Random Posts

3/random/post-list

Monday 30 November 2020

බීමතින් නාගයෙකුට හාදුදෙන්න උත්සහ කළ පුද්ගලයාට නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට


 

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්‍රියේ බීමතින් සිටි පුද්ගලයෙකු නයෙකු අල්ලා ගෙන එම නයා සමඟ විවිධ ක්‍රියාකාරම් කිරීමට ගිය පුද්ගලයෙකුට එම නයා දෂ්ඨ කිරීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ මියගිය පුද්ගලයා බීමතින් සිටි අවස්ථාවක ගෙවත්තට නයෙකු පැමිණ ඇති අතර, අදාළ පුද්ගලයා නයා අල්ලා නයාට හාදුදීමට හා තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකිරීමට ගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා නයා අල්ලා විවිධ ක්‍රියාකාරකම් සිදුකොට අනතුරුව නයා කැළැවට විසිකොට නිදා ගැනීමට ගොස් ඇති අතර, අදාළ අවස්ථාවේ ශරීරයේ වේදනාවක් හටගැනීමෙන් අනතුරුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් පවසාසිටින්නේ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (30) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නයා දෂ්ඨ කිරීමෙන් ඇතිවූ නයි විෂ හේතුවෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වි ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ නයෙකු අල්ලා විසි කිරීමට ගිය අවස්ථාවක පුද්ගලයෙකුට නයෙකු දෂ්ඨ කිරීමෙන් වයස අවුරුදු 50 පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

නයා අල්ලා විසි කිරීමට ගිය අවස්ථාවේ නයා අදාළ පුද්ගලයාට පහරදි ඇති අතර, නයා ඇල්ලු පුද්ගලයා නයා අල්ලා විසිකොට නිවසේ නිදා ගැනීමට ගිය අවස්ථාවේ ඇති වු රෝගී තත්වයක් මත පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වි ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

0 comments:

Post a Comment