Random Posts

3/random/post-list

Sunday 20 December 2020

එදා හිටියෙ සිහියෙන් නෙමේ,මීඩියා,ෆේස්බුක් මාව විනාශ කරා..ධම්මික බණ්ඩාර අඩමින් සමාවගනි..ලබන වසරේ මුහුද ගොඩගලන බවත් කියයි.VIDEO


 කොරෝනා වෛරසය විනාශ කිරීමට 100% සාර්ථක කිසිදු එන්නතක් හෝ ඖෂධයක් කිසිදු රටකට සොයාගැනීමට තවමත් නොහැකි වී ඇත.මේ වනවිට සොයාගෙන ඇති එන්නත් පවා 100% සාර්ථක නැති අතර එම එන්නත් භාවිතාකළ ඇතැම් අයටද විවිධ අසාත්මිකතා ඇතිවී තිබෙනවා.මේ හේතු සමඟ මෙරටින් කොරෝනා විනාශකිරීමට හැකි යැයි පවසමින් කරලියට ආ ධම්මික පැණිය අපේ රටේ බොහෝ පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් විය.

එහිදී ධම්මික පණ්ඩාර මහතා පවසන්නේ අටමස්ථානාධිපතිහිමි ඉදිරියේ එදා හැසිරුණු ආකාරය තමන් සිතාමතා සිදුකළ යුත්තක් නොවන බවයි.එම සිදුවීම අලලා මාධ්‍ය හා ෆේස්බුක් හරහා තමන්ට විවිධ මඩ එල්ල කරන බවද ඔහු මෙහිදී කියා සිටිනවා.

එමෙන්ම මෙහිදී බොරැල්ලේ සිරිසුමන හිමිද මෑතකදී තමන් හදුනාගත් බවත් සිරිසුමන හිමි තමන්ට බෙහෙත් නිෂ්පාදන කිරීමට රුපියල් ලක්ෂ 10 ක්ද පරිත්‍යාග කළ බවද ඔහු කියා සිටිනවා.නමුත් ඒ හිමියන්ගේ කල්ක්‍රියාව නිසා එම මුදල් මේ වනතෙක් භාවිතා නොකළ බවද ධම්මික බණ්ඩාර මහතා පවසනවා.

මේ වනවිට මේ බෙහෙත සොයාගත් එක ගැන තමන් කලකිරෙන බවත්,ඒ හේතුවෙන් තමන්ට නිකරුනේ නින්දා අපහාස විදීමට සිදු වී තිබෙන බවද ඔහු මෙහිදී කියා සිටිනවා.

තමන් කිසිදු ලාභයකින් තොරව තමන්ගේ මුදල් වියදම් කරමින් ලෝක සත්වයා වෙනුවෙන් සැදූ බෙහෙතට බොහෝ දෙනා උසුලු විසුලු කරන බවත් ඒවා ඉවසාගෙන තමන් මේ ගමන යන්නේ අහිංසක මිනිසුන් සුවපත් කිරීමට බවත් ධම්මික බණ්ඩාර වෙද මහතා කියා සිටිනවා.

එමෙන්ම පසුගිය කාලයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද තමාගෙන් ආශිර්වාද ලබාගෙන ඇති බවත්,තමන් ඔහුට විපක්ෂනායකකම සහ අගමැතිකමද ලබාදුන් බවත් ඔහු පවසනවා.නමුත් දැන් රනිල්.වික්‍රමසිංහ මහතාද මෙම පැණියට එන්ජින් ඔයිල් ලෙස විහිලු කරන බවත් කියා සිටිනවා.

එමෙන්ම සත්තකින්ම ලබන වසරේදී මුහුද ගොඩගලන බවත් තමාගේ ජීවිතය පරිත්‍යාග කර හෝ එය වළක්වාගැනීමට තමන් සාගර කාළිට කන්නලව් කළ බවද පවසනවා.මෙම රට බේරාගැනීමට කිසිවෙකු නැති බවත් ඉන්නේ තමන් පමණක් බවද කෑගැල්ලේ ධම්මික බණ්ඩාර මහතා පවසනවා.එම සම්පූර්ණ සාකච්ඡාව පහතින්,



0 comments:

Post a Comment