Random Posts

3/random/post-list

Sunday 6 December 2020

පාර පැත්තෙන් ආපු සද්දෙට මම දුවල යද්දී මගේ පැටව් දෙන්නයි බිරිදයි ලේ පෙරමින් වැටිලා හිටියා - දරුවන්ගේ පියා මරණ පරීක්‍ෂණයේදී හඬමින් කියයි


 - මහ පොළවත් නුහුළන එගොඩඋයනේ ඛේදවාචකය


පාර පැත්තෙන් ආපු සද්දෙට මම දුවල යද්දී මගේ පැටව් දෙන්නයි බිරිදයි ලේ පෙරමින් තැන තැන වැටිලා හිටියා. මල් කැකුඵ වගේ හිටපු මගේ දරු පැටව් දෙන්නා හොරු අරන් ගියා වගෙයි යනුවෙන් එගොඩඋයන මාරක රිය අනතුරෙන් මියගිය දැරියන් දෙදෙනාගේ පියාවන මුතුතන්ති‍්‍රගේ වාසනා රංග (27) මහතා මරණ පරීක්‍ෂණයේදී හ`ඩා වැටෙමින් සාක්‍ෂි දෙමින් පැවසීය.

පසුගිය 04 දා රාති‍්‍ර පානදුර මොරටුව අතර ගාලූ පාරේ එගොඩඋයන ප‍්‍රදේශයේ පදික මාරුව මත යතුරුපැදියක ගැටී මියගිය මාස 11 ක් වයසැති රිතුසි ආකර්ශා කුරේ සහ හත් හැවිරිදි මුතුතන්ති‍්‍රගේ රශ්මි මහිමා කුරේ නමැති දැරියන් දෙදෙනාගේ මරණ පරීක්‍ෂණ පානදුර හදිසි මරණ පරීක්‍ෂක දුමින්ද දේවපි‍්‍රය අධිකාරම් මහතා ඉදිරියේ ඊයේ (06 දා) දහවල් පැවැත්විණි.

බිරිඳ පොඩි දරුවා වඩාගෙන ලොකු දුව අතින් අල්ලගෙන මහ ගෙදර ගිහින් එන්නම් කියලා ගියා. මම බත් කමින් හිටියේ. ඩෝං ගාලා ශබ්දයක් ආවා. මම බත් පිගාන තියලා පාරට දිව්වා. බිරිඳ කහ ඉරේ එහාට විසිවෙලා. මම දුවලා ගිහින් බිරිඳවයි පොඩි දුවවයි එතන තිබුණු වෑන් එකක දාගෙන ගියා ලොකු දුවව ත‍්‍රීවිල් එකක දාගෙන පානදුර මූලික රෝහලට අරගෙන ගියා යනුවෙන් පැවසීය.

අපි පදිංචි වෙලා ඉන්නේ පුංචි ගේක ඒ ගෙදර දරුවන්ගේ දේහ තියන්න ඉඩක් නෑ. ඒ හින්දා අම්මලාගේ ගෙදර තමයි දරුවන් දෙන්නාගේ දේහ තැන්පත් කරන්න වෙන්නේ. මගේ බිරිඳට තුන් වැනි දරුවා ලැබෙන්න ඉන්නේ. එයාටත් හො`දටම අමාරුයි. කොළඹ ජාතික රෝහලේ ඉන්නේ මොකද කරන්නේ කියලා මට හිතාගන්නවත් බැහැ.

මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මරණ සිදුවී ඇති බවට පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ආටිගල මහතා විසින් නිකුත් කළ වාර්ථාවේ ස`දහන්ව තිබේ.

එගොඩඋයන පොලිසියේ කොස්තාපල් ඒ.කේ.ඞී.එන්. අරුණසිරි (61808) මහතා මරණ පරීක්‍ෂණය වෙනුවෙන් සහභාගි විය.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම(දිවයින)

0 comments:

Post a Comment