Random Posts

3/random/post-list

Thursday 26 November 2020

කොවිඩ් 19 වෛරසය අසාදනය වු පාසල් සිසුවෙකු හමුවිමත් සමග හැටන් කුයිල්වත්ත දමිල විද්‍යාලයට සිදුවූ දේ...


 කොවිඩ් 19 වෛරසය අසාදනය වු පාසල් සිසුවෙකු හමුවිමත් සමග හැටන් කුයිල්වත්ත දමිල විද්යාලයට සිදුවූ දේ...

-----------------------------------------------------------------------------------------------
හැටන් කලාප අධ්යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල කුයිල්වත්ත දමිල මහා විද්යාලයට ළමුන් එවිමෙන් වැලකි සිටිමට එම ළමුන්ගේ දෙමව්පියන් කටයුතු කර තිබෙනවා.
ඒ, එම පාසලේ 12 වසරේ අධ්යාපනය ලැබු පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති අතර, එම සිසුවා ඊයේ දින පාසලට පැමිණ පන්ති කාමරයේ රැදි සිටීම හේතුවෙන්.
එම සිසුවා ඔරුගොඩවත්ත ප්රදේශයේ සිට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය විමත් සමග යළි නිවස කරා යොමු කිරීමටයි විදුහල්පතිවරයා කටයුතු- කර ඇත්තේ.
වටවල මහජන සෞඛ්ය පරික්ෂකවරුන් විසින් එම සිසුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට පිසිආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු කරගෙන තිබෙනවා.
අනතුරුව එම අසාදිත සිසුවා හම්බන්තොට නිරෝධායන මධ්යස්ථානය කරා යොමු කර, සිසුවාගේ ආශ්රිත සිසු සිසුවියන් 19 දෙනෙකු ඊයේ පස්වරුවේම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්.

0 comments:

Post a Comment