Random Posts

3/random/post-list

Thursday 3 December 2020

කැරලි ගැසීම් ඉවරයි – ඇමරිකානු අල්කට්රාස් ක‍්‍රමයේ යාන්ත‍්‍රික සිරගෙයක් ඇඹිලිපිටියට..!


 කැරලි ගැසීම් මුළුමනින්ම ව්‍යර්ථ කිරීම සඳහා ඇමරිකාවේ අල්කට්රාස් ක‍්‍රමයේ යාන්ත‍්‍රික සිරගෙයක් ඇඹිලිපිටියේ ඉදිකිරීමට රජය තීරණය කර ඇත.

දැනට මෙරට පවතින සිරගෙවල් වසර 65 කට වඩා පැරණි නිසා සිරකරුවන්ට දොරවල් කැඞීම සහ වෙනත් සාහසික ක‍්‍රියා සිදු කිරීමට ඉඩ ලැබී තිබේ.

මෙම අල්කට්රාස් සිරගෙය මුළුමනින්ම සී. සී. ටී. වී. කැමරා පද්ධති සහ සිරකරුවන්ගේ රහසිගත සැලසුම් දැන ගැනීමේ සවන්දීමේ පද්ධතියකින්ද යුක්තවේ.

මෙසේ යාන්ත‍්‍රික සිරගෙයක් මුල්වරට ස්ථාපිත කිරීමෙන් පසු සිරකරුවන්ට තම කාමර වලින් එළියට ඒමට හෝ සිරකුටි කැඞීමට නොහැකි වෙයි.

අල්කට්රාස් අධිතාක්ෂණික සිරගෙයක් මෙරට ස්ථාපිත කරන්නේ මුල්වරටය.

කීර්ති වර්ණකුලසූරිය

0 comments:

Post a Comment