Random Posts

3/random/post-list

Thursday 17 December 2020

අද පෙරවරු 8 සිට බස්නාහිර පළාතෙන් පිටතට යන සියළු දෙනා තැන් තුනක සිට ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කරයි.


 අද පෙරවරු අටේ සිට නැවත දැනුම් දෙනතුරු, බස්නාහිර පළාතෙන් පිටතට යන සියල්ලන් නැත් තුනකදී ඇන්ටිජන් පරීක්ෂාව සදහා යොමු කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

උත්සව සමයේ, බස්නාහිර පළාතෙන් පිටතට කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව, නුවර කොළඹ මාර්ගයේ නිට්ටඹුව ප‍්‍රදේශයේ දී, හයිලෙවල් මාර්ගයේ කොස්ගම සාලාව ප‍්‍රදේශයේ දීත්, හලාවත කොළඹ මාර්ගයේ කටුනායක දීත් මෙසේ බස්නාහිර පළාතෙන් පිටත්ව යන මගීන් ඇන්ටිජන් පරීක්ෂාව සදහා සැලසුම් කර තිබේ.

පොලිසිය සහ ප‍්‍රදේශය භාර සෞඛ්‍ය නිළධාරීන්ගේ මැදිහත් වීමෙන් මෙම කාර්ය සිදුකිරීමට නියමිත ය.

0 comments:

Post a Comment