Random Posts

3/random/post-list

Sunday 6 December 2020

පාසල් සිසුවියන්ට රජයෙන් නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට යයි.


 පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.මීට අදාළ උපදෙස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා වෙත ලබාදී ඇති බව දැනගන්නට ලැබේ.

ඒ අනුව මෙම වැඩ සටහන රජයේ පාසල්වල ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය අතර සාකච්ඡාවක් දැනටමත් ආරම්භ වී ඇති අතර ඉදිරියේදී මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

පාසල් දරු දැරියන් ලක්ෂ 42 ක් සිටින 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුවියන්ට මේ ආකාරයෙන් නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට නියමිතය.

6 ශ්‍රේණියේ සිට ඉහළට පාසල් සිසුවියන් ලක්ෂ 12ක පමණ සිටින අතර ඔවුන් සියලුම දෙනාට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට අපේක්ෂා කෙරේ.

පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමේ යෝජනාව 2015 වසරේදී ක්‍රියාවට නැංවීමට එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර තිබුණද 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් පසුව යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ එම යෝජනාව ක්‍රියාත්මක නොකෙරුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එහෙත් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුවියන් මුහුණ පන් දුෂ්කරතාවයන් ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වූ බවත් 2015 වසරේදී ක්‍රියාවට නැංවීමට තිබූ මෙම යෝජනාව වසර 5 කට පමණ නව රජය යටතේ ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

( MAWBIMA )

0 comments:

Post a Comment