Random Posts

3/random/post-list

Tuesday 22 December 2020

වසර 35ක රාජ්‍ය සේවය නිම කර විශ්‍රාම යන කිර්ති බටපොල මහතා තම රාජකාරි කළ වාහනයට ගෞරවය පුද කල ආකාරය


 කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඹ්විට ප්රාදේශීය ලේකම් කාර්යාලයේ රියදුරු කීර්ති බටංගල මහතා අද 35 වසරක රාජ්ය සේවයට සමු දුන්නා.


රාජ්ය සේවයේ රියදුරෙක් වීම ලේසී පහසු වැඩක් නෙවෙයි.

මම යටියන්තොටට එනකොට යටියන්තොට රියදුරු හිටියේ ජයලත් අයියා.

දවසක් සීපොත් ගිහින් එනකොට මනුස්සයෙක් පාරට පැනලා කැබ් එක නැවැත්තුවා.
"අනේ ලොකු අයියේ...අද බස් එක නෑ....කෙල්ලට පන්ති පරක්කු වෙනවා .ටවුමට ගිහින් දානවද?".
ජයලත් අයියා විනාඩියක් නිහඬව හිටියා . පර්ස් එක ඇදලා රුපියල් දාහක් ගත්තා.අර මනුස්සයා අතට දුන්නා...
"ත්රීවිල් එකක කෙල්ල යවපං"

එහෙම කියලා කවදාවත් නැති තරං වේගෙන් ආවා.

"ඒ කවුද?" මම ඇහුවා.
"මගේ ලොකු මල්ලි!" උත්තර දුන්නා.
මට මාර තරහයි.
"යකෝ සහෝදරයා තමන්ගෙ දරුවා පන්තියට දාන්ඩ කියපුවම සල්ලි දික්කරලා ලොකුකං කරනවද?"..ආණ්ඩුවේ වාහනයක් එළෙව්වට එච්චර ලොකු කමක් තියෙන්ඩ පුළුවන්ද?" මම ගේම ඉල්ලුවා.
"සර් මඟුළක් කතා කරනවා..රාජකාරි වෙලාව අපි ඔය කෙල්ල වාහනෙට දාගෙන යනකොට අතරමගදි ප්රාදේශීය ලේකම් තුමා හරි දිසාපතිතුමා හරි කතා කරලා ආපහු යන්ඩ කියනවා..නැත්කං වෙන දිහාවක යන්ඩ කියනවා..එතකොට අපි ඔය දැරිවි මහපාරේ දාලා යන්ඩද?...නැත්තං අරන් යක්ඩද?...මහපාරේ දාලා ගිහින් කරදරයක් උනොත් අපි දෙන්නා මොකක්ද දෙන උත්තරේ..... අනික් අතට අපි දෙන්නා යන රාජකාරී ගමනෙදි මොකක්හරි අවුලක් වුනොත් අපි දෙන්නට කතා කරලා බොරුවක් හදා ගන්ඩ පුළුවන්...ඒත් ඔය කෙල්ලට ඒ බොරුව උගන්වන්ඩ අපිට පුළුවන්ද?...මල්ලිගේ තියා මගේ දරුවෙක්වත් මේ වාහනෙට රාජකාරී වෙලාවෙදි දාගන්නේ නෑ..පණ ඇද ඇද හිටියත්"
ජයලත් අයියා කිව්වේ එහෙමයි. මගේ රාජකාරී දිවියේ පළවෙනි බරපතල පාඩම ඉගෙන ගත්තේ එදා...

තමන්ගේ වගකීම වාහනේ පදවන එකට සීමා නොකළ වගකීමක් වගවීමක් තිබුණු අය...

ආන්න ඒ පරම්පරාවේ රියදුරු මහත්කයෙක් තමයි බටංගල අයියාත්.
තමන්ගේ විතරක් නෙවෙයි ...තව හය හත් දෙනෙක්ගේ ජීවිත තියෙන්නේ මේ යකඩ ගොඩ උඩ බව දැනගෙන හිටපු..තමන්ගේ රස්සාව මේ යකඩ ගොඩ නඩත්කු කරමින් අනිත් ජීවිත රකිමින් රාජකාරියට පහසුකම් සලසන එක බව දැනගෙන හිටපු..දැනගෙන ඉන්න අතලොස්සක් දෙනාගෙන් කෙනෙක්...

ඉතිං..මේ දණ ගහලා වදින්නේ ඒ යකඩ ගොඩට විතරක නෙවෙයි..පරම්පරාවක අභිමාණයට හා ඇඟයුම්වලට...

අපෙන් ගිලිහිලා යන්නේ අපිට අහිමි වෙන්නේ හරියට රස්සාව කරන අය විතරක් නොවයි. උණකින් හැඟීමකින් දැනීමකින් රස්සාව කරන අය..රස්සාවට ආදරෙන් රස්සාව කරන අය..

සුබ විශ්රාම දිවියක් වේවා!

(📷 දෙහිඕවිට ප්රාදේශීය ලේකම් කාර්යාලයීය පිටුවෙනි)

0 comments:

Post a Comment