගේ සංවාදයට පසු යලිත් 2016 සැප්තැම්බර් මස 7 සවස 5.37ට හරියටම නඩු දිනයට කලින් දා යලිත් රංජන් ශානිට දුරකතන ඇමතුමක් ලබාදෙමින් යලිත් බලපැම් කලේය. ශානී රංජන් ගේ නිවසේ වලන්ද සෝදන්න සූදානම් බව කියන්නෙ එහිදීය.


මේවා හෙලුවැල්ලෙන් සිටිමින් සදාචාරය ගැන කියන්නාක් මෙනි.තමන්ගෙ හෙලුව වසා නොගෙන මේ කරන්නෙ අනුන්ගේ රෙදි වල පාට සෙවීමක් බව හරින්ලා නොදන්න කුක්කු බබාලා ය.


රන්ජන් ලා වෙනුවෙන් කඩේ යන කිසිවෙක් මොලයක් ඇතිව දෙයක් තීරණය කරන්නට තරම් සවිඥානික නැති බව මේ සියල්ලෙන් ඔප්පු වෙයි. සමහරක් තක්කඩීන් වෙනුවෙන් පෙනී  සිටින්නෙ එබැවිනි. 




තක්කඩි දේශපාලන තීරණනිසා අදටත් මුලින්ම වෙඩි වැදී බිම වැටුන දුමින්ද තවමත් සිර ගෙදර දුක් විදිමින් සිටී.


යහපාලනය මජර දේශපාලන බල අරගලයේ මෙවැනි තක්කඩි තීන්දු හේතුවෙන් තවත් බොහෝ දෙනෙකු වෙනුවෙන් රටක් වෙනුවෙන් වැඩක් කල හැකි මිනිසුන් සිරබත් කමින් සිටීම රටේ කරුමයකි.



Monday, 11 January 2021

රන්ජන් පල්ලන්සේන කඳවුරට යවනවා -බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක


 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතාව පල්ලන්සේන නිරෝධායන මධ්යස්ථානය වෙත යොමුකරන බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

හිටපු රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතාට ශ්රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.
සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික එම තීන්දුව අද (12) දින ප්රකාශයට පත්කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ රිදී සීනුව වාසුදේව මැතිදුන්ගේ ජනවාරි 5වන දින පැවැත්වූ උපන්දින සාදයේ පින්තූර

 පාර්ලිමේන්තුවේ රිදී සීනුව වාසුදේව මැතිදුන්ගේ ජනවාරි 5වන දින පැවැත්වූ උපන්දින සාදයේ පින්තූර






ලංකාවම ගොඩ දැමිය හැකි “සේරුවාවිල රත්තරන් නිධිය ” කෙරෙහි රජයේ අවධානය


 ශ්‍රී ලංකාවට ස්ව ශක්තියෙන් නැගී සිටීමට වාසනාව උදා කරන රත්රන් ලෝහය සහිත නිධියක් සේරුවිල බුත්තල ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 54ක් පුරා විහිදී පැතිර තිබෙන බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නව වසරේ ශ්‍රී ලාංකිකයන් වෙත සුබ ආරංචියක් ගෙන එයි.

නවසිය පනස් ගණන්වලදී මෙම නිධිය සම්බන්ධව මුලින්ම කරුණු අනාවරණය කරගෙන තිබුණත් පැවැති කිසිම ආණ්ඩුවක් නිධිය කැණීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත. ‘ඉරිදා මව්බිම” භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් මේ පිළිබඳව විමසූ විට පැවැසුවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙම නිධිය යොදා ගැනීමට 2009 අගෝස්තු 14 ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර
තිබෙන බවයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෑතකදී සිදු කරන ලද තවත් සමීක්‍ෂණයකින් හෙළි කර ගත් තොරතුරුවලට අනුව මෙම නිධිය තුළ රත්රන් පමණක් නොව තඹ ලෝහයද විශාල වශයෙන් පවතින බවට තහවුරු කරගෙන ඇති අතර ලෝක වෙළෙඳපොළේ ඉහළම වටිනාකමක් ඇති ලෝහ ලෙස රන් හා තඹ සැලකේ.

මෙම නිධිය කැනීම ගැන අදහස අලුත් වූයේ පසුගිය 06 වැනිදා මෙම යපස් නිධිය හා හලාවත පනිරෙන්ඩාව යපස් නිධියේ කැණීම් රජයේ වැඩපිළිවෙළක් යටතේ සිදු කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහත්වරුන් අතර පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදීය.

මෙරට ඛනිජ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් රටේ ජාතික ආදායම උපරිමව වර්ධනය කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කිර්මට මේ සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

බුත්තල කුරම්පල යපස් නිධිය සහ හලාවත
පනිරෙන්ඩාව යපස් නිධිය කැනීම් කටයුතු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සිදු කිර්මට පැවැති සාකච්ඡාවට විමල් වීරවංශ, මහින්ද අමරවීර යන ඇමැතිවරු ද එම අමාත්‍යාංශවල ලේකම්වරුන් වන අනුෂ පැල්පිට හා
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල යන මහත්වරුද සහාභාගි වූහ.

පනිරෙන්ඩාව යපස් නිධිය වර්ග කිලෝමීටර් 26ක් පමණ වන බවත්, අවම වශයෙන් යකඩ ටොන් මිලියන 180ක් පමණ එහි තැන්පත් වී ඇති බවත් එම කාර්යාංශයේ නිලධාරීන් මෙහිදී ඇමැතිවරුන් දෙපළට පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඛනිජ සම්පත් සමස්තයක් වශයෙන් රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමට හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට තම අමාත්‍යාංශය සූදානම් බව මෙහිදී පැවැසූ පරිසර ඇමැති අමරවීර මහතා ඊට අදාළ සැලැස්ම සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ
නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාව යනු නිධානයක් මත සිට ගෙන පිටරටට අතපාන ජනතාවක් සිටින රටක් බවට පත්ව තිබෙන්නේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අඩුලුහුඩුකම් හේතුවෙන් බව අමරවීර ඇමැතිවරයා සඳහන් කළේය.

සේරුවාවිල නිධිය ගැන භූ විද්‍යා සමීක්‍ෂණ හා
පතල් කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද විමල් සිරිවර්ධන මහතාගෙන් ‘මව්බම’ කළ විමසුමකදී කීව්වේ එවකට පැවැති භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව 1971දී සිතියම් කිරීමේදී මුල් වරට මෙම නිධිය සොයාගත් බවයි. සේරුවිල නිධි අප්පු, කොල්ලකුලම් සහ සේරුවිල වශයෙන් ප්‍රධාන කොටස් තුනකට අයත් බවත් ප්‍රධාන නිධිය තිබෙන්නේ කොල්ලකුලම් කොටසේ බවත් ප්‍රධාන ධමනි 6ක් හෝ 7ක් අතර මෙම නිධිය මීටර් 20 දක්වා පළල්ව තිබෙන බවත් ප්‍රංශ භූ විද්‍යා ආයතනය වන (BRGM) සමඟ එකතු වී 1979 සහ 80 වර්ෂවල සමීක්‍ෂණ කටයුතු කළ බවත්, මීටර් 100ක් තරම් ගැඹුරට අරිප්පු නිධිය පවතින
බවත් මෙහි යකඩ මෙන්ම තඹද පිහිටා තිබෙන අතර තඹ තිබෙන ප්‍රදේශයේ රත්රන්න තිබෙන බවත් ආචාර්ය සිරිවර්ධන මහතා පැවැසීය.

මෙම නිධියේ කළ පර්යේෂණවලදී ලබාගත්
සාම්පල් යක්කල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පර්යේෂණාගාරයේදී කළ පරීක්ෂණවලදී මෙම නිධියේ රත්රන් තිබෙන බවට අනාවරණය කර ගත් බවද සිරිවර්ධන මහතා පැවැසීය.

පර්යේෂණ සඳහා අලුත් ක්‍රම යොදා ගැනීමෙන් මෙහි ඇති බනිජ සම්පත් ගැන පුළුල් තොරතුරු අනාවරණය කර ගැනීමට මෙන්ම මෙහි වටිනාකම කොතෙක්දැයි ඇස්තමේන්තු කරගත හැකි වෙතැයිද ආචාර්ය සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම – ඉරිදා මව්බිම

හරීන්ට ආරක්ෂාව දෙන්න – ඇමති නාමල් රාජපක්ෂත් පොලිස්පතිගෙන් ඉල්ලයි


 පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට උපරිම ආරක්ෂාව ලබා දිය යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අද (11) වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේදී අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇතුළු පිරිසක් සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ සමඟි ජන බලවේගය තුළ බොහෝ ප්‍රශ්න ඇති හෙයින් ඒවාට හරීන් ප්‍රනාන්දු මහතා මැදිහත්වී කුමන හෝ ප්‍රශ්නයක් ඇති වුවහොත් එහි වගකීම ජනාධිපතිතුමන් මත පැටවිය හැකි හෙයින් හරීන් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව සැලසිය යුතු බවට තමන්ද එකඟ බවයි.

”මම හිතන්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට ආරක්ෂාව දෙන්න ඕනේ. මොකද එතුමාගේ පක්ෂය ඇතුළෙත් බොහෝ ප්‍රශ්න තියෙනවා. අන්තිමට ඒ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්නවලට හරීන් මැදිහත්වුනොත් ඕකත් ජනාධිපතිතුමාගේ පිට දමයි. ඒ නිසා අපිත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා හරීන් ප්‍රනාන්දු මහත්මයාට උපරිම ආරක්ෂාව දෙන්න. මොකද විශේෂයෙන්ම පක්ෂයේ තිබෙන අභ්‍යන්තර ගැටළුත් එක්ක එතුමාට ඒ ආරක්ෂාව අවශ්‍යයි කියල අපි හිතනවා. පහුගිය දවසක පාර්ලිමේන්තුවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ දැන් සජිත් මහත්තයා ගාව ඉන්න හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කොමිෂන් සභා වාර්තා ඉදිරිපත් කරන්න කියල. එතුමා ඒකෙන් බලාපොරොත්තු වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නිවාස අමාත්‍යංශයේ රිපෝර්ට් ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියල. එහෙම බැලුවහම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හරීන් ප්‍රනාන්දු මහත්මයට ආරක්ෂාව දුන්නට කමක් නැහැ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

( Lankanewsweb )

Friday, 8 January 2021

මන්ත‍්‍රී වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස්

 

අටවෙනි පාර්ලිමේන්ව හෙවත් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට ලබාදීමට නියමිත බලපත‍්‍රයට ගෙන්වන වාහන මෝටර් රථවාහන බද්ද මත පනවන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කර ඇත.

මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මුදල් පනත යටතේ මෙම නිදහස් කිරීම සිදුකර ඇත්තේ වහාම කි‍්‍රයාත්මකවනපරිදිය. ඊට අදාල නියෝගය මුදල් අමාත්‍යංශයේ මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අති විශේෂ ගැසට් පත‍්‍රයක් ලෙස ජනවාරි 5 වැනිදා නිකුත් කර ඇතත් එහි මුද්රණ පිටපත තවම නිකුත් කර නැත. එම ගැසට් නිවේදනයට අදාල මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තු නිවේදනය අනුව, එම නියෝගය පසුගි දෙසැම්බර් 31 වන දා සිට කි‍්‍රයාත්මක වේ.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර 2019 ඔක්තෝබර් 31 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් වාහන ආනයනයේ සුඛෝපභෝගී බද්ද සම්බන්ධ නියෝග පනවා ඇති අතර, මහින්ද රාජපක්ෂ මහතා කර ඇත්තේ, එම නියෝගයට හා ඊට අදාල අනෙකුත් ගැසට් පත‍්‍ර නියෝගවලට අදාළ වන පරිදි බලපත‍්‍ර මත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ආනයනය කරන වාහන සදහා එම බද්ධ ඉවත් කිරීම බව අනිද්දා පුවත්පත වාර්ත කර තිබෙනවා.

එක් එක් වාහන කාණ්ඩයේ ඇති සාමාන්‍ය වාහනවල මිලට වඩා වැඩි මිලක් ඇති වාහන ගෙන්වීමේ දී හෙවත් මිල අභිබවා යෑමේදී මෙම සුඛෝපභෝගී ආනයන බද්ද පැනවීම සිදුකෙරේ.

බලපත‍්‍රයක් මත වාහන ගෙන්වීමේ දී බලපත‍්‍රයේ සදහන් මිල සීමාව ඉක්මවා වාහනයක් ගෙන්වීමේ දී සුඛෝපභෝගී ආනයන බද්ධ අය කෙරේ. කෙසේ වෙතත්, වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ට තවම වාහනස ආනයන බලපත‍්‍රය ලබා දී නැත.

මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත‍්‍රය අනුව, ලෝකයේ තිබෙන සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ හැකියාව තිබියදී, මේ බද්ධ ඉවත් කිරීමෙන් අදහස් වන්නේ, ඊටත් වඩා සුඛෝපභෝගී වාහන ගෙන්වීම සදහා නියෝගකිරීමක් බව රේගු නිළධාරියෙකු සඳහන් කර තිබෙනවා.