Random Posts

3/random/post-list

Tuesday 1 December 2020

අජිත් රෝහණ මහතා ඉල්ලා අස්වේ


 තමා මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධ කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා අධිකරණ අමාත්‍යවරයා වෙත දන්වා යවා ඇත.

අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම් විසින් මෙම කමිටුව ඊයේ පත්කළේ විශ්‍රාමික විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් ය.

ඊට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද සාමාජිකයෙකු ලෙස පත්කර තිබූ නමුත් ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් පොලිස් මාධ්‍ යප්‍රකාශක ලෙස කටයුතු කරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වන නිසා එම වගකීමෙන් තමන් නිදහස් කරන ලෙසය.

මේ බව ඔහු ලිඛිතව දන්වා යවා ඇත

0 comments:

Post a Comment