Random Posts

3/random/post-list

Monday 30 November 2020

LPL තරගාවලියේදී ක්‍රීඩකයෙකුව දූෂිත ක්‍රියාවලට පොළඹවා ගැනීමේ උත්සහයක්


 හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් ඉකුත් 26වැනිදා ඇරඹු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී ක්‍රීඩකයෙකුව දූෂිත ක්‍රියාවලට පොළඹවා ගැනීමට උත්සහ කිරීමේ චෝදනාව මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අරඹා තිබෙනවා.

සැක සහිත ක්‍රියාවක් සම්බන්ධයෙන් වාර්තා වීමෙන් අනතුරුව කණ්ඩායමෙන් ඉවත්කළ මෙම ක්‍රීඩකයා 2012 සිට 2016 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු යවන ක්‍රීඩකයෙක්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වීමෙන් පසු විවිධ T 20 ලීග් තරගාවලියට සහභාගී වී තිබේ.

ඔහු දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති නමුත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් දඬුවමින් බේරී ඇති බව ක්‍රිකට් බලධාරීහු පැවසූහ.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු රත්නායක ක්‍රීඩකයාව මෙලෙස පොළඹවා ගැනීමට උත්සහා දර ඇති අතර රත්නායක වමතින් ඕතඩොක්ස් දඟ පන්දු යවන්නා සහ දකුණතින් පිට දඟපන්දු යන දෙයාකාරයෙන්ම පන්දු යවන ක්‍රීඩකයෙක් වන අතර දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයා මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති හෙයින් තරිඳු රත්නායක ඔහු පිළිබඳව දැන සිට ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දූෂිත ක්‍රියාවන්ට පෙළඹවූ වට්ස්ඇප් (Whatsapp) පණිවිඩයක් ලැබීමෙන් පසු රත්නායක විසින් මේ පිළිබඳව අදාළ අංශ වෙත වාර්තා කර තිබුණි. මෙවර LPL තරඟාවලියේදී රත්නායක Colombo Kings නියෝජනය කරයි.

තරඟාවලිය ආරම්භයට ආසන්නයේදී මෙවැනි දෙයක් සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු කණගාටුවට පත්ව සිටින අතර ක්‍රීඩකයින් ක්‍රීඩාවේ දූෂණ බැරෑරුම් ලෙස සැලකීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ඔවුන් සඳහන් කරයි.

“ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් අන්තරායන් පිළිබඳව අපගේ තරුණ ක්‍රීඩකයින් දැනුවත් කිරීම සඳහා අපි බොහෝ කාලයක්, ශක්තියක් සහ මුදල් ප්‍රමාණයක් වැය කර ඇති අතර සිද්ධිය වාර්තා වීම ගැන අපි සතුටු වෙමු” යැයි ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.

Colombo Kings කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ ප්‍රශංසාවට ලක්විය. “Colombo Kings කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ සිය සියලුම ක්‍රීඩකයින් රැස්වීමක් සඳහා කැඳවා ඇති බවත්, තරඟ පාවාදීම් සම්බන්ධයෙන් සිදුවිය හැකි කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වන ලෙස ඔවුන්ට අනතුරු අඟවා තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු සිය සතුට පළකර ඇත.

දූෂණය සම්බන්ධයෙන් තහනම් කරන ලද ඉන්දීය ක්‍රීඩකයෙකුට මැතිව්ස් නායකත්වය දරන Colombo Kings කණ්ඩායමට ලබා ගැනීම සඳහා යාමේදී මැතිව්ස් එයට දැඩි ලෙස විරුද්ධ වූ බව එම නිලධාරියා පැවසීය.

LPL ඉකුත් නොවැම්බර් 26 වනදා හම්බන්තොට ආරම්භ වූ අතර , මෙම තරඟාවලිය යථාර්ථයක් බවට පත්කිරීමේදී සංවිධායකයින්ට මුහුණ දීමට සිදු වූ අවසාන දුෂ්කරතාව මෙයයි.තරඟාවලිය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සංවිධායකයින් කෙටි කාලයක් තුළ Covid-19 වසංගතය හමුවේ කටයුතු කරන ලදී.

තරඟාවලියට විදේශ ක්‍රීඩකයින් ගෙන්වීම, ඔවුන් නිරෝධායනය කිරීම , නැවත පුහුණව ආරම්භ කිරීම සහ තරඟාවලිය සදහා සහභාගී වන සියලුම කාර්ය මණ්ඩල සේවකයින් සෞඛ්යාරක්ෂිතව ස්ථානගත කිරීමට සෞඛ්‍ය බලධ්රින්ගේ උපදෙස් පරිදි ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබීය.

The Island‘ පුවත්පත ඇසුරින්

0 comments:

Post a Comment