Random Posts

3/random/post-list

Thursday 26 November 2020

ලංකාවට විරුද්ද යෝජනාවක් බි‍්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරයි

 ලංකාවට විරුද්ද යෝජනාවක් බි‍්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරයි 



ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ඒ මහතා මෙසේද පැවසීය


ඊයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කරලා තියෙනවාශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට. ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් ආවොත් ඒක රටට ගැටඵවක්

2015 ට පෙර අප රට තිබූ තත්වය ඔබතුමාලා දන්නවා. අවුරුදු තුනක් අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල යෝජනා සම්මත උනා. 2015 අපේ රට හිටියේ ආර්ථික සම්බාධක අභියස. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂ මහතා එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. මේ කාරණය රටට ඉතාම වැදගත්. ඒ නිසා මේ පිළිබදව වහාම පියවර ගන්න.

– මාධ්‍ය ඒකකය



0 comments:

Post a Comment