Random Posts

3/random/post-list

Saturday 28 November 2020

ෆිච් රේටින් පහත හෙලීම පිළිගන්නේ නැහැ – මුදල් අමාත්‍යාංශය


 

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ණය ෆිච් රේටින් වර්ගීකරණයට අනුව “CCC” දක්වා පහත හෙලීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

“රටේ ආර්ථික ස්ථායිතාව සහතික කිරීම හා ගැටලු විසඳීම සඳහා නව රජයේ ශක්තිමත් ප්‍රතිපත්ති රාමුව හඳුනා ගැනීමට අපොහොසත්වන බැවින් මෙම පහත හෙලීම පිළිනොගන්නා බව අදාල නිවේදනයේ සදහන් වේ.

ණය මුදල් සම්බන්ධව 2021 රජයේ අයවැයේ ප්‍රධාන යෝජනා කිහිපයක් ෆිච් රේටින් විසින් නොසලකා හැර ඇති බව ද මෙහි වැඩිදුරටත් දැක්වේ.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ ෆිච් ශ්‍රේණිගත කිරීම් “පවත්නා මූල්‍ය ආකෘතිය” මත පදනම් වී ඇති අතර එය රජයේ ඉදිරි මූල්‍ය ආකෘතියට වඩා පසුගාමී ප්‍රවේශයක් බවයි.

“එවැනි ක්‍රියාමාර්ග මගින් හුදෙක් ෆිච් ශ්‍රේණිගත කිරීම්වල අගතිගාමී ප්‍රවේශයක් පෙන්නුම් කරන බව ද මෙමගින් දැක්වේ.

ඉදිරි කාල පරිච්ඡේදය තුළ රජය ආරම්භ කිරීමට කැපවී සිටින විකල්ප උපාය මාර්ග පිළිබඳව නිසි සැලකිල්ලක් නොදක්වා ඇති බව මෙහි සදහන් වේ .

ඊයේ, ෆිච් රේටින් ආයතනව (B-)බී සෘණ තත්ත්වයේ සිට ‘CCC’ දක්වා ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල පහත දමා තිබුණේ ණය අවදානමක් ඇති බව විග්‍රහ කරමිනි.

0 comments:

Post a Comment