Random Posts

3/random/post-list

Friday 4 December 2020

මියගිය රැඳවියන්ගේ සිරුරු ආදාහනය නොකරන්නැයි දැනුම් දෙයි......


 මියගිය රැඳවියන්ගේ සිරුරු ආදාහනය නොකරන්නැයි දැනුම් දෙයි......

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයේදී මියගිය රැඳවියන්ට Covid-19 වෛරසය ආසාදනය වී තිබුණද, පශ්චාත් මරණ පරීක්ෂණය නිමාවන තුරු ඔවුන්ගේ සිරුරු ආදාහනය නොකරන ලෙස මානව හිමිකම් කොමිසම බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
බන්ධනාගාරයේ සිරකරු උද්ඝෝෂණය සහ ඉන් අනතුරුව හටගත් ගැටුමට ප්රධාන වශයෙන්ම එහි පැවති තදබදය ඇතුළු කරුණු තුනක් හේතු වී ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන බව වාර්තා කරනවා
එහි කොමසාරිස් රමණි මුත්තෙටුවේගම සඳහන් කලේ අධික තදබදය, Covid -19 වෛරසය පැතිර යාම ගැන පැවති බිය සහ එයට එරෙහිව පැවති උද්ඝෝෂණය යන කරුණු 03 යි.
නොවැම්බර් 29 දින හටගත් ගැටුම පිළිබඳව අවස්ථා 02 කදී බන්ධනාගාරය වෙත ගොස් මානව හිමිකම් කොමිසම කරන ලද විමසීම්වලින් අනතුරුව මූලික වාර්තාවක් ද නිකුත් කර තිබෙනවා.
මහර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට වහාම පියවර ගත යුතු බව එම වාර්තාවේ දැක්වෙන ප්රධාන නිර්දේශයක්.
සිරකරුවන්ගේ සෞඛ්යය හා ප්රතිකාර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බන්ධනාගාරවලට නව පිරිස් ඇතුළත් කිරීමේදී සියලූ දෙනා PCR පරීක්ෂාවකට ලක් කිරීම දෙවන නිර්දේශයයි.
සිරකරුවන් අතර ඇති බිය අවම කිරීම සඳහා වෛරසය ආසාදනය වූ සියලූ සිරකරුවන්ට වෙනම ප්රතිකාර හා පහසුකම් සැලසීම ද තවත් යෝජනාවක්.
මිය ගිය, තුවාල ලැබූ, රෝහල්ගත කළ සියලූ සිරකරුවන් පිළිබඳ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නිවැරදි තොරතුරු ලබා දීම මෙන්ම සිරකරුවන්ගේ ආහාර, ජලය, විදුලි, ඖෂධ ඇතුලූ සුබසාධන අඛණ්ඩව ලබා ගැනීමට පහසුකම් සැලසීම ද නිර්දේශ අතර වනවා.
මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විනිසුරුවන් නියෝජනය කරන ජාත්යන්තර කොමිසම ද ඒ සම්බන්ධයෙන් පූර්ණ, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කර තිබුණා.

0 comments:

Post a Comment