Random Posts

3/random/post-list

Monday 7 December 2020

WHO අනුමැතිය නැති කොරෝනා මර්ධන ඖෂධ තොගයක් ලංකාවට ගෙන්නලා


 කොරෝනා මර්දනය සඳහා තවමත් පර්යේෂණ අවස්ථාවක පවතින ජපානයේ නිෂ්පාදනය කර ඇති ‘අවිගන්’ නම් ඖෂධය මෙරටට ගෙන්වා තිබෙන්නේ කුමන අවශ්‍යතාවයකටදැයි සෞඛ්‍ය අංශ වල කතාබහක් ඇතිවී තිබේ.

කොරෝනා වෛරසය සඳහා ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක්ම ඖෂධ සහ එන්නත් සොයමින් සිටින අතර කිසිදු එන්නතකට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය හිමි වී නැත.

අදාළ ඖෂධය මෙරටට ගෙන්වා ගැනීමට ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නැත.

එමෙන්ම මෙවැනි ඖෂධයක් මෙරටට ගෙන්වීමේ දී ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබාගත යුතුව ඇතත් එයද ලබාගෙන නැත.

ජපානය ද මෙම බෙහෙත භාවිතයට ගන්නේ ද නැද්ද යන්න ගැන තවමත් පර්යේෂණ පවත්වමින් සිටින අතර එය මිනිසුන් වෙනුවෙන් යොදා ගැනීමට ජපාන සෞඛ්‍ය බලධාරීන් හෝ අනුමැතිය ලබා දී නැත.

මෙම ඖෂධය වෙළඳපොළට නිකුත්කර ඇත්තේ උණ සෙම්ප්‍රතිශ්‍යාවට ගන්නා ඖෂධයක් ලෙසිනි.

මේ සම්බන්ධයෙන් ඖෂධ සංස්ථාව ‍ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එකී ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ නිදර්ශක වශයෙන් පමණක් බවත් ඒවා පරීක්ෂාකර බැලීමට පහසුකම් නැති නිසා එම තොගය ආපසු යැවීමට කටයුතු කරන බවත්ය.

( උපුටාගැනීම – ලංකා සී නිව්ස් )

0 comments:

Post a Comment