Random Posts

3/random/post-list

Sunday 6 December 2020

මරණ දඩුවම වින්දත් හැසිරීම හොද නම් නිදහස්


 මරණීය දඩුවම නියමව දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන් නිදහස් කර හැරීමට බන්ධනාගාර අමාත්යාන්ශයේ අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් වන යෝජනාවන් බන්ධනාගාර ප්රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතා අදාල පාරශවයන් වෙත දැනුම් දී ඇත.
සංවිධානාත්මක අපරාධ,මත් කුඩු ජාවාරම් හා ස්ත්රී දූශණ වැනි බරපතල ගනයේ අපරාධ වලට සම්බන්ධ නොමැති සිරකරුවන්ට එම සමාවලබාදීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
එම සිරකරුවන් නිදහස්කර හැරීම සම්බන්ධයෙන් සලකා බැලීමට පත්කරන කමිටුව මගින් නිර්දේශ කරන නිශ්චිත කාලයක් සිරගතව සිටිය උන් හා එම කාලයේ යහපත් දිවි පැවැත්මකින් යුතුව කටයුතු කල අය එසේ නිදහස් කර හැරීමට අවධානය යොමුව තිබේ.
මරණීය දඩුවම නියම සිරකරුවන්ගේ එම දඩුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවමක් බවට පරිවර්තනය කර ඉන්පසුව ඔවුන්ව එසේ නිදහස් කර හැරීමට අවධානය යොමුව ඇති බවටද වර්තා වේ.
මේ සම්බන්ධයෙන් විමසීමේදී බන්ධනාගාර ජේෂ්ඨ ප්රකාශකයෙක් කියා සිටියේ විවිද චෝදනා සම්බන්ධයෙන් මරණීය දඩුවමට ලක්වූවන් දහසක් පමණ දිවයිනේ විවිද ප්රදේශ වල බන්ධනාගාර වල රඳවා තිබෙන බවය.
කුමුදු උපුල් ශාන්ත-මව්බිම පුවත්පත

0 comments:

Post a Comment