Random Posts

3/random/post-list

Friday 27 November 2020

බැටිකලෝ කැම්පස් හැදුවේ ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පයටයි.. ෂරියා නීතියට විෂයන් දෙකක් සැලසුම් කලා.. කොරෝනාවෙන් පසු අරින්න බලාපොරොත්තු වෙනවා..- හිස්බුල්ලා


 පවතින කොරෝනා ව්‍යාප්තිය අවසන් වීමෙන් පසු රජය සමඟ සාකච්ඡා කර මඩකලපු විශ්ව විද්‍යාලය විවෘත කිරීමට බලාපොරොත්තු වන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

මඩකලපු විශ්ව විද්‍යාල යනු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවත් තමන් විසින් මෙය ඉදිකළේ නැගෙනහිර පළාතේ දුප්පත් අහිංසක ළමයින්ට ඉගෙන ගැනීමට යැයි ද ඔහු සඳහන් කළේ ය.

මෙය වැඩ අවසන් වෙද්දී ආසියාවේ ලොකුම විශ්වවිද්‍යාල බවට පත්වන බවත් අක්කර 100ක ප්‍රමාණයක ඉදිකිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහු කියා සිටියේය.

වැඩ අවසන් වූ පසු සිසුන් දස දහසකට පමණ එකවර අධ්‍යාපන ලැබීමට හැකි වන බව පැවසූ ඔහු මේ සඳහා අරාබියේ සමාජ සේවා සංවිධානයකින් රුපියල් බිලියන 3.6 ක මුදලක් ලැබී ඇතැයිද කියා සිටියේය.

සම්පූර්ණ ඉදි කිරීම අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 18 ක් පමණ වියදම් වී යයි ඇස්තමේන්තු කර ඇතැයිද ඔහු පැවසීය.

මෙම විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පිය සඳහා යොදා ගෙන ඇත්තේ අරාබි ගෘහනිර්මාන ශිල්පිය නොව ඉස්ලාම් ගෘහනිර්මාන ශිල්පිය බවද ඔහු පැවසීය.

ෂරියා නීතිය ඉගැන්වීමට සම්බන්ධයෙන්ද මුලින් අරමුණක් තිබුණද නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබිය යුතු නිසා දැනට විෂයන් අටකට අඩුකර ඇති බවද ඔහු කියා සිටියේය.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියා සිටියේ මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බවයි.

එම ආයතනය උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස පිළිගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද උපාධි පිරිනැමීමට එම ආයතනය කිසිම බලයක් පවරා නොමැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.


0 comments:

Post a Comment